LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ආයෙත් ගුටි කෑමක් ද? ඉන්දියාව කඩුළු 09ට 503යි... අපි අදට ලකුණු 08ට කඩුළු 02යි....

ඉන්දීය කණ්ඩායම තරගයේ පූර්ණ ආධිපත්‍යය තහවුරු කරගෙනය. පළමු ඉනිම ඕවර 138කදී කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළේය. පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය නිමා වන විට ඕවර තුනක් තුළ ලකුණු 8කට කඩුලු 2ක් අහිමි කරගෙනය.

LSN Sri Lanka · 24 August 2026

ආයෙත් ගුටි කෑමක් ද?  ඉන්දියාව කඩුළු 09ට 503යි... අපි අදට ලකුණු 08ට කඩුළු 02යි....

දැන් අප ඉන්නේ ක්‍රිකට් බලන්න එපා හිතෙන තැනකය. ගෙදරට ආපු උන්ගෙන් මේ තරම් කුජිත ලෙස ගුටි කනවා දකින්නට සිදුවනු ඇතැයි ඉතිහාසයක් පුරා ක්‍රිකට් බලපු අපට හිතී තිබුණේ නැත. පළමු ඉනිමේ දෙවැනි දිනයේ දී ඉන්දියාව ලකුණු 503කට ඉනිම අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකාව කඩුලු 02ක් ඔවුන්ට පූජා කර තිබෙන්නේ ලකුණු 08කටය. දෙවැනි ටෙස්ට් තරගයත් නන්නත්තාර නොවී බේරුනොත් වාසනාවකි.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩාව අවසානයේ ඉන්දීය කණ්ඩායම තරගයේ පූර්ණ ආධිපත්‍යය තහවුරු කරගෙනය. පළමු ඉනිම ඕවර 138කදී කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළේය. පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය නිමා වන විට ඕවර තුනක් තුළ ලකුණු 8කට කඩුලු 2ක් අහිමි කරගෙනය. අපි ඉන්දියාවට වඩා ලකුණු 495ක් පසුපසිනි.

ජුරෙල්ගේ නොදැවුණු ශතකය සහ ඉන්දීය ඉනිම

පළමු දිනය අවසානයේ කඩුලු 5කට ලකුණු 300ක් ලබා සිටි ඉන්දියාව වෙනුවෙන් දෙවැනි දිනයේදී ධ්‍රුව් ජුරෙල් සහ රිෂාබ් පාන්ට් හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 112ක සබඳතාවක් ගොඩනැගූහ. රිෂබ් පාන්ට් ලකුණු 63ක් ලබා සිටියදී දැවී ගියේය. ඒ කේෂර නුවන්තගේ පන්දුවක් හමුවේ ලෝන්ග් ඕෆ් හිදී උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධ්‍රුව් ජුරෙල් පන්දු 177කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 115ක් රැස් කළේය. මෙය ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකයයි. වර්ෂාව හේතුවෙන් තරගයට බාධා සිදුවන විට ලකුණු 95ක් ලබා සිටි ජුරෙල්, නැවත තරගය ආරම්භ වීමෙන් පසු කඩිනමින් සිය ශතකය සම්පූර්ණ කළේය. මීට අමතරව දෙව්දත් පදිකල් ලකුණු 117ක්, ශුබ්මන් ගිල් ලකුණු 50ක්, යශස්වී ජයිස්වාල් ලකුණු 45ක් සහ රවීන්ද්‍ර ජාදේජා ලකුණු 43ක් ලෙස ඉන්දීය ඉනිමට දායක වූහ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 106කට කඩුලු 4ක් දවාගත් අතර, ප්‍රභාත් ජයසූරිය ලකුණු 132කට කඩුලු 2ක් සහ කේෂර නුවන්ත ලකුණු 154කට කඩුලු 2ක් බිඳහෙලූහ. වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේදී දෙවරක් තරගයට බාධා වූ අතර, සන්ධ්‍යා භාගයේදී කාලය අඩුවීම නිසා ඉන්දීය නායකත්වය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට ආරම්භක ප්‍රහාරයක්

ලකුණු 504ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු දෙක ඉතා ඉක්මනින් බිඳවැටුණි. ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ පන්දුවක් හමුවේ ලහිරු උදාර ලකුණු එකකට දැවී ගිය අතර, ප්‍රභාත් ජයසූරිය ලකුණු 2කට මනව් සුතාර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. දිනය නිමා වන විට කමිල් මිෂාර නොදැවී ලකුණු 5ක් ලබා සිටි අතර, අඳුරු ආලෝකය නිසා තරගය වේලාසනින් නතර කිරීමට විනිසුරුවරු පියවර ගත්හ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

සංක්ෂිප්ත ලකුණු පුවරුව

ඉන්දියාව (පළමු ඉනිම): 503/9d ( දේව්දූත් පඩික්කාල් 117, ධ්‍රුව් ජුරෙල් - නොදැවි 115යි, රිෂබ් පාන්ට් 63, අසිත ප්‍රනාන්දු 4/106, ප්‍රභාත් ජයසූරිය 2/132, කේෂර නුවන්ත 2/154)

ශ්‍රී ලංකාව (පළමු ඉනිම):8/2 (කමිල් මිෂාර නොදැවී 05යි, ප්‍රසිද් ක්‍රිෂ්ණා 1/1, මනව් සුතාර් 1/6) - ශ්‍රී ලංකාව ලකුණු 495ක් පසුපසින්*