LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

අපි අවසන් මහා තරගයට... පකිස්ථානය පරාද කර කඩුළු 04ක ජයග්‍රහණයක් ලබා ගත් අමතක නොවන තරගය...

එහෙත් චමරී අතපත්තු අද මෙසේ කීවාය. මේ තරුණ පිරිස සමග අපට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් සමග තරග කර ජයගත හැකියි... අප ඒ ජයග්‍රහණයේ ප්‍රාර්ථානව සමගය.

LSN Sri Lanka · 11 September 2026

අපි අවසන් මහා තරගයට... පකිස්ථානය පරාද කර කඩුළු 04ක ජයග්‍රහණයක් ලබා ගත් අමතක නොවන තරගය...

යළිත් අප ආසියානු කුසලාන අවසන් මහා තරගයේය. පකිස්ථාන කාන්තා කණ්ඩායම පරදා අප කඩුළු 04කින් ජයගෙනය.

අද පැවැත්වුන තරගය ගැන ක්‍රීඩා ලෝලියෙක් ලෙස මේ සටහන තැබිය යුතුය. එය ක්‍රිකට් උත්කර්ෂයට නැන්වූ තරගයකි. පරාජයේ ගැට්ටේ හිඳිමින් ජයග්‍රහණය කරා තරගයක් මෙහෙයවන ආකාරය පිළිබඳව ආදර්ශමත් කතාවකි. බැලුවට කිසිම පාඩුවක් නැති ජවිතයට සමීප කළ හැකි උද්වේගකර අත්දැකීමකි.

පොඩි කෙල්ලො ටික ඇත්තටම පට්ටය. චමරි ගැහුවේ නැතිනම් තරග පරදින කාලයක් අපිට තිබිනි. කණ්ඩායම චමරි විය. දැන් චමරි හැලෙන විට පස්සෙන් එන පොඩි උන් ටික තරගය ජයග්‍රහණය කරා උත්සන් යන ආකාරය අපේ පිරිමි කණ්ඩායම නිවඩු දමා අධ්‍යයනය කළ යුතු බව අපේ විශ්වාස ය.

ඒ තරගයේ කතාව තරගයක සැබෑ ආත්මීය ගුණය අපට කියා දුන්නේය. ඒ අවස්ථාව නිර්මාණය කළ පකිස්ථාන ක්‍රීඩිකාවන්ට ද ගෞරව කළ යුතුව ඇත.

අද ජයග්‍රහණය

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (සැප්තැම්බර් 11) රාත්‍රී තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පකිස්ථානයට එරෙහිව ලකුණු 131ක ඉලක්කය පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ලකුණු 134ක් රැස් කරමින් කඩුලු 4කින් ජයග්‍රහණය කළේය.

ශ්‍රි ලංකා කණ්ඩායම තරගයට පිවිසෙන්නේ ආසියානු ශූරියන් ලෙසය. තරගය අවසන් කර අවසන් මහා තරගයට ඉන්දියාව සමග මුහුණ දෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසය.

ශ්‍රී ලංකාව මේ ජයත් සමග තුන්වන වරටත් අඛණ්ඩව කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයට පිවිසෙයි. අවසන් තරගය ඉන්දියාව සමග ඉරිදා ඩුබායි ක්‍රීඩාංගනයේ ම ක්‍රීඩා කිරීමට නියමිතය.

කාසියේ වාසිය සහ පළමු ඉනිම

ශ්‍රී ලංකා නායිකා චාමරි අතපත්තු කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු රැකීමට තීරණය කළාය. ඩුබායි පිටියේ මෙවර තරගාවලියේ බොහෝ තරගවල පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජයගත් නමුත්, බංග්ලාදේශයට එරෙහිව මීට පෙර සාර්ථක ලුහුබැඳීමක් දියත් කළ ශ්‍රී ලංකාව එම විශ්වාසය මත ක්‍රියා කළේය.

පකිස්ථානයට ආරම්භය දුෂ්කර විය. මුනීබා අලි පන්දු 8කදී ලකුණු 2ක් රැස් කර සුගන්ධිකා කුමාරිගේ පන්දුවකට නිලක්ෂිකා සිල්වා අතට උඩ පන්දුවක් ලබා දුන්නාය (5/1). ෂවාල් සුල්ෆිකාර් පන්දු 16කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 24ක් රැස් කළ නමුත්, අතපත්තුගේ පන්දුවකට කෞෂිනි නුත්‍යංගනාගේ අපූරු පන්දු රැකීමකින් දැවී ගියාය (29/2). ආයේෂා සෆාර් ද අතපත්තුටම ගොදුරු විය (37/3).

ගුල් ෆෙරෝසා (21) සහ සදෆ් ෂමාස් (8) තරමක් ස්ථාවර වූ නමුත් චමුදි ප්‍රබෝධා දෙදෙනාම පිටියෙන් ඉවත් කළාය. ෂමාස් පන්දුවට පහර දීමට ඉදිරියට ආවදී නිවැරදිව පන්දුවට නොගැටී කෞෂිනි අතින් ස්ටම්ප් විය. පසුව ගුල් ෆෙරෝසා ද ලෝන්ග් ඕෆ් කලාපයට එල්ල කර පහරක් දක්ෂ උඩපන්දුවක් බවට පරිවර්තනය කරගැනීමට චමරී අතපත්තු සමත් වූවාය.

එතැන් සිට පකිස්ථාන නායිකා ෆාතිමා සනා අවසන් ඕවර්වල තීරණාත්මක ආක්‍රමණයක් දියත් කළාය. එය විශිෂ්ට නායකත්ව ප්‍රවේශයකි. බිඳවැටී තිබූ පකිස්ථානය ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි ඉසව්වකට ඇය රැගෙන ආවාය. ෆාතිමා නොදැවී පන්දු 36කදී හතරේ 4ක් සහ හයේ 2ක් සමග ලකුණු 47ක් රැස් කළාය.

ටුබා හසන් සමග නොකැඩුණු සම්බන්ධතාවයෙන් පකිස්ථානය ඕවර් 20කදී කඩුලු 5ක් දැවී ලකුණු 130ක් දක්වා ළඟා විය. අමතර ලකුණු 9යි.

ශ්‍රී ලංකා පන්දු යැවීමේදී චමරි අතපත්තු 24/2 සහ චමුදි ප්‍රබෝධා 25/2 ලෙස කඩුලු දෙක බැගින් දවා ගත්තාය. සුගන්ධිකා කුමාරි 20/1යි.

ශ්‍රී ලංකා ලුහුබැඳීම

ඉලක්කය ලකුණු 131කි. එය අහලකටවත් ලඟා වන්නට බැරිවෙතැයි සිතන තරමට ශ්‍රී ලංකා ආරම්භය විකල් විය. ශ්‍රී ලංකාවේ පිතිකරණ පෞරුෂය සහ බලාපොරොත්තුව චමරී අතපත්තුය. ඇය පන්දු 6කදී ලකුණු 5ක් රැස් කර ෆාතිමා සනාගේ පන්දුවකට දැවී ගියාය. උපක්‍රමශීලීව හතරේ සීමාව අසල රඳවා සිටි සදෆ් ෂමාස් අතටම උඩපන්දුවක් දී චමරී දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව 05කි. ඊළඟ පන්දුවේදීම සංජනා කවින්දි ද දැවී ගියාය. දැන් ලකුණු 05ට කඩුළු 02කි. ෆාතිමා සනා පිට පිට පන්දු දෙකක දී ශ්‍රී ලංකාවේ ප්‍රබලම කඩුළු 2 දෙකක් ලබාගෙන කඩුළු ත්‍රිත්තවය මුව විටය.

එහෙත් ඉමේෂා දුලානි එක් අන්තයක රැඳී සිටියාය. ඇය හොඳින් පන්දුවට පහර දෙමින් සිටි බව කිව යුතුය. හසිනි පෙරේරා අනෙක් අන්තයේය. එහෙත් හසිනි පෙරේරා ලකුණු 03කට සදියා ඉක්බාල්ට ගොදුරු විය.

ඉමේෂා දුලානි පන්දු 21කදී හතරේ 4ක් සමග ලකුණු 24ක් රැස් කර සිටි අවස්ථාවේ දී උම්-ඒ-හානිගේ පන්දුවකට මුනීබා අලි අතට උඩපන්දුවක් දී දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 33කි. දැන් තරගය සියයට අසූවක් පමණ ඇත්තේ පකිස්ථාන කණ්ඩායම අතේය. පකිස්ථාන නායිකා ෆාතිමා සනා ප්‍රදර්ශනාත්මක ක්‍රීඩාවක යෙදෙමින් සිය කණ්ඩායම මෙහෙයවමින් සිටියාය.

තරගයේ තීරණාත්මක අවස්ථාවේ හර්ෂිතා සමරවික්‍රම (36ක් පන්දු 31කින්) සහ කවිෂා දිල්හාරි (33ක් පන්දු 33කින්) පස්වන කඩුල්ලට ලකුණු 67ක සම්බන්ධතාවයක් ගොඩනැගුහ. එය මනරම් පිතිකරණයකි. පරාජය පෙනී පෙනී පරාජයේ පීඩනය විශ්වාසයකින් යුතුව දරාගෙන ඔවුන් ඉනිම ගොඩනැගූ වෘත්තීය ස්වරූපය මනරම් සිතුවමක් සේම අලංකාර බව කිව යුතුව ඇත. ඔවුන් දෙදෙනා එක්ව කණ්ඩායම ලකුණු 100 සීමාව ඉක්මවා රැගෙන ගියේය.

එහෙත් හර්ෂිතා 17 වැනි ඕවරයේ පළමු පන්දුවේදීත්, කවිෂා එම ඕවරයේම අවසන් පන්දුවේදීත් ෆාතිමාට ගොදුරු වූහ. එවිට ශ්‍රී ලංකාව 109/6 විය. යළිත් තරගය පකිස්ථානය දෙසට දොලනය වන ලකුණු පහළ විය.

එහෙත් ඉන් අනතුරුව නිලක්ෂිකා සිල්වා සහ කෞෂිනි නුත්‍යාංගනා විශිෂ්ට ක්‍රිඩාවක යෙදෙමින් තරගය නිමා කළහ. නිලක්ෂිකා සිල්වා නොදැවී 18ක් ලබා ගත්තේ පන්දු 10කිනි. ඊට හතරේ 3ක් එක් වුනේය. කෞෂිනි නුත්‍යංගනා හයෙ පහරක් සමග පන්දු 4කින් නොදැවී ලකුණු 10ක් ලැබුවාය.

ශ්‍රී ලංකාව පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කළේය.

පකිස්ථාන පන්දු යැවීමේදී ෆාතිමා සනා 38/4ක් ලෙස වැඩිම කඩුලු ලබා ගත්තාය. පන්දු 36ක දී ලකුණු 4ක් නොදැවී ලැබුවාය. තරගයක වීරවරයාට පිදියු යුතු පිදුම ඇයට පුද කෙරිනි. පරාජයේදී වීරයන්ගේ ස්වරූපය වඩාත් හොඳන් කැපී පෙනෙන බව ෆාතිමා කියා දුන්නාය.

පන්දු යැවීමේ දී ෆාතිමා ලකුණු 38ට කඩුළු 04ක්, උම්-ඒ-හානි 19/1 සහ සදියා ඉක්බාල් 21/1ක් ලැබුවේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ඉරිදා අවසන් මහා තරගයට සූදානම් වන්නේය. දැනට අපට එළියේ සිට පෙනෙන බර අනුව අප ආසියානු ශූරියන් වුව ද දැනට ඉන්දියාව ඉන්නේ අපට වඩා තියුනු තැනකය. ඔවුන්ගේ හැකියාවන් මුහත්ය. ඔවුන් ජවසම්පන්නය. අත්දැකීම්වලින් පූර්ණය. එහෙත් චමරී අතපත්තු අද මෙසේ කීවාය.

මේ තරුණ පිරිස සමග අපට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් සමග තරග කර ජයගත හැකියි... අප ඒ ජයග්‍රහණයේ ප්‍රාර්ථානව සමගය.