මෝටර් රථ බලපත්‍ර චක්‍රලේඛය බිඳ දමමින් පාර්ලිමේන්තු නිලධාරීන් 03 කට කෝටියක සහනයක්!
මෙලෙස සහනදායී වාහන බලපත්‍ර ලබාගෙන ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරුන් තිදෙනෙකි. ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති මෙම නිලධාරීන් තිදෙනා අතුරින් එක් අයෙකුගේ සේවා කාලය වසර 01 ක් සහ දින 09 ක් පමණි. අනෙක් නිලධාරියාගේ සේවා කාලය වසර 01 යි මාස 01 යි දින 28 ක් වන අතර, තෙවැනි සහකාර අධ්‍යක්ෂවරයාගේ සේවා කාලය මාස 02 යි දින 11 ක් බව ද හෙළි වී තිබේ.
LSN Sri Lanka ·

සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ චක්‍රලේඛ විධිවිධාන හා උපදෙස්වලට පටහැනිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට රුපියල් එක්කෝටි අටලක්ෂයක් (10,800,000) පමණ වටිනා සහනදායී මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවන හා නමවන පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක මේ බව සඳහන් වේ.

අදාළ විගණන වාර්තාවට අනුව මෙලෙස සහනදායී වාහන බලපත්‍ර ලබාගෙන ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරුන් තිදෙනෙකි. ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති මෙම නිලධාරීන් තිදෙනා අතුරින් එක් අයෙකුගේ සේවා කාලය වසර 01 ක් සහ දින 09 ක් පමණි. අනෙක් නිලධාරියාගේ සේවා කාලය වසර 01 යි මාස 01 යි දින 28 ක් වන අතර, තෙවැනි සහකාර අධ්‍යක්ෂවරයාගේ සේවා කාලය මාස 02 යි දින 11 ක් බව ද හෙළි වී තිබේ.

අදාළ සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් තිදෙනාට සහනදායී මෝටර් වාහන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ බලධාරීන් සම්බන්ධයෙන් පවත්නා නීතිරීති යටතේ සුදුසු පියවර ගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

එමෙන්ම, මෙම මෝටර් රථ බලපත්‍ර ලබාගත් නිලධාරීන්ට එරෙහිව ද නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසත්, ඉදිරියේදී මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ චක්‍රලේඛ ප්‍රකාරව හිමිකම් ලබන නිලධාරීන්ට පමණක් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවටත් ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.