ජාන කොල්ලයක යෙදෙමින් සිටි ජර්මන් ජාතික සැකකරුවන් 02ක් සහ දේශීය සංචාරක මග පෙන්වන්නෙක් වනජීවී දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට!
කාමරය පරීක්ෂා කිරීමේ දී සළඹයින්, උරගයින්, ඉත්තෑකූරු, කෘමි සතුන්, හතු, ගවයෙකුගේ දත්, මුව අස්ථි, බත්කූරන්, මොනර පිහාටු, සජීවී පිඹුරන්, සතුන් ඇල්ලීමට භාවිතා කරන උපකරණ, විවිධ රසායනික වර්ග අඩංගු බෝතල්, සත්ව සාම්පල රඳවන සහ සර්පයින් ඇල්ලීමට භාවිතා කරන උපකරණ ඇතුළු නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
LSN Sri Lanka ·

ජීවී වන සතුන් සහ අජීවී වන සත්ව කොටස් සන්තකයේ තබාගෙන සිටි ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තිස්සමහාරාම අධිකරණ බල සීමාවට අයත් රක්ෂිත ප්‍රදේශයකින් බැහැර ප්‍රදේශයක් වන බැබව උද්දකන්දර වන සංරක්ෂිත කලාපයේ දී මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් විසින් උරගයින් සහ කෘමි සතුන් එකතු කරන බවට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් සංචාරකයන් ලෙස පෙනී සිටිමින් රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක රැකවල්ලා පරීක්ෂණ පවත්වා තිබේ. ඒ අනුව සිදුකළ නිරීක්ෂණවල දී ජර්මන් ජාතික සංචාරකයන් දෙදෙනා සහ ඔවුන් සමග සිටි දේශීය සංචාරක මගපෙන්වන්නා නිරීක්ෂණය වී ඇත.

පසුව වනජීවී නිලධාරීන් තමන් කවුරුන්දැයි හඳුන්වා දී ඔවුන් පරීක්ෂා කර ඇති අතර, ඔවුන් රැඳී සිටි යාල නම්බා කඳවුරු බිම ද පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී නීතිවිරෝධී කිසිවක් හමු වී නොමැත.

කෙසේවෙතත්, දේශීය මගපෙන්වන්නා රැඳී සිටි නවාතැන පරීක්ෂා කිරීමේ දී ඔහු වෙනත් කාමරයක් පෙන්වීමට උත්සාහ කර ඇත. ඒ පිළිබඳ සැකසිතූ වනජීවී නිලධාරීන් එම ආයතනයේ කළමනාකරුගෙන් විමසා මගපෙන්වන්නාගේ සැබෑ කාමරය පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

එම කාමරය පරීක්ෂා කිරීමේ දී සළඹයින්, උරගයින්, ඉත්තෑකූරු, කෘමි සතුන්, හතු, ගවයෙකුගේ දත්, මුව අස්ථි, බත්කූරන්, මොනර පිහාටු, සජීවී පිඹුරන්, සතුන් ඇල්ලීමට භාවිතා කරන උපකරණ, විවිධ රසායනික වර්ග අඩංගු බෝතල්, සත්ව සාම්පල රඳවන සහ සර්පයින් ඇල්ලීමට භාවිතා කරන උපකරණ ඇතුළු නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ජීවී වන සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. නඩුව නැවත එළඹෙන 06 වනදා කැඳවීමට නියමිතය.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීතිවිරෝධී අයුරින් සත්ව කොටස් ඇතුළු ජීවී සතුන් එකතු කරමින් ජාන මංකොල්ලයක නිරත වූ විදේශිකයන් මීට පෙර ද වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ කේ.ඩී.එන්.මුතුකැළුම්ගේ මෙහෙයවීමෙන්, වනසත්ව අඩවි ආරක්ෂක තරංග සිරිසේන සහ නලින්ද පෙරේරා, වනසත්ව අඩවි සහකාර හෂාන් හෙට්ටිආරච්චි, කසුන් සෝමසිරි, ඩබ්.පී.ප්‍රගීත් මධුසංක, එස්.ටී.රුවන් කුමාර, වනසත්ව නියාමක ආර්.එම්.බී.රත්නායක, රියදුරු එම්.ජී.චමින්ද සහ රියදුරු ආර්.ජී.ධනරත්න යන නිලධාරීන් විසින් සිදුකර ඇත.