LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

වාර්තා අතරට එක් වුන චමරි ගේ පන්දු යැවීමේ පෙළහර... ලකුණු 06කට දැවී ගියත් චමරී ලකුණු 05ට කඩුළු 07ක් දවා ගනී... ඉන්දුනීසියා තරගය ලකුනු 75කින් දිනුම්!

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 13කදී ලකුණු 62කට කඩුලු 6ක් බිඳ වැටී තිබිණි. ආසියානු ශූරියන් ඉන්දුනීසියව ඉදිරියේ දෙකේ කොලයට වැටෙමින් සිටියේය. එහෙත් ඒ වැටුණු ඉනිම නිලක්ෂිකා සිල්වා තනියම ගොඩ දැම්මාය. ලකුණු 06කට දැවී ගිය චමරි කඩුළු ත්‍රිත්තවයක් සමග ලකුණු 05කට කඩුළු 07ක් දවා ගැනිම මේ තරයේ අනෙක් පෙළහරය.

LSN Sri Lanka · 3 September 2026

වාර්තා අතරට එක් වුන  චමරි ගේ පන්දු යැවීමේ පෙළහර... ලකුණු 06කට දැවී ගියත්  චමරී  ලකුණු 05ට කඩුළු 07ක් දවා ගනී... ඉන්දුනීසියා තරගය ලකුනු 75කින් දිනුම්!

2026 කාන්තා විස්සයි 20 ආසියා කුසලාන තරගාවලියේ බී කාණ්ඩයේ 6 වැනි තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දුනීසියාවට එරෙහිව ලකුණු 75ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තේය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ ( සැප්තැම්බර් 2 වැනිදා) රාත්‍රී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 07කට ලකුණු 124/7ක් රැස් කළ අතර, ඉන්දුනීසියාව පන්දු වාර 18.3කදී සියලු දෙනා දැවී රැස් කරගන්නේ ලකුණු 49ක් පමණක් වීම විශේෂ සිද්ධියක් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දුනීසියාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙය මෙම දෙරට අතර පැවති පළමු ජාත්‍යන්තර තරගයයි. අබාධ තත්ත්වයක් හේතුවෙන් මිතාලි අයෝධ්‍යා කණ්ඩායමෙන් ඉවත් වූ අතර ඇගේ ස්ථානයට කාව්‍යා කවින්දි ක්‍රීඩා කළාය.

නිලක්ෂිකාගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගෙයි

පන්දුවට පහරදීමට පිටියට බැසි ශ්‍රී ලංකාව ආරම්භයේදීම පීඩනයට ලක් විය. ඉන්දුනීසියාව හමුවේ බලාපොරොත්තු නොවන ලෙස මුල් පෙළ කුඩු වී ගියේය. ඉමේෂා දුලානිගේ කඩුල්ල කෙලින්ම පන්දව වැදී කුඩු වනවිට ඇය ලකුණු 03කි. චමරී අතපත්තු ලකුනු 06කි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 05කි. කවීෂා දිල්හාරි ලකුණු 06කි. කඩුළු රකින කෞෂිනී නෘත්‍යාංගනා ලකුණු 06කි. මුල් පිතිකරුවන් 05 දෙනා අතර ලකුනු 10 ඉක්මවා ගියේ සන්ජානා කාවින්දි පමණි. ඇය ලකුණු 15කි.

ඕවර 13කදී ලකුණු 62කට කඩුලු 6ක් බිඳ වැටී තිබිණි. ආසියානු ශූරියන් ඉන්දුනීසියව ඉදිරියේ දෙකේ කොලයට වැටෙමින් සිටියේය. එහෙත් ඒ වැටුණු ඉනිම නිලක්ෂිකා සිල්වා තනියම ගොඩ දැම්මාය. පන්දු 35කදී ලකුණු 50ක (හතරේ පහර 3, හයේ පහර 1) වේගවත් ඉනිමක් ඇය ක්‍රීඩා කළාය.

ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ල සඳහා නිලක්ෂිකා සහ කාව්‍යා කාවින්දි අතර පන්දු 35කදී ලකුණු 50ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි. කාව්‍යා කවින්දි නොදැවී ලකුණු 15ක් රැස් කළ අතර සුගන්ධිකා කුමාරි නොදැවී ලකුණු 8ක් එක් කළාය.

ඉන්දුනීසියානු පන්දු යවන්නන් අතර නි ලුහ් දේවි ඕවර 4කදී ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් අතර සංග් මායිප්‍රියානි කඩුලු 2ක් දවාගත්තාය.

චමරිගේ කඩුලු 7 සහ හැට්ට්‍රික් එක

ලකුණු 125ක ඉලක්කයක් හඹා ගිය ඉන්දුනීසියාව ආරම්භයේදී ලකුණු කිහිපයක් රැස් කළද, දඟ පන්දු යැවීම ආරම්භ වූ පසු ඔවුන්ගේ ඉනිම බිඳ වැටුණි. කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ඕවර 3.3කදී ලකුණු 5කට කඩුලු 7ක් දවාගනිමින් කාන්තා විස්සයි 20 ජාත්‍යන්තර ඉතිහාසයේ පස්වන හොඳම පන්දු යැවීමේ වාර්තාවක් තැබුවාය.

ඇය අවසාන ඕවරයේදී කඩුළු ත්‍රිත්තවයක් ද ලබා ගත්තාය.

ඉන්දුනීසියානු පිතිකරුවන් අතර ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවට ළඟා වූයේ දෙදෙනෙකු පමණි. නි මාදේ පුත්‍රි සුවන්දේවි නොදැවී ලකුණු 12ක් රැස් කළ අතර රහ්මාවති පංගෙස්තුති ලකුණු 10ක් රැස් කළාය. සුගන්ධිකා කුමාරි සහ කවිෂා දිල්හාරි තවත් කඩුලු දෙකක් දවාගත්හ. තරගයේ වීරවරිය ලෙස චාමරි අතපත්තු නම් කෙරිණි.

ලකුණු පුවරුව සහ ඉදිරි තරග

මෙම ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 2ක් හිමි විය. බී කාණ්ඩයේ මේ වන විට තරග 2ක් ක්‍රීඩා කර ජයග්‍රහණ 2ක් සමගින් ලකුණු 4ක් සහ ජාල ධාවන අනුපාතය +4.129ක් සමගින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයේ පසුවෙයි. බංග්ලාදේශය තරග 1ක් ජයග්‍රහණය කර ලකුණු 2ක් සමගින් දෙවැනි ස්ථානයේ සිටී. ඉන්දුනීසියාව තරග දෙකම පරාජය වී ලකුණු රහිතව සිටින අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයද තරග 1ක් පරාජය වී සිටී.

ශ්‍රී ලංකාව මීට පෙර තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 9කින් පරාජය කර තිබුණි. කාණ්ඩ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සැප්තැම්බර් 6 වැනිදා බංග්ලාදේශය හමුවේ ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරගයද ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කාණ්ඩ අදියරේදී එක් කාණ්ඩයකින් ප්‍රථම සහ දෙවන ස්ථානවලට පත්වන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. අවසන් පූර්ව තරග සැප්තැම්බර් 10 සහ 11 දිනවලද අවසන් තරගය සැප්තැම්බර් 13 වැනිදාද පැවැත්වීමට නියමිතය.

සියලු තරග ඩුබායිහිදී පැවැත්වේ.