ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යවයි!
අනිවාර්ය නිවාඩු ගන්වා ඇති කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිදු කාර්යාලයකට හෝ සේවා ස්ථානයකට ඇතුළු වීම සාමාන්‍යාධිකාරීවරයාට තහනම් වේ. එමෙන්ම සභාපතිවරයාගේ පූර්ව අනුමැතියකින් තොරව විදේශගත වීමට ද ඔහුට අවසර හිමි නොවේ.
LSN Sri Lanka ·
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) සාමාන්‍යාධිකාරීවරයාව වැටුප් සහිතව අනිවාර්ය නිවාඩු ගැන්වීමට පියවර ගෙන ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ. සිරිනාථ විසින් ලිඛිත දැනුම්දීමක් නිකුත් කරමින් අදාළ නිලධාරියා වෙත මෙම තීරණය දැනුම් දී තිබේ.

අනිවාර්ය නිවාඩු ගන්වා ඇති කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිදු කාර්යාලයකට හෝ සේවා ස්ථානයකට ඇතුළු වීම සාමාන්‍යාධිකාරීවරයාට තහනම් වේ. එමෙන්ම සභාපතිවරයාගේ පූර්ව අනුමැතියකින් තොරව විදේශගත වීමට ද ඔහුට අවසර හිමි නොවේ.

ආයතන සංග්‍රහය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විනය පටිපාටීන් උල්ලංඝනය කරමින් සිදුව ඇති බව කියන බරපතල ගණයේ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳ මූලික අනාවරණයන්ගෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
සාමාන්‍යාධිකාරීවරයාට එරෙහි චෝදනා තහවුරු වුවහොත් රටේ පවතින නීතියට අනුව නීතිමය පියවර ගන්නා බව සභාපති සිරිනාථ ප්‍රකාශ කළේය.