LSN News › Sri Lanka

උතුරේ මුහුදේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම: බිලියන 1.5ක අයිස් සහ හෙරොයින් නාවික හමුදා භාරයට !

යාපනය මාදගල් සහ කුසුමන්තුරෙයි මුහුදු තීරයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් රුපියල් බිලියන 1.5කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක් සමඟ සැකකරුවෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

LSN Sri Lanka · 27 September 2026

උතුරේ මුහුදේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම: බිලියන 1.5ක අයිස් සහ හෙරොයින් නාවික හමුදා භාරයට !

යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශය සහ මුහුදු තීරය ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව අද (27) අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් බිලියන 1.5කට අධික වීථි වටිනාකමකින් යුත් අයිස් (Crystal Methamphetamine) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට ලැබුණු විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘අග්බෝ’ ආයතනය සහ විධාන දියත් අංශ එක්ව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එහිදී අදාළ ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාව සමඟ සැකකරු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහාය ඇතිව සිදුකළ වැඩිදුර පරීක්ෂාවලදී, එහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45.5ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35.7ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක් පැවති බවට තහවුරු වී ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය, සැකකරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

මෙම වැටලීම සම්බන්ධයෙන් බත්තරමුල්ල නාවික හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ නාවික හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් කොමදෝරු චමින්ද කරුණාසේන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමාන්තරව ‘රටම එකට’ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි නාවික හමුදාව තීව්‍ර මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරන බවයි.

උතුරු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් වැඩිම විෂ මත්ද්‍රව්‍ය තොගය මෙය වන බවත්, ප්‍රථම වතාවට කිලෝග්‍රෑම් පහ බැගින් වූ අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් මෙම තොගයේ තිබීම විශේෂත්වයක් බවත් අමාත්‍යවරයා පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය වසරේදී රුපියල් බිලියන 75කට අධික දළ වීථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් රුපියල් බිලියන 56කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් මෙහෙයුම් තීව්‍ර කර ඇති බැවින් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදීමට 1818 හෝ 1997 ක්ෂණික දුරකථන අංක භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳ සමාජය දැනුවත් කිරීමට මාධ්‍ය ඉටුකරන කාර්යභාරයද ඇගයීමට ලක් කළේය.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මතින් තොර රටක් සහ නිරෝගී පුරවැසි දිවියක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එකතුව නාවික හමුදාව නොකඩවා මෙහෙයුම් සිදුකරන බවය. ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබාදෙන නවීන තාක්ෂණික උපාංග හේතුවෙන් සංකීර්ණ සාගර පරිසරයක වුවද සාර්ථක ලෙස මෙහෙයුම් කිරීමට හැකියාව ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීමට නාවික හමුදාව කැපවී සිටින අතරම, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීමට හෝ ඊට අනුබලදීමට දරන කිසිදු උත්සාහයකට ඉඩ නොතබන බවද නාවික හමුදාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නාවික හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් කොමදෝරු චමින්ද කරුණාසේන සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනද අදහස් දක්වමින් කියා සිටියේ, නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් දේශීය ජල තීරයේ සිට ගැඹුරු මුහුද දක්වා ආවේක්ෂණ කටයුතු සිදුකරමින් රට තුළට මත්ද්‍රව්‍ය ගැලීම වැළැක්වීමේ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.