Sport · Sri Lanka Bureau
ශ්‍රී ලංකා තරුණ පිතිකරුවන් දෝහා පිටියේ තැබූ ස්වරණමය සටහන... ඉන්දියාව කඩුළු 08කින් පරදා අපරාජිතව අවසන් මහා තරගයට!
මෙම තරගයේ විශේෂත්වය ඉන්දියාව කඩුලු අටකින් පරාජය කිරීම පමණක් නොවේ. ලකුණු 318ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේදී ශ්‍රී ලංකා තරුණ පිතිකරුවන් ප්‍රකට කළ ආත්මවිශ්වාසය, ප්‍රහාරාත්මක පිතිකරණය සහ ඉනිම ගොඩනැඟීමේ පරිණතභාවය මේ ජයග්‍රහණයේ වඩාත් වැදගත් පැතිකඩයි. තරගය නිමා වන විටත් ශ්‍රී ලංකාවට පන්දු 51ක් සහ කඩුලු අටක් ඉතිරිව තිබිණි. සිනෙත්ගෙන් පන්දු 70කදී ලකුණු 105ක්... කෘෘස්පුල්ලේගෙන් ලකුණු 116ක්... ලකුණු 318ක ඉලක්කයක් පන්දු 51ක් ඉතිරිව තිබියදී පසු කරයි.
LSN Sri Lanka ·

ආනන්දයට හේතුව ජයග්‍රහණය පමණක්ම නොවේ. එය උත්කර්ෂවත් මංගල්‍යයක් කරන්නේ ජයග්‍රහණය ලැබූ ආකාරය සහ අනෙක් අන්තයේ සිටි කණ්ඩායම ය.

අප දුටුවේ මෙය හුදු තරගයක් පමණක් නොවේ. දෝහා ක්‍රිකට් පිටියේ අද (26) දිගහැරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ අලුත් බලාපොරොත්තු උපදවන ප්‍රහර්ෂවත් සංදර්ශනයකි.

ලකුණු 318ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ඉන්දීය ‘A’ කණ්ඩායම කඩුලු අටකින් පරාජය කරමින් ආසියානු නැගී එන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා ගත්තේය.

මේ ජයග්‍රහණය වාර්තා වූයේ තවත් පන්දු 51ක් ඉතිරිව තිබියදීය.

ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන අභිෂේක් ෂර්මා, තිලක් වර්මා, රින්කු සිං සහ හර්ෂිත් රානා වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ගෙන් ඉන්දිය කණ්ඩායම සමන්විත විය. ලෝක ක්‍රිකට් අවධානය දිනාගත් වෛභව් සූර්යවංශි දරුවා ද කණ්ඩායමේ හිටියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම වර්ණවත් ජයග්‍රහණය වාර්තා කළේ එවැනි කණ්ඩායමකට එරෙහිවය.

ඉන්දියාව තැබූ දැවැන්ත ඉලක්කය

දෝහාහි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක තිලක් වර්මා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඉන්දීය ඉනිම ආරම්භ කළේ මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ විශාල අවධානයක් දිනා සිටින පහළොස් හැවිරිදි වෛභව් සූර්යවංශි සහ අභිෂේක් ෂර්මාය.

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 204ක් රැස් කරමින් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනාගත් සූර්යවංශි අදත් වේගවත් පිතිකරණයක නිරත වූයේය.

පළමු පන්දුවාර අට තුළ ඉන්දීය ආරම්භක පිතිකරුවෝ ලකුණු 80ක් රැස් කළහ. එම සබඳතාව බිඳ දැමුවේ ජනිත් ලියනගේය. ලකුණු 40ක් ලබා සිටි සූර්යවංශි, ලසිත් කෘෘස්පුල්ලේ අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

අභිෂේක් ෂර්මා පන්දු 63කදී ලකුණු 78ක් රැස් කළේය. නායක තිලක් වර්මා ලකුණු 53ක් ලබා ගත්තේය.

