LSN News › Sri Lanka

ග්‍රීක බැඳුම්කර නඩුව: අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ පෙත්සම ඔක්තෝබර් 09 දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

පෙත්සම්කාර හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩු පවරා, පසුව එම අධිචෝදනා පත්‍රය ඉවත් කරගත් අල්ලස් කොමිසම, දූෂණ විරෝධී පනතේ වෙනත් විධිවිධාන යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නැවත තමාට එරෙහිව නඩු පැවරූ බවයි.

LSN Sri Lanka · 11 September 2026

ග්‍රීක බැඳුම්කර නඩුව: අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ පෙත්සම ඔක්තෝබර් 09 දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

2012 වසරේ සිදුවූ ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ගොනු කර ඇති අභියාචනා පෙත්සම ලබන ඔක්තෝබර් 09 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය.

ග්‍රීක බැඳුම්කරවල රුපියල් බිලියන 1.2ක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.

අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචනා පෙත්සම අද කැඳවනු ලැබීය. එහිදී අදාළ පෙත්සමට හිමි නොතීසි ඊයේ දිනයේදී ලැබුණු බව ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පෙත්සම්කාර හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩු පවරා, පසුව එම අධිචෝදනා පත්‍රය ඉවත් කරගත් අල්ලස් කොමිසම, දූෂණ විරෝධී පනතේ වෙනත් විධිවිධාන යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නැවත තමාට එරෙහිව නඩු පැවරූ බවයි.

එලෙස නැවත නඩු පැවරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් තමන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කළ ද එය ප්‍රතික්ෂේප වූ බව පෙත්සමේ දක්වා ඇත. එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙසත්, අදාළ නඩුවෙන් තමන් නිදහස් කරන ලෙසත් අජිත් නිවාඩ් කබ්‍රාල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ග්‍රීක බැඳුම්කර සිද්ධිය කුමක් ද?

මෙම ග්‍රීක බැඳුම්කර සිද්ධියට පසුබිම් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව 2011 අප්‍රේල් 5 වැනිදා, ග්‍රීසිය දැඩි රාජ්‍ය ණය අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී සිදුකළ ආයෝජනයකි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (COPE) වාර්තාව අනුව, මුහුණත වටිනාකම යුරෝ මිලියන 30ක් වූ ග්‍රීක රජයේ බැඳුම්කර යුරෝ මිලියන 22.16කට (එවකට රුපියල් බිලියන 3.47කට පමණ) මහ බැංකුව විසින් මිලදී ගෙන තිබිණි. එනම් යුරෝ 100ක මුහුණත වටිනාකමක් සහිත බැඳුම්කරයක් සඳහා යුරෝ 73.88ක් පමණ ගෙවා තිබේ. පසුව ග්‍රීක ණය අර්බුදය තවත් උග්‍ර වී බැඳුම්කරවල වටිනාකම දැඩි ලෙස පහළ ගිය අතර, එම ආයෝජනයෙන් සැලකිය යුතු පාඩුවක් සිදුවූ බව නිල වාර්තාවල සඳහන් වේ. මෙම ආයෝජන තීරණය ගන්නා අවස්ථාවේ පැවති ඉහළ ණය අවදානම නිසි ලෙස සැලකිල්ලට ගත්තේද යන්න පසුව මතුවූ ප්‍රධාන ප්‍රශ්නයක් වූ අතර, වර්තමාන නඩුවේදී එම ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල කර ඇති චෝදනාවල නීතිමය වගකීම තවමත් අධිකරණය හමුවේ විනිශ්චයට ලක්වෙමින් පවතී.