LSN News › Sri Lanka

ලැක්ටොස් වත්තේ පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

සිරදඬුවම් නියම වූයේ අබූ හනීෆා මොහොමඩ් මුසිෆ් සහ අමීර් හමසා මොහොමඩ් හමාස් යන විත්තිකරුවන් දෙදෙනාටය. අදාළ සිරදඬුවම විත්තිකරුවන් රැඳවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලය අඩුකර ක්‍රියාත්මක කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

LSN Sri Lanka · 7 October 2026

ලැක්ටොස් වත්තේ පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ලැක්ටොස් වත්තේ පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටොස් වත්තේ නීතිවිරෝධී ආකාරයෙන් පුපුරන ද්‍රව්‍ය රැස්කර තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (07) නියෝග කළේය.

මෙසේ සිරදඬුවම් නියම වූයේ අබූ හනීෆා මොහොමඩ් මුසිෆ් සහ අමීර් හමසා මොහොමඩ් හමාස් යන විත්තිකරුවන් දෙදෙනාටය.

ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංහප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

අදාළ සිරදඬුවම විත්තිකරුවන් රැඳවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලය අඩුකර ක්‍රියාත්මක කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කළේය.

2019 වසරේ දී පුපුරන ද්‍රව්‍ය ලෙස සැලකෙන නයිට්‍රේට් තොගයක්, ජීව උණ්ඩ 12ක්, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නයිට්‍රජන් ඇසිඩ් හා යූරියා තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ තිබී භාරයට ගන්නා ලදී.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අබූ හනීෆා මොහොමඩ් මුසිෆ්, අමීර් හමසා මොහොමඩ් හමාස්, මොහොමඩ් ෂරිෆු ආදම් ලෙබ්බේ, මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මොහොමදු ඉබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් රමීෂ් සහ මොහොමඩ් සාජිත් යන අයට එරෙහිව අධිචෝදනා 14ක් යටතේ නඩු පවරා තිබුණි.

එම අධිචෝදනාවලට පසුගිය 28 වනදා පළමු විත්තිකාර අබූ හනීෆා මොහොමඩ් මුසිෆ් සහ දෙවන විත්තිකාර අමීර් හමසා මොහොමඩ් හමාස් යන අය වරද පිළිගනු ලැබූ අතර, ඒ අනුව විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව අද දින කැඳවනු ලැබීය.