එහෙත් ඉන්දීය ඉනිමේ මැද භාගයේදී කඩුලු දවා ගනිමින් ලකුණු රැස් කිරීමේ වේගය පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

වරෙක ඉන්දීය ලකුණු පුවරුව කඩුලු හයකට ලකුණු 235ක් ලෙස සටහන් වී තිබිණි. ෂාබාස් අහමඩ් නොදැවී රැස් කළ ලකුණු 54ත්, තනුෂ් කොටියන් ලබාගත් ලකුණු 28ත් හේතුවෙන් ඉන්දියාව ලකුණු 300 සීමාව ඉක්මවා ගියේය.

නියමිත පන්දුවාර 50 අවසානයේ ඉන්දීය ඉනිම කඩුලු අටකට ලකුණු 317ක් ලෙස සටහන් විය.

නිපුන් ධනංජය, ජනිත් ලියනගේ සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවා ගත්හ. ඒ අතරින් නිපුන් ධනංජය සිය පන්දුවාර දහය තුළ ලබා දී තිබුණේ ලකුණු 41ක් පමණි.

ඉන්දීය පන්දු යවන්නන් අසරණ කළ ආරම්භක පිතිකරුවෝ

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 6.36ක සාමාන්‍යයක් පවත්වාගත යුතුව තිබිණි.

එහෙත් ලසිත් කෘෘස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන පිටියට පිවිසීමෙන් අනතුරුව එම ඉලක්කයේ තිබූ පීඩනය ක්‍රමයෙන් ඉන්දීය කණ්ඩායම වෙතම පැවරෙන්නට විය.

ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමු පන්දුවාර දහය තුළ ලකුණු 85ක් රැස් කළහ. පන්දුවාර 16ක් නිමා වනවිට කිසිවකු නොදැවී ලකුණු 137ක් ලකුණු පුවරුවේ සටහන් වී තිබිණි.

ඉන්දීය නායකයා පන්දු යවන්නන් මාරු කළේය. එහෙත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාව බිඳ දැමීම පහසු වූයේ නැත.

සිනෙත් ජයවර්ධනගේ ප්‍රවේගකාරී ශතකය

ශ්‍රී ලංකා ඉනිමේ වඩාත් ආකර්ෂණීය පිතිකරණය දක්නට ලැබුණේ සිනෙත් ජයවර්ධනගෙනි.

ඔහු සිය ශතකය වාර්තා කළේ පන්දු 62කිනි. ඒ ශ්‍රී ලංකා ඉනිමේ 19 වැනි පන්දුවාරය තුළදීය.

හතරේ පහර දහයක් සහ හයේ පහර හයක් සමගින් පන්දු 70කට මුහුණ දුන් සිනෙත් ලකුණු 105ක් රැස් කළේය. ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය සියයට 150කි.

සිනෙත් සිය ඉනිමේ ලකුණු 76ක්ම රැස් කර තිබුණේ හතරේ සහ හයේ පහරවලිනි.

ෂාබාස් අහමඩ්ගේ පන්දුවකට තනුෂ් කොටියන් අතට උඩපන්දුවක් ලබා දෙමින් සිනෙත් දැවී යනවිට ශ්‍රී ලංකාව පන්දුවාර 21.3කදී ලකුණු 174ක් රැස් කර තිබිණි.

ඒ වනවිට තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය පන්දුවාරයකට ලකුණු 5.06ක් දක්වා පහත වැටී තිබිණි.

සිය කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දුන් සිනෙත් ජයවර්ධන තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

කෘෘස්පුල්ලේගේ පරිණත පිතිකරණය

සිනෙත්ගේ වේගවත් ඉනිමට අනගි සහායක් ලබා දුන් ලසිත් කෘෘස්පුල්ලේ අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධාන වගකීම භාර ගත්තේය.

සිනෙත් දැවී ගිය පසු පිටියට පැමිණි නිශාන් මධුෂ්ක සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 91ක සබඳතාවක් ගොඩනැඟීමට ඔහු සමත් විය.

කෘෘස්පුල්ලේගේ ඉනිම හතරේ පහර 12කින් සහ හයේ පහර තුනකින් වර්ණවත් වී තිබිණි. පන්දු 107කදී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 116කි.

හර්ෂිත් රානාගේ පන්දුවකට රින්කු සිං අතට උඩපන්දුවක් ලබා දෙමින් කෘෘස්පුල්ලේ දැවී ගියේය.

ඒ වනවිට පන්දුවාර 35.2ක් තුළ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 265ක් ලෙස සටහන් වී තිබිණි.

ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 53ක් පමණි.

නායකයාගේ අවසන් ප්‍රහාරය

කඩුලු රකින පිතිකරු නිශාන් මධුෂ්ක සමග එක් වූ නායක පවන් රත්නායක තරගය නිමා කළේ තවත් වේගවත් පිතිකරණයක නිරත වෙමිනි.

පවන් රත්නායක මුහුණ දුන්නේ පන්දු 16කට පමණි. හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමග ඔහු නොදැවී ලකුණු 31ක් රැස් කළේය.

නිශාන් මධුෂ්ක පන්දු 56කදී නොදැවී ලකුණු 58ක් රැස් කළේ හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගිනි.

පන්දුවාර 41.3ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහර දීමට අවශ්‍ය වූයේ පිතිකරුවන් සිවුදෙනකු පමණි.

ඔවුහු සිවුදෙනා එක්ව හතරේ පහර 28ක් සහ හයේ පහර 13ක් එල්ල කර තිබුණහ.

අපරාජිත ශ්‍රී ලංකාව

බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං කණ්ඩායම් පරාජය කරමින් මූලික වටයේ සියලු තරග ජයගත් ශ්‍රී ලංකාව සිය කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.

අද ඉන්දියාව පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකාව අඛණ්ඩව තරග හතරක් ජයගෙන තිබේ.

මූලික වටයේදී පාකිස්තානය හමුවේ ද පරාජයට පත් වූ ඉන්දීය කණ්ඩායමට තරගාවලියෙන් විසිවි ගොස්ය.

හෙට (27) පාකිස්තාන ‘A’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘A’ කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතය. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග ශ්‍රී ලංකාව ලබන ඉරිදා (29) අවසන් මහා තරගයට පිවිසෙනු ඇත.

මේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට දකින්නට ලැබුණේ හුදෙක් ප්‍රවේගකාරී පිතිකරණයක් පමණක් නොවේ. දැවැන්ත ඉලක්කයක් ඉදිරියේ නොසැලෙන පිතිකරුවන් පිරිසකගේ සාමූහික ප්රයත්නයකි.

එක් පිතිකරුවකු දැවී ගිය පසු අනෙක් පිතිකරුවා ඉනිමේ වගකීම භාර ගන්නා ආකාරයත්, දිගු සබඳතා ගොඩනඟමින් තරගය නිමාව දක්වා රැගෙන යන ආකාරයත් එහිදී දැකගත හැකි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි තරුණ ක්‍රීඩකයන් පිරිසක් දෝහා පිටියේ සිටින බව අද ඔවුහු පෙන්වා දුන්හ. අද ඉන්දියාව කණෙන් ඇද විසි කර දමන ශ්‍රි ලංකා තරුණයින් ආසියානු කුසලානය අසලට සමීප වෙන්නේ නැගී එන ශ්‍රි ලංකා තරුණියන් අපරාජිතව ශූරතාවය දිනාගෙන ඇති පසුබිමකය. මේ දකිමින් ඇත්තේ ස්වර්ණමය අනාගතයක අප ප්‍රාර්ථනා කළ සිහිනයේ සුබ ලකුණුය. අප යළිත් ක්‍රිකට් ක්‍රිඩාවේ බලාපොරොත්තු තුළ ඉපදී සිටිමු.

ස්තුතිය උඹලට... දැනට ජීවත්වීම සදහා එය ප්රමාණවත්ය.