රුපියල් මිලියන 1,210.52ක් වටිනා බාල ඖෂධ කුණුකූඩයට! - විගණනය හෙලි කරන අපරාධයක්...
තවද, මහනුවර ජාතික රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කුරුණෑගල, ඇඹිලිපිටිය සහ කෑගල්ල යන රෝහල්වල රුපියල් මිලියන 25.71ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් වර්ග 34කට වැඩි ප්‍රමාණයක් පැවති බවත්, ඒවා තත්ත්වයෙන් අසමත් බව නිවේදනය කරන විටත් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් වෙත නිකුත් කර තිබූ බවත් වාර්තාව පෙන්වා දෙයි.
LSN Sri Lanka ·

රජයේ රෝහල් වෙත නිකුත් කළ ඖෂධ, ශල්‍ය හා රසායනාගාර යන වෛද්‍ය සැපයුම් අතුරින් තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් රුපියල් මිලියන 1,210.52ක වෛද්‍ය සැපයුම් ඉකුත් 2025 වර්ෂයේදී භාවිතයෙන් ඉවත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

එමෙන්ම, තවත් රුපියල් මිලියන 1,409.23ක් වටිනා වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් වීම මත තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ. දෘෂ්‍ය අංශු පැවතීම, ඖෂධවේද පිරිවිතරයන්ට අනුකූල නොවීම, වර්ණ වෙනස් වීම හා අහිතකර ප්‍රතික්‍රියා ඇති වීම වැනි හේතු මත මෙම වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් වී තිබේ.

මෙලෙස තත්ත්වයෙන් අසමත් වූ ඖෂධ අතර අක්ෂි බැක්ටීරියා ආසාදන, දියවැඩියාව, හෘද රෝග, පිළිකා, ශ්වසන, සමේ හා මානසික රෝග සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ද තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

තවද, මහනුවර ජාතික රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කුරුණෑගල, ඇඹිලිපිටිය සහ කෑගල්ල යන රෝහල්වල රුපියල් මිලියන 25.71ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් වර්ග 34කට වැඩි ප්‍රමාණයක් පැවති බවත්, ඒවා තත්ත්වයෙන් අසමත් බව නිවේදනය කරන විටත් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් වෙත නිකුත් කර තිබූ බවත් වාර්තාව පෙන්වා දෙයි.

නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම සහ පිරිවිතරයන්ට අනුකූල නොවූ තොග භාර ගැනීම ආදී කරුණු ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව විගණන වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත්, ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් නිෂ්පාදනයේදී ප්‍රමිතියෙන් අසමත් වීමේ යම් සම්භාවිතාවක් පවතින අතර, එවැනි අවස්ථාවලදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මගින් ගනු ලබන තීරණ මත ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.