LSN News › Sri Lanka

හෝමුස් විවෘත කරන්න ඉරානයෙන් කොන්දේසි 05ක්...

වර්තමාන යුදමය වාතාවරණය හටගැනීමට පෙර දිනපතා බොරතෙල් බැරල් මිලියන 15ක් සහ පිරිපහදු කරන ලද පෙට්‍රෝලියම් නිෂ්පාදන බැරල් මිලියන 5ක් මෙම උපායමාර්ගික නාවික මාර්ගය හරහා ප්‍රවාහනය කළ නමුත් වර්තමානය වන විට මෙම අගයන් ඉතා සීඝ්‍රයෙන් පහත වැටී සමස්ත ගෝලීය සැපයුම් දාමයම දැවැන්ත කඩාවැටීමේ අද්දරට පැමිණ ඇති අයුරුත් මෙහිදී බ්‍රිගේඩියර් ජෙනරාල් මොහෙබ් පෙන්වා දුන්නේය.

LSN Sri Lanka · 9 September 2026

හෝමුස් විවෘත කරන්න ඉරානයෙන් කොන්දේසි 05ක්...

කලාපයේ ස්ථාවරත්වය නැවත ඇති කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන නාවික ගමනාගමනය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් ඉරානය කොන්දේසි 05ක් ඉදිරිපත් කර ඇතැයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් හොසේන් මොහෙබි (Hossein Mohebbi) උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

ෆාර්ස් පුවත් සේවය (Fars News) වාර්තා කළ පරිදි, අද (09) දින ඉරානයේ මාර්කාසි (Markazi) පළාතේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති හමුවකදී අදහස් දක්වමින් බ්‍රිගේඩියර් ජෙනරාල් මොහෙබි මෙම කොන්දේසි ඉදිරිපත් කර තිබේ.

බටහිර බලවේග ඇතුළු සතුරු පාර්ශවයන් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කර ගැනීම සඳහා ඔවුන්ගේ සියලුම හමුදාමය සහ රාජ්‍ය තාන්ත්‍රික හැකියාවන් යොදවමින් සිටින බවත්,  වර්තමාන යුදමය වාතාවරණය හටගැනීමට පෙර දිනපතා බොරතෙල් බැරල් මිලියන 15ක් සහ පිරිපහදු කරන ලද පෙට්‍රෝලියම් නිෂ්පාදන බැරල් මිලියන 5ක් මෙම උපායමාර්ගික නාවික මාර්ගය හරහා ප්‍රවාහනය කළ නමුත් වර්තමානය වන විට මෙම අගයන් ඉතා සීඝ්‍රයෙන් පහත වැටී සමස්ත ගෝලීය සැපයුම් දාමයම දැවැන්ත කඩාවැටීමේ අද්දරට පැමිණ ඇති අයුරුත් මෙහිදී බ්‍රිගේඩියර් ජෙනරාල් මොහෙබ් පෙන්වා දුන්නේය.

සතුරාට මෙම උග්‍ර අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීමට අවශ්‍ය නම්, පහත සඳහන් කරුණු වහාම ඉටු කළ යුතු බව ඔහු අවධාරණය කළේය:

1. පවතින යුද්ධය සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ ඉරානයට එරෙහිව නැවත තර්ජන එල්ල කිරීමෙන් වැළකී සිටීම.

2. ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ හමුදාවන් ලෙබනන් භූමියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීම.

3. යේමනයට එරෙහිව පනවා ඇති නාවික සහ ගුවන් බන්ධන (Blockade) වහාම අවසන් කිරීම.

4. නීති විරෝධී ලෙස අත්හිටුවා ඇති ඉරානයට අයත් ඇමෙරිකානු ඩොලර් බිලියන 24ක මුදල් සහ වත්කම් වහාම නිදහස් කිරීම.

5. ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල තාක්ෂණික හැකියාවන්ට බාහිර පාර්ශවයන් විසින් සිදුකරන සියලුම අතපෙවීම් නතර කිරීම.

ඉරානය සතු මිසයිල සහ න්‍යෂ්ටික තාක්ෂණික හැකියාවන් පූර්ණ ලෙසම ඉරාන ජාතියට අයත් උරුමයක් බවත්, ඉරානයේ උත්තරිතර නායකයාගේ (Supreme Leader) ආගමික අණපනත් (Fatwa) ප්‍රකාරව, එම තාක්ෂණයන් කිසිවිටෙකත් න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය සඳහා යොමුකර නොමැති අතර අනාගතයේදී ද කිසිසේත්ම යොමු නොකරන බවත් මොහෙබි ප්‍රකාශ කළේය.