LSN News › Sri Lanka

තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට නීත්‍යානුකූල රැකියා: බැංකොක්හි ගිවිසුම් මගින් රටට විවර වන නව රැකියා වෙළෙදපල...

මැදපෙරදිග සහ ආසියානු රටවල් කිහිපයකට සීමා වූ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා රටාවට තායිලන්තය නව ගමනාන්තයක් ලෙස එක්වීම මෙම ගිවිසුම්වලින් අපේක්ෂා කෙරේ. රජය පැවසුවේ, මෙයින් නීතිවිරෝධී බඳවා ගැනීම් අවම කරමින්, ආරක්ෂිත හා ක්‍රමානුකූල ශ්‍රම චලනයක් ඇති කිරීමට හැකි වනු ඇති බවයි.

LSN Sri Lanka · 15 September 2026

තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට නීත්‍යානුකූල රැකියා: බැංකොක්හි ගිවිසුම් මගින් රටට විවර වන නව රැකියා වෙළෙදපල...

තායිලන්තයේ ශ්‍රම හිඟය පියවීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුලික වශයෙන් 10,000ක් නීත්‍යානුකූලව බඳවා ගැනීමට මග පාදමින්, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වී පාර්ශවික ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් දෙකකට ඊයේ (14) බැංකොක්හිදී අත්සන් තැබිණි.

ගිවිසුම්වලට අත්සන් තැබුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ තායිලන්තයේ කම්කරු අමාත්‍ය ජුලාපන් අමෝර්න්වි (Julapun Amornvivat)ය. තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනයෙන් සැප්තැම්බර් 14 සිට 16 දක්වා පැවැත්වෙන නිල සංචාරයේදී මෙම අත්සන් කිරීම සිදු විය.

මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම සහ රඳවා තබා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය නෛතික රාමුව සපයන අතර, ඔවුන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමටද පියවර ගෙන තිබේ.

තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස, ස්ථාපිත නෛතික රාමුව යටතේ ප්‍රථම අදියර වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ගිවිසුම් දෙක කුමක්ද?

අත්සන් කළ ලේඛන දෙක වන්නේ:

1 ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU)

2. තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියාවේ යෙදවීම පිළිබඳ ගිවිසුම (MoA)

ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමෙන් ආවරණය වන්නේ ශ්‍රම ප්‍රතිපත්ති සහ භාවිතයන්, ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු හුවමාරුව, කුසලතා සංවර්ධනය, ශ්‍රම ඵලදායිතාව, ශ්‍රමික ආරක්ෂාව මෙන්ම නීතිවිරෝධී බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම වැළැක්වීමය.

රැකියා ගිවිසුමෙන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය, රැකියා ගිවිසුම්, නීතිමය ආරක්ෂාව, සුභසාධනය, වීසා සහ වැඩ බලපත්‍ර, ආපසු පැමිණීම සහ මව්රටට යැවීම යන ක්ෂේත්‍ර නිශ්චිතව ආවරණය වේ.

තායිලන්ත කැබිනට් මණ්ඩලය මෙම නීතිමය රාමුව යටතේ මුලික වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇත. තායිලන්ත මාධ්‍ය වාර්තා අනුව, කාම්බෝජ දේශසීමා ආතතිය හේතුවෙන් එරට ශ්‍රමිකයන් විශාල පිරිසක් ආපසු ගිය පසු ඇති වූ ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාව පරීක්ෂණාත්මක (pilot) මූලාශ්‍රයක් ලෙස තෝරාගෙන තිබේ. ඉදිකිරීම්, කෘෂිකර්මය සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍ර මේ සඳහා මූලිකව සඳහන් වේ.

ශ්‍රමිකයන්ට ලැබෙන ආරක්ෂාව

තායිලන්ත කම්කරු අමාත්‍ය ජුලාපන් අමෝර්න්විට් පැවසුවේ, මෙම රාමුව යටතේ බඳවා ගන්නා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තායි ශ්‍රම නීතිය යටතේ සමාන අයිතිවාසිකම් සහ ආරක්ෂාව හිමිවන බවය. නීතියෙන් නියමිත වැටුප්, ප්‍රතිලාභ සහ සෞඛ්‍ය පහසුකම්ද ඊට ඇතුළත් වේ.

තායිලන්ත පාර්ශ්වය විසින් පැහැදිලි කර ඇති ප්‍රධාන කොන්දේසි අතර මේවා ඇතුළත් වේ:

ශ්‍රමිකයා තායිලන්තයට පැමිණීමට පෙර සේවායෝජකයා සමඟ කෙලින්ම රැකියා ගිවිසුමකට අත්සන් තැබිය යුතුය.

වැඩ බලපත්‍රය ලබාගෙන, අනුමත සේවායෝජකයා සහ රැකියාව සඳහා පමණක් සේවය කළ යුතුය.

