Sport · Sri Lanka Bureau
ලෝකයේ අංක 01 ස්ථානය තමන්ගේම බව රුමේෂ තරංග යළිත් තහවුරු කරයි!
ස්විට්සර්ලන්තයේ ලෝසෑන් නුවර ස්ටේඩ් ඔලිම්පික් ඩි ලා පොන්ටයිස් ක්‍රීඩාංගණයේදී පැවැති ඇත්ලෙටිසිමා ලෝසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරාජ සමත් විය.
LSN Sri Lanka ·

ස්විට්සර්ලන්තයේ ලෝසෑන් නුවර ස්ටේඩ් ඔලිම්පික් ඩි ලා පොන්ටයිස් ක්‍රීඩාංගණයේදී පැවැති ඇත්ලෙටිසිමා ලෝසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරාජ සමත් විය. එහිදී ඔහු මීටර් 88.14ක දුරක් සටහන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක මළල ක්‍රීඩා පිරිමි හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල නැවතත් පළමු ස්ථානයට පැමිණීමට ඔහුට හැකි වී තිබේ. පැවැති ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප්‍රසාද ලකුණු 1,363ක් ලබා ගනිමින් ඔහු පෙරමුණේ පසුවන අතර ජර්මනියේ ජූලියන් වේබර් ප්‍රසාද ලකුණු 1,342ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.

තරගය දිගහැරුණු ආකාරය

රුමේෂ් තාරංග ආරම්භයේ සිටම ප්‍රබල තරගකාරීත්වයක් පෙන්නුම් කළේය. ඔහුගේ පළමු උත්සාහයේදී මීටර් 85.99ක දුරක් සටහන් වූ අතර, දෙවැනි උත්සාහයේදී එය මීටර් 87.06 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ඔලිම්පික් ශූර නීරජ් චොප්රා සිය දෙවැනි උත්සාහයේදී මීටර් 88.05ක වාරයේ හොඳම දක්ෂතාව සටහන් කරමින් තාවකාලිකව තරගයේ පෙරමුණ ගත්තේය. ඊට වහාම ප්‍රතිචාර දැක්වූ රුමේෂ්, සිය තෙවැනි උත්සාහයේදී මීටර් 88.14ක දුරක් හෙල්ල විසි කරමින් සෙන්ටිමීටර 9ක පරතරයකින් නැවතත් තරගයේ පෙරමුණ තහවුරු කර ගත්තේය.

ඉන්පසු පැවැති වටවලදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම එම දක්ෂතාව ඉක්මවා යාමට නොහැකි විය. රුමේෂ්ගේ සමස්ත උත්සාහයන් මීටර් 85.99, 87.06, 88.14, 86.71, බලරහිත උත්සාහයක් සහ බලරහිත උත්සාහයක් ලෙස සටහන් විය. නීරජ් චොප්රාගේ උත්සාහයන් සටහන් වූයේ මීටර් 83.54, 83.72, 88.05, බලරහිත උත්සාහයක්, බලරහිත උත්සාහයක් සහ 82.15 ලෙසය.

තරගයේ අවසාන ප්‍රතිඵලය

රුමේෂ් තරංග පතිරාජ (ශ්‍රී ලංකාව) – මීටර් 88.14

නීරාජ් චොප්රා (ඉන්දියාව) – මීටර් 88.05 (වාරයේ හොඳම දක්ෂතාව)

ඇන්ඩර්සන් පීටර්ස් (ග්‍රෙනාඩාව) – මීටර් 86.69

කෙෂෝර්න් වෝල්කොට් (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ) – මීටර් 83.71

මාර්ක් ඇන්තනි මිනිචෙල්ලෝ (ඇමෙරිකා එක්සත් ජනපදය) – මීටර් 80.06

කර්ටිස් තොම්සන් (ඇමෙරිකා එක්සත් ජනපදය) – මීටර් 78.13

යාකුබ් වඩ්ලෙයිච් (චෙක් ජනරජය) – මීටර් 77.32

ආතර් ෆෙල්ෆ්නර් (යුක්‍රේනය) – මීටර් 74.84

සයිමන් වීලන්ඩ් (ස්විට්සර්ලන්තය) – මීටර් 73.23

තරගයට එක්වීමට නාමලේඛනගත කර සිටි ජර්මනියේ ජූලියන් වේබර් මෙම තරගයට සහභාගී නොවීය. ඔහු නිල ඇතුළත් කිරීම් ලැයිස්තුවේ සිටියද තරගය ආරම්භ නොකළ අතර අවසන් ප්‍රතිඵල ලැයිස්තුවටද ඔහුගේ නම ඇතුළත් නොවීය. තරගයට පෙර දින නිකුත් වූ වාර්තා මඟින් ඔහු තරගයෙන් ඉවත් වූ බව තහවුරු විය. ඊට නිශ්චිත හේතුවක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, ඔහු පෙර පැවැති තරග වාරයේදී උරහිසේ ආබාධවලින් පෙළී තිබුණද, මෙම තරගය අහිමි වීමට හේතුව එම ආබාධයන්මද යන්න තහවුරු වී නොමැත.

රුමේෂ්ගේ සාර්ථක තරග වාරයේ පසුබිම

මෙය 2026 වසරේදී රුමේෂ් තාරංග ලබාගත් තෙවැනි ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණයයි. ඔහු මීට පෙර දෝහා සහ රෝම ඩයමන්ඩ් ලීග් තරගවලදීද ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉකුත් ජූනි මාසයේදී රෝමයේදී ඔහු තැබූ මීටර් 92.62ක පෞද්ගලික හොඳම දක්ෂතාව, මේ වසරේ ලෝකයේ ඕනෑම ක්‍රීඩකයෙකු විසින් වාර්තා කරන ලද දීර්ඝතම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව ලෙස තවදුරටත් රැඳී පවතියි.

ග්ලාස්ගෝ හි පැවැති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමට ඔහු සමත් වූ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා රන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවටද පත්විය. මෑත කාලීනව පැවැති තරග කිහිපයකදීම නීරජ් චොප්රා අභිබවා යාමට රුමේෂ් සමත් වීම කැපී පෙනෙයි.

නිල තරග ප්‍රතිඵල සහ ලෝක මළල සංඛ්‍යාලේඛන තහවුරු කරන්නේ රුමේෂ් තාරංග 2026 වසරේ ලොව සිටින ප්‍රමුඛතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇති බවය.