විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරයි!
පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය, න්‍යාය පත්‍රයට කටයුතු ඇතුළත් කිරීම සහ පාර්ලිමේන්තු කටයුතු කාලසටහන්ගත කිරීම ආදී කරුණු පටිපාටිගත කරුණු (Procedural matters) වන බැවින්, ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම් ලෙස සැලකිය නොහැකි බවද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පැහැදිලි කළේය.
LSN Sri Lanka ·

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට ඉදිරිපත් කළ ඉල්ලීම් පහම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් අනාවරණය නොවන බැවින් ප්‍රතික්ෂේප කර ඇති බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කථානායකවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් සභාවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ මෙම ඉල්ලීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, මනෝ ගනේෂන්, මුජිබර් රහුමාන් සහ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර තිබූ බවය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත යටතේ අදාළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, ඉදිරිපත් කරන ලද කිසිදු කරුණකින් ස්ථාවර නියෝග 118 යටතේ සලකා බැලීමට තරම් ප්‍රථම දෘෂ්‍ය වරප්‍රසාද කඩවීමක් (Prima facie breach of parliamentary privilege) තහවුරු වී නොමැති බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය, න්‍යාය පත්‍රයට කටයුතු ඇතුළත් කිරීම සහ පාර්ලිමේන්තු කටයුතු කාලසටහන්ගත කිරීම ආදී කරුණු පටිපාටිගත කරුණු (Procedural matters) වන බැවින්, ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම් ලෙස සැලකිය නොහැකි බවද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පැහැදිලි කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ පාලන තීරණ සහ විවාද සඳහා කාලය වෙන්කිරීම වැනි කරුණු වරප්‍රසාද ප්‍රශ්න ඔස්සේ අභියෝගයට ලක් කළ නොහැකි බවට ඔක්තෝබර් 06 වැනිදා කථානායකවරයා විසින් ලබාදී ඇති තීන්දුවද නියෝජ්‍ය කථානායකවරයා විසින් මෙහිදී මතක් කර දෙන ලදී.

කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ, අධිකරණය හමුවේ විභාග වන (Sub judice) කරුණු ඉවත් කර සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් අවස්ථාව ලබාදී තිබූ බවය. කෙසේ වෙතත්, නියමිත කාලය ඇතුළත සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් නොකළ බැවින් මුල් යෝජනාව විවාදයට ගැනීමට කොන්දේසි විරහිත අයිතියක් නොමැති බවද හෙතෙම පැවසීය.

එමෙන්ම ඉදිරිපත් කරන ලද කරුණු පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත යටතේ වරදක් ලෙස නොසැලකෙන බවද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, ස්ථාවර නියෝග 118 යටතේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අදාළ අවශ්‍යතා සපිරීමට මෙම ඉල්ලීම් පහම අපොහොසත් වී ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කිසිදු පදනමක් නොමැති බව නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙහෙයවූ ආකාරය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙලෙස පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්න මතු කර තිබූ අතර, ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ඒ පිළිබඳ තීරණය අද (06) දිනයේ සභාවට දැනුම් දෙන බව නියෝජ්‍ය කථානායකවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.