මෙරට ජනගහනයෙන් 10% ක් නිදන්ගත වකුගඩු රෝග අවදානමේ – රුධිර කාන්දුකරණයට පමණක් වසරකට රුපියල් බිලියන 16.8 ක් වැය වෙනවා !
2025 වසර වන විට මෙරටින් වාර්තා වූ නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 112,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉන් රෝගීන් 8,000 ක් පමණ රුධිර කාන්දුකරණ (Dialysis) ප්‍රතිකාර ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එම රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා පමණක් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 16.8 ක පමණ දැවැන්ත මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.
LSN Sri Lanka ·

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 10 ක් පමණ, එනම් මිලියන 2.2 ක පිරිසක් නිදන්ගත වකුගඩු රෝගයෙන් (Chronic Kidney Disease) පෙළෙනු ඇති බවට ශ්‍රී ලංකා වකුගඩු රෝග විශේෂඥයින්ගේ සංගමය (Sri Lanka Society of Nephrology - SLSON) ඇස්තමේන්තු කර තිබේ.

කල් තියා රෝගය හඳුනා ගැනීම සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම මගින් රෝගය අවසන් අදියර දක්වා වර්ධනය වීම සියයට 30 කින් පමණ අඩු කර ගත හැකි බව විශේෂඥයින් පෙන්වා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස පවසයි.

2025 වසර වන විට මෙරටින් වාර්තා වූ නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 112,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉන් රෝගීන් 8,000 ක් පමණ රුධිර කාන්දුකරණ (Dialysis) ප්‍රතිකාර ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එම රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා පමණක් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 16.8 ක පමණ දැවැන්ත මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙරට වකුගඩු බද්ධ කිරීමේ සේවාවන්හි කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් 2024 වසරේදී සිදු කළ වකුගඩු බද්ධ කිරීම් 241 ක ප්‍රමාණය, 2025 වසරේදී 557 දක්වා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස පෙන්වා දෙයි.

තවද, සෞඛ්‍ය ක්ෂේත්රයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ ජාතික වකුගඩු රෝගීන්