LSN News › Sri Lanka

05ක් මිය ගොස් 70ක් තුවාල කළ රඹෑව අනතුරට මුල් වූ රියදුරු ගංජා සහ මත්පැන්වලට පොසිටිව්... ඇමති බිමල් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි...

ළඟදී මැදවච්චිය ඇක්සිඩන්ට් එක වුණා. මැදවච්චිය ඇක්සිඩන්ට් එකේ 70ක් ඉන්ජර්ඩ් (තුවාල) වුණා, හතර දෙනෙක් නැති වුණා. අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා කැබිතිගොල්ලෑව බස් එකේ ඩ්‍රයිවර් මහත්මයා ගංජා සහ මත්පැන්වලට පොසිටිව් කියලා“. ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

LSN Sri Lanka · 13 November 2026

05ක් මිය ගොස් 70ක් තුවාල කළ රඹෑව අනතුරට මුල් වූ රියදුරු ගංජා සහ මත්පැන්වලට පොසිටිව්... ඇමති බිමල් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි...

පස් දෙනෙකුට මරු කැඳවමින් හැත්තෑවකට අධික පිරිසකට තුවාල සිදුකළ ඒ - 9 පාරේ රඹෑවේ සිදුවූ බස් රථ අනතුරේ දී සිද්ධියට මුල් වූ ධාවනය කළ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයේ රියදුරා ගංජා සහ මත්පැන් පානය කර සිට ඇති බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇතැයි ප්‍රවාන හා මහාමාර්ග ඇමති බිමල් රත්නායක අද (13) පාර්ලිමේන්තුවේ දි අනාවරණය කළේය.

අනතුර සිදුවූ ස්ථානයේම පුද්ගලයින් 04ක් මිය ගොස් සිටි අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරගනිමින් සිටි අයෙක් රෝහලේ දී මිය ගියේය.

“ දැන් ළඟදී මැදවච්චිය ඇක්සිඩන්ට් එක වුණා. දැන් මැදවච්චිය ඇක්සිඩන්ට් එකේ 70ක් ඉන්ජර්ඩ් (තුවාල) වුණා, හතර දෙනෙක් නැති වුණා.“

“දැන් අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා කැබිතිගොල්ලෑව බස් එකේ ඩ්‍රයිවර් මහත්මයා ගංජා සහ මත්පැන්වලට පොසිටිව් කියලා“. ඇමතිවරයා පැවසුවේය.

මෙම බස් රථ අනතුරින් කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථය පැදවූ රියදුරු ද මිය ගියේය. අනතුර සිදුව ඇත්තේ ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙනි. කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම බස් රථය මුලතිව් සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකි. වවුනියාව ඩිපෝවට අයත් ලංගම බස් රථය: අක්කරපත්තුව සිට යාපනය බලා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ බස් රථයකි.

පෞද්ගලික බස් රථය වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබිය දී කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම බස් රථය, තමන්ට ඉදිරියෙන් ගිය පෞද්ගලික බස් රථයට අධික වේගයෙන් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි වව්නියාව ඩිපෝවට අයත් ලංගම බස් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පැවසුවේය.