LSN News › Sri Lanka

ලංකාවට එවීමට තැත් කළ රුපියල් බිලියන 1.2කට වැඩි වටිනාකමක් ඇති කිලෝ 57ක මත්ද්‍රව්‍ය තොගයක් ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපොළේදී කැනඩා බලධාරීන් භාරයට!

LSN Sri Lanka · 26 September 2026

ලංකාවට එවීමට තැත් කළ රුපියල් බිලියන 1.2කට වැඩි වටිනාකමක් ඇති  කිලෝ 57ක මත්ද්‍රව්‍ය තොගයක් ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපොළේදී කැනඩා බලධාරීන් භාරයට!

ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ මහා පරිමාණ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනයේ (CBSA) නිලධාරීන් සමත් වී තිබේ.

ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සිදු කළ විශේෂ පරීක්ෂාවකදී, ගුවන් මගියෙකුගේ ගමන් බෑග් තුළ සඟවා තිබූ හෂීස් කිලෝග්‍රෑම් 44ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 13ක් මෙලෙස සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 57කි. සමස්ත මත්ද්‍රව්‍ය තොගයේ ලංකාවේ දළ වීදි වටිනාකම රුපියල් බිලියන 1.2 කට අධික (රුපියල් කෝටි 120 කට වැඩි) අගයක් ගනී.

මෙම මත්ද්‍රව්‍ය වැටලීම 2026 සැප්තැම්බර් 03 වන දින සිදු කර ඇති අතර, කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනය සිය නිල X (ට්විටර්) ගිණුම හරහා ඒ පිළිබඳව නිල වශයෙන් තොරතුරු අනාවරණය කර ඇත්තේ සැප්තැම්බර් 23 වනදාය. අනතුරුව CTV News සහ CP24 පුවත් සේවාවන් සැප්තැම්බර් 24 වනදා මේ පිළිබඳව වාර්තා කර තිබිනි.

බලධාරීන්ගේ ප්‍රකාශ

අදාළ මගියාගේ ගමන් බෑග් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමු වී ඇති අතර, එම බෑග් ශ්‍රී ලංකාව වෙත ගෙන යාමට නියමිතව තිබූ බව තහවුරු වී තිබේ. සිදුවීමට අදාළව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයද සමගින් එම පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා ඔන්ටේරියෝ හි පිහිටි කැනඩා රාජකීය අශ්වාරෝහක පොලිසිය (RCMP) වෙත භාර දී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් CTV News වෙත අදහස් දක්වමින් කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, " දැඩි සවිස්තරාත්මක පරීක්ෂාවක් අවශ්‍ය වන්නේද යන්න තීරණය කිරීම සඳහා CBSA නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන්, බුද්ධි තොරතුරු, විශේෂ පරීක්ෂණ උපකරණ මෙන්ම පුද්ගලයන්ගේ සැකකටයුතු හැසිරීම් රටාවන් නිරීක්ෂණය කිරීම සිදු කරන" බවය.

එමෙන්ම අදාළ වැටලීමට සම්බන්ධ ඡායාරූප කිහිපයක්ද දේශසීමා සේවා නියෝජිතායතනය විසින් මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, එහි ගමන් බෑග් තුනක් අසල අසුරන ලද සැකකටයුතු මත්ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් දක්නට ලැබේ.

තවමත් අනාවරණය වී නොමැති තොරතුරු

2026 සැප්තැම්බර් 26 වනදා වන තෙක්ම මෙම සිදුවීමට අදාළව පහත සඳහන් තොරතුරු කැනඩියානු බලධාරීන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත:

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නම, වයස හෝ ජාතිකත්වය

අදාළ ගුවන් වාරය (Flight)

එල්ල කර ඇති චෝදනා

නඩුව අධිකරණය හමුවේ කැඳවන දිනය

මෙම සිදුවීම සම්බන්ධයෙන් කැනඩා රාජකීය අශ්වාරෝහක පොලිසිය (RCMP) විසින් ද මෙතෙක් වෙනම නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

සොයාගත් මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් පිටතට යාමට පෙර අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර, සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ. සැප්තැම්බර් 26 වනදා පස්වරුව වන තෙක්ම මේ සම්බන්ධයෙන් වෙනත් අලුත්ම නිල යාවත්කාලීන කිරීමක් සිදුවී නොමැත.