සෞඛ්‍ය පරීක්ෂණ සහ සෞඛ්‍ය රක්ෂණය අනිවාර්යයි.

මුල් ගිවිසුම වසර දෙකකි. තවත් වසර දෙකකට අලුත් කළ හැකිය. ඉන්පසු ශ්‍රමිකයා මව්රටට ආපසු යා යුතුය.

ගිවිසුම් කාලය සම්පූර්ණ කළ විට ආපසු යැවීමේ වියදම සේවායෝජකයා දරයි.

අමාත්‍ය විජිත හේරත්ගේ ඉල්ලීම: තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රයද විවෘත කරන්න

අමාත්‍ය විජිත හේරත් තායි රජයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ස්තුති කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ සමාජ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ඔහු ගිවිසුම් ක්‍රියාත්මක වීම අධීක්ෂණයට ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් (Joint Working Group) පිහිටුවන ලෙස යෝජනා කළ අතර, විශේෂයෙන් තරුණයන් සඳහා තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පුළුල් කරන ලෙසද ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා X ජාලයේ පණිවිඩයක් තබමින් සඳහන් කළේ, මෙය ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ රැකියා ගමනාන්ත විවිධාංගීකරණය කිරීමේ සහ දෙරට අතර සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවය.

මෙම සංචාරයේදී අමාත්‍ය හේරත් තායිලන්ත සංචාරක අමාත්‍යවරයා සහ වැඩබලන විදේශ අමාත්‍යවරයාද හමුවීමට නියමිතය. රැකියා, සංක්‍රමණය, ශ්‍රම චලනය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහකාරිත්වය එම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකා වේ.

විදේශ රැකියා ප්‍රතිපත්තියේ තේරුම

මැදපෙරදිග සහ ආසියානු රටවල් කිහිපයකට සීමා වූ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා රටාවට තායිලන්තය නව ගමනාන්තයක් ලෙස එක්වීම මෙම ගිවිසුම්වලින් අපේක්ෂා කෙරේ. රජය පැවසුවේ, මෙයින් නීතිවිරෝධී බඳවා ගැනීම් අවම කරමින්, ආරක්ෂිත හා ක්‍රමානුකූල ශ්‍රම චලනයක් ඇති කිරීමට හැකි වනු ඇති බවයි.

තායිලන්තය සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 60කට වීසා රහිත පිවිසුම අවසන් කර ඇති අතර, ඒ සමඟම මෙම ශ්‍රම ගිවිසුම් නීත්‍යානුකූල රැකියා මාර්ගයක් විවෘත කරයි. රැකියා සඳහා යන අයට වෙනම වීසා සහ වැඩ බලපත්‍ර ක්‍රියාවලියක් යටතේ ගමන් කිරීමට සිදුවේ.

බඳවා ගැනීම් ක්‍රියාත්මක වන දිනය සහ අයදුම්පත් කැඳවන ආකාරය පිළිබඳ විස්තර තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සහ තායිලන්ත කම්කරු අමාත්‍යාංශය මීළඟ පියවර ඉදිරි දිනවලදී නිවේදනය කිරීමට නියමිතය.

මෙම සැලසුම තායිලන්ත ජාතික ශ්‍රමිකයන් විස්ථාපනය කිරීමක් නොවන බවත්, දේශීය වශයෙන් පිරවීමට අපහසු, විශේෂයෙන්ම දැඩි ශ්‍රම දායකත්වයක් අවශ්‍ය වන රැකියා පුරප්පාඩු පියවීම අරමුණු කරගත් එකක් බවත් තායිලන්ත කම්කරු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඔහු පවසන්නේ "මෙම සහයෝගීතාවය මගින් නීත්‍යානුකූල සහ කාර්යක්ෂම පද්ධතියක් ඔස්සේ විදේශීය ශ්‍රමිකයන් රට තුළට පැමිණෙන අතරම, තායිලන්තයේ ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යාමටද උපකාරී වේ," ලෙසය.

බොහෝ තායිලන්ත ජාතිකයන් ඉදිරිපත් නොවන රැකියා අවස්ථාවල ඇති හිදැස නොපිරවුවහොත් සැපයුම් දාමයන් බිඳවැටීම සහ තායිලන්තයේ ආර්ථික තරගකාරීත්වය ගිලිහී යාම වැනි බරපතල ප්‍රපංචයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව අමාත්‍යවරයා පවසා ඇත.

එබැවින් විදේශීය ශ්‍රමිකයන් සදහා වන නීත්‍යානුකූල මාර්ග පුළුල් කිරීමට තායිලන්ත රජය පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ මූලික ඉලක්කගත රටක් වන අතර, මෙම නෛතික එකඟතාවයට පැමිණීමට පෙර දෙරටේ රජයන් වසර කිහිපයක් පුරා සාකච්ඡා පැවැත්වීමෙන් පසුව බවත් තායිලන්ත මාධ්‍ය අමතාවරයා උපුටා දක්වමින් වාර්තා කර තිබේ.