LSN News › Sri Lanka

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථානමාරු!

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇත.

LSN Sri Lanka · 22 November 2026

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථානමාරු!

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අපරාධ අංශය භාරව සේවය කළ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ස්ථානමාරු නියෝග නිකුත් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇත.

ඒ අනුව සිදු කර ඇති ස්ථානමාරුවීම් මෙසේය:

නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය: කළුතර දිස්ත්‍රික්කය භාරව සිටි ඇය කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස මාරු කර යවා තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ: කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි ඔහු යාපනය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා ඇත.

නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන: යාපනය නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටි ඔහු කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථානමාරු කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු අපරාධ අංශය භාරව සිටි ඔහු පොලිස් සුබසාධන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා ඇත.

නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.වී. ගිනිගේ: මීට පෙර පොලිස් සුබසාධන කොට්ඨාසය භාරව සේවය කළ ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති කමල් ප්‍රනාන්දු : රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස සේවය කරමින් සිටියේය. ඔහු පොලිස් විශේෂ කාර්යාංශයේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.