LSN News › Sri Lanka

මැදපෙරදිග යුද ගින්නෙන් බැටකන ජනතාවට ඩීසල් සහනාධාරයක් - ඉදිරි මාස 03ට රුපියල් බිලියන 40.65ක් වෙන් කරයි!

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමකින් තොරව, පාරිභෝගිකයින්ට දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාම සහ මහජනතාවට සහන සැලසීම මෙහි ප්‍රධාන අරමුණය. ඒ අනුව ඉදිරි මාස තුනක කාලසීමාව සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් විකුණුම් මිල මත සහනයක් සැලසීමට සැලසුම් කර ඇත.

LSN Sri Lanka · 29 September 2026

මැදපෙරදිග යුද ගින්නෙන් බැටකන ජනතාවට ඩීසල් සහනාධාරයක් - ඉදිරි මාස 03ට රුපියල් බිලියන 40.65ක් වෙන් කරයි!

ඉදිරි මාස තුනේදීත් ඉන්ධන සඳහා සහනාධාර ලබා දීමට රජය තීරණය කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාම නිසා මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට සහ සමස්ත ආර්ථිකයට එල්ල වන බලපෑම් අවම කිරීමට මෙම තීන්දුව ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

මීට පෙර මෙම යුදමය තත්ත්වයේ බලපෑම් හමුවේ 2026 වර්ෂයේ අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී ද ඉන්ධන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ සහනාධාරයක් ලබා දීමට පියවර ගැනිණි. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත් නොවිසඳී පැවතීම හේතුවෙන් මෙරට ජනජීවිතයට වන හානිය අවම කිරීමට රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වී ඇතැයි කැබින්ට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමකින් තොරව, පාරිභෝගිකයින්ට දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාම සහ මහජනතාවට සහන සැලසීම මෙහි ප්‍රධාන අරමුණය. ඒ අනුව ඉදිරි මාස තුනක කාලසීමාව සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් විකුණුම් මිල මත සහනයක් සැලසීමට සැලසුම් කර ඇත.

මෙම සහනාධාර වැඩසටහන වෙනුවෙන්:

ඔක්තෝබර් මාසය සඳහා: රුපියල් බිලියන 15ක්

නොවැම්බර් මාසය සඳහා: රුපියල් බිලියන 13.5ක්

දෙසැම්බර් මාසය සඳහා: රුපියල් බිලියන 12.15ක්

වශයෙන් මාසික සීමාවන්ට යටත්ව ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.