දූෂිත නිලධාරීන්ට තරාතිරම නොබලා දැඩි නීතිය: විවිධ වැරදි නිසා පොලිස් නිලධාරීන් 1,500කගේ වැඩ තහනම්! – සැකපිට 208ක් අත්අඩංගුවට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!
පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇති නුසුදුසු සහ දූෂිත චරිත හඳුනාගෙන ඔවුන් ඉවත් කිරීමටත්, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා ඇති බැවින් පොලිසිය කෙරෙහි විශ්වාසය තබන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
LSN Sri Lanka ·

විවිධ වැරදි සහ නීතිවිරෝධී ක්‍රියාවල නිරත වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.
</p>
<p>
අද දෙරණ වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට පවා සම්බන්ධ වී ඇති බවත්, ඒ අනුව මේ වන විට විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
</p>
<p>
පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇති නුසුදුසු සහ දූෂිත චරිත හඳුනාගෙන ඔවුන් ඉවත් කිරීමටත්, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා ඇති බැවින් පොලිසිය කෙරෙහි විශ්වාසය තබන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
</p>
<p>
එමෙන්ම 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ළමුන් 11,131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතර ගැහැනු ළමුන් 233 දෙනෙකු සිටීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.
</p>
<p>
තම දරුවන්ගේ කෑම බීම, හැසිරීම් රටාව, කතාබහ සහ ඇසුරු කරන මිතුරන්ගේ වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි සහකාර පොලිස් අධිකාරීවරයා, පාසල් සහ උපකාරක පන්ති ආශ්‍රිතව අයිස් පැකට්, බොම්බේ මොටයි සහ සාරවිට වැනි දෑ හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා ෆේස්බුක් සාද පිළිබඳව බුද්ධි නිලධාරීන් යොදවා දැඩි ලෙස අධීක්ෂණය කරමින් ඒවා නතර කිරීමට කටයුතු කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.