LSN News › Sri Lanka

කොළඹ ක්ෂය රෝගීන් වසරකට 1,000 පනී: හදිසි ඖෂධ ගෙන්වයි!

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මුළු ක්ෂය රෝගීන්ගෙන් සියයට 25ක්ම වාර්තා වන්නේ කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශවලින් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

LSN Sri Lanka · 25 October 2026

කොළඹ ක්ෂය රෝගීන් වසරකට 1,000 පනී: හදිසි ඖෂධ ගෙන්වයි!

කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ක්ෂය රෝගය ව්‍යාප්ත වීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ගතවූ වසර කිහිපය තුළ නාගරික සීමාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වසරකට 1,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවත් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

</p>

<p>

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මුළු ක්ෂය රෝගීන්ගෙන් සියයට 25ක්ම වාර්තා වන්නේ කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශවලින් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

</p>

<p>

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව, කොළඹ නාගරික බලප්‍රදේශය තුළ 2019 වර්ෂයේදී ක්ෂය රෝගීන් 871 දෙනෙකු වාර්තා වී තිබූ අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 2024 වර්ෂයේදීය. එම සංඛ්‍යාව 1,064කි.

</p>

<p>

කොළඹ නාගරික බලප්‍රදේශය තුළ වසරකට වාර්තාවන ක්ෂය රෝගීන් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවුවද, මුළු කොළඹ දිස්ත්‍රික්කය තුළින් වසරකට වාර්තා වන ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 2,000ට අධික වන බවද පැවසේ.

</p>

<p>

මේ අතර, හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් මිලියන 52ක වටිනාකමකින් යුතු ක්ෂය රෝගීන්ට ලබා දෙන ඖෂධ තොගයක් ඉන්දියාවෙන් මිලදී ගෙන ඇති අතර, එම ඖෂධ මේ වන විටත් රෝහල් සහ සායන වෙත බෙදා හැර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.