05 දෙනෙක් ඝාතනය කරන්න වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගරයේ සිට ලොකු පැටී ෆෝන් එකෙන් ඕඩර් දුන්නේ කොහොම ද?! විමරශන අරඹයි...
තමන් රැදී සිටි නිවසට මිටර් 300 ක් පමණ දුරින් තිබූ නිවසේ පදිංචිකරුවන් 05 දෙනාම ඝාතනය කරන ලෙසට ලොකු පැටි විසින් තමන්ට උපදෙස් ලබාදුන් බව අත් අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීම් හමුවේ පොලීසියට ප්‍රකාශ කර තිබේ. පා ගමනින් ගොස් ඝාතනයන් සිදු කරන ලෙසද ලොකු පැටී උපදෙස් දුන් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
LSN Sri Lanka ·

මහඉදුරුව, අකාඩේගොඩ නිවසේ රැදී සිටියදි අත් අඩංගුවට ගත් අපරාධකරුවන් එහි රැදී සිට ඇත්තේ ඊට මිටර් 300 ක් පමණ දුරින් පදිංචිව සිටින කරන්දෙණිය සුද්දා සහ කොස්ගොඩ සුජීගේ සමීපතමයින් පස් (05) දෙනෙකු ඝාතනය කිරීමේ අරමුණින් බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මෙම නිවසේ රැදී සිට ඇති සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඊයේ (03) රාත්‍රී පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සහ කොස්ගොඩ පොලීසියේ ඒකාබද්ධ මෙහෙයුමකදි අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනෙක් සැකකරු පලාගොස් තිබේ.

මෙම ඝාතන සැලසුම වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත විශේෂ සිර මැදිරියක රඳවා සිටින ලත්තුවාහන්දි සුජීව රුවන් කුමාර ද සිල්වා (36) නොහොත් අහුන්ගල්ලේ ලොකු පැටී නැමැති සංවිධානාත්මක අපරාධකරුවා විසින් සැලසුම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පසුගිය 01 වැනි දින අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ නිවසේදී ඝාතනයට ලක් වූ ලොකු පැටීගේ බාල සහෝදරයා වන ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා (34) නොහොත් පොඩි පැටීගේ ඝාතනයට එකට එක කිරීමක් ලෙස මෙම ඝාතනයන් සිදු කිරීමට සැලසුම් කර තිබී ඇති බවද පොලීසිය කියයි. පොඩි පැටීගේ අවසන් කටයුතු අද (04) අළුත්ගම වැලිපැන්නේදී සිදුකරන ලද අතර ඊට පෙර මෙම ඝාතනයන් සිදු කිරීම අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ සැලසුම වී තිබුණ බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මෙම ඝාතනයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවීමටද ලොකු පැටී සැකකරුවන්ට එකඟ වි ඇති බවද පොලීසිය කියයි.

තමන් රැදී සිටි නිවසට මිටර් 300 ක් පමණ දුරින් තිබූ නිවසේ පදිංචිකරුවන් 05 දෙනාම ඝාතනය කරන ලෙසට ලොකු පැටි විසින් තමන්ට උපදෙස් ලබාදුන් බව අත් අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීම් හමුවේ පොලීසියට ප්‍රකාශ කර තිබේ. පා ගමනින් ගොස් ඝාතනයන් සිදු කරන ලෙසද ලොකු පැටී උපදෙස් දුන් බවද ඔහු ප්‍රකාශ කර තිබේ. පොඩි පැටී ඝාතනය කිරීමට වෙඩික්කරු පැමිණ තිබෙන්නේ පා ගමනින් බැවින් මෙම ඝාතනයන්ටද පා ගමනින් යන ලෙසට උපදෙස් දෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ඉලක්ක නිවසට ගොස් දොරට තට්ටු කර එය විවෘත කර ගැනීමෙන් පසු නිවාසියන් සියළු දෙනාට වෙඩි තබන ලෙසත් දොර විවෘත නොකරන්නේනම් අපි පොලිසියෙන් යැයි පවසා දොර විවෘත කරගන්නා ලෙසත් සැකකරුවන්ට ලොකු පැටී විසින් උපදෙස් ලබා දී ඇති බවද පරික්ෂණ වලදී තහවුරු වූයේ යැයි පොලීසිය කියයි. දොර විවෘත නොකළ හොත් දොර කඩා නිවස තුළට ඇතුළු වී වෙඩි තැබීමෙන් පසු අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමටද සැලසුම් කර තිබේ.

වැලිසර නාවික හමුදා කදවුරේ විශේෂ මැදිරියක රදවා සිටින ලොකු පැටී සැකකරුවන් හා සම්බන්ධ වූයේ කේසේද යන්න පිළිබඳව වෙනමම විමර්ශනයක් පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

“ලොකු පැටී මම දන්නේ බොහොම ඉස්සර ඉඳන්. එයාගේ කටහඬ මම දන්නවා. මට කෝල් කරල උපදෙස් දුන්නා…“ යනුවෙන් අත් අඩංගුවේ පසුවන සැකකරුවෙක් ප්‍රකාශ කර තිබෙන බවත් මෙම විශේෂ විමර්ශනය ඒ අනුව ආරම්භ කල බවත් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

සැකරුවන් සන්තකයේ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක්, එයට යොදන පතරොම් 08 ක් සහ මැගසින දෙකක්, රිවෝල්වර (පැති) අවියක් සහ එයට යොදන පතරොම් 06 ක් සහිත මැගසිනයක්, විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් මෙන්ම ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ ඒ පියතුංග ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.