පොලිසියට පහරදීමේ නඩුව: වසර 1 ½ ක සිරදඬුවම් ලැබ සිටි චමින්ද විජේසිරි ඇප මත මුදා හැරෙයි!
2019 වසරේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මාර්ගය අවහිර කර, පහරදී මරණීය තර්ජනය කිරීමේ නඩුවට අදාළව වසර එකහමාරක (මාස 18) සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, අභියාචනයට යටත්ව ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණය අද (අගෝස්තු 24) නියෝග කළේය.
LSN Sri Lanka ·

2019 වසරේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මහ මග දී මාර්ගය අවහිර කර, පහරදී මරණීය තර්ජනය කිරීමේ නඩුවට අදාළව වසර එකහමාරක (මාස 18) සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, අභියාචනයට යටත්ව ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණය අද (අගෝස්තු 24) නියෝග කළේය.

ඇප ලබා ගැනීමෙන් පසු චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා සිය පියාගේ මරණ ගෙදරට එක් වීම සඳහා බන්ධනාගාරයේ සිට ගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණේය. ඔහුගේ තාත්තා දිවියෙන් සමු ගන්නේ ඊයේ දිනයේ දී ය.

චමින්ද විජේසිරි බන්ධනාගත කරන දණ්ඩනයට නිමිත්තවූ සිදුවීම වන්නේ ෙ 2019 වසරේ පෙබරවාරි 10 වැනිදාය. එදින බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී චමින්ද විජේසිරි සහ ඔහුගේ කණ්ඩායම ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, එම ස්ථානයෙන් ගමන් ගත් පොලිස් ජීප් රථයක් ඔවුන් පස්කර ගොස් ඇත. මේ සිද්ධිය මුල් කරගනිමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පොලිසිය සමග ආරවුලක පැටලී තිබිණි.

පැමිණිලි පාර්ශ්වය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ කණ්ඩායම විසින් පොලිස් රථයේ ගමන අයුතු ලෙස අවහිර කර, නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කරමින් ශාරීරික පහරදීම් සිදුකර තුවාල සිදුකර ඇති බවය.

මෙම සිදුවීමට අදාළව පහත සඳහන් ප්‍රධාන චෝදනා යටතේ චමින්ද විජේසිරි ඇතුළු පිරිසට නඩු පවරා තිබුණි:

අයුතු අවහිරය සිදුකිරීම

පහරදී තුවාල හෝ ශාරීරික හානි සිදුකිරීම

රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම

අධිකරණ තීන්දුව

මෙම නඩුව චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ බන්දුල රත්නායක සහ අමාත්‍ය ආරක්ෂක අංශයේ (MSD) නිලධාරියෙකු වූ රසික කරුණාතිලක යන අයට එරෙහිව ගොනු කර තිබුණි. බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි ඉදිරියේ නඩු විභාගය පැවැත්විණි.

නඩු විභාගය අතරතුර රියදුරු බන්දුල රත්නායක මියගොස් ඇති බව අධිකරණයට දැනුම් දී තිබූ අතර, විභාගය අවසානයේ චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක චෝදනා හතරටම වරදකරුවන් විය. ආරක්ෂක නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකට වරදකරු විය.

ඒ අනුව, 2026 ජූලි 28 වැනිදා බදුල්ල මහාධිකරණය විසින් චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිරදඬුවම් නියම කරන ලදී. මෙම තීන්දුවට එරෙහිව ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය.

ඇප කොන්දේසි

ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ බදුල්ල මහාධිකරණය අද (අගෝස්තු 24) තීන්දු කළේ නඩුවේ අවසන් තීන්දුව තෙක් ඔහුව ඇප මත මුදා හැරීමටය.

අධිකරණය මගින් පැනවූ ඇප කොන්දේසි මෙසේය:

රුපියල් 50,000ක මුදල් ඇපයක්

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්

අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව විදේශ ගතවීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම