LSN News › Sri Lanka

අකුරණ පුද්ගලයින් සිවු දෙනෙක් මරා දැමූ අනතුරේ ලොරි රියදුරු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට!

ලොරි රථය අකුරණ කුරුගොඩ බෑවුම ඔස්සේ පැමිණෙන අවස්ථාවේ එහි තිරිංග ක්‍රියා විරහිත වූ බව අත්අඩංගුවට පත් රියදුරු පොලීසියට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් අදාළ මාර්ග කොටස පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහි තිරිංග ක්‍රියාත්මක වූ බවට සලකුණු කිසිවක් හමු වී නොමැත.

LSN Sri Lanka · 20 October 2026

අකුරණ පුද්ගලයින් සිවු දෙනෙක් මරා දැමූ  අනතුරේ ලොරි රියදුරු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට!

අකුරණ නගරයේදී සිව් දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සිමෙන්ති කුඩු ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන නොවැම්බර් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගල්ගමුව, වරාවැව පදිංචි 45 හැවිරිදි ආර්.ඩී රණසිංහ නැමැත්තෙකි.

අනතුරට ලක්වූ ලොරි රථයේ සිමෙන්ති කුඩු සහිත පිටුපස ටැංකිය බෑවුමකට තල්ලුවී ගොස් එල්ලී පවතින අතර, එහි බර ටොන් 35 ක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි.

ටැංකිය සහිත එම කොටස ලොරි රථයද සමඟ මහා මාර්ගයට ගන්නා තෙක් මෝටර් රථ ධාවන පරීක්ෂකවරයාට වාහනය නිරීක්ෂණය කර වාර්තාවක් ලබා දීමට නොහැකි වී ඇත.

ලොරි රථය අකුරණ කුරුගොඩ බෑවුම ඔස්සේ පැමිණෙන අවස්ථාවේ එහි තිරිංග ක්‍රියා විරහිත වූ බව අත්අඩංගුවට පත් රියදුරු පොලීසියට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් අදාළ මාර්ග කොටස පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහි තිරිංග ක්‍රියාත්මක වූ බවට සලකුණු කිසිවක් හමු වී නොමැත.

රියදුරු විසින් කරනු ලබන ප්‍රකාශය සත්‍ය බවට අනුමාන කළ හැකි තොරතුරු ලැබී තිබුණද, මෝටර් රථ පරීක්ෂකවරයා විසින් වාහනය සම්පූර්ණයෙන් නිරීක්ෂණය කර නිල වාර්තාව ලබා දෙන තෙක් ඒ පිළිබඳව ස්ථිර යමක් ප්‍රකාශ කළ නොහැකි බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.