රුපියල් බිලියන 04ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අධ්යක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!
අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ නියෝග හා උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
LSN Sri Lanka ·

මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික සමාගම් දෙකක් මගින් පුද්ගලයින් 2,000කට ආසන්න පිරිසක් රවටා රුපියල් බිලියන 04කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම ආයතනවල අධ්යක්ෂවරුන් දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Limo Plus International (Pvt) Limited සහ Limo International (Pvt) Limited යන ආයතන මගින් ඉහළ ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී මහජනතාවගෙන් මෙලෙස මුදල් ආයෝජනය කරගෙන වංචා කර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම ආයතන දෙකෙහි අධ්යක්ෂවරුන් තිදෙනා අතරින් දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ දොන් අසංක නුවන් අබේවර්ධන සහ මහවෙල ගෙදර ගයාන් රන්දික යන දෙදෙනාය. ඔවුන් අද (21) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අදාළ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇති බව පොලිසිය පවසයි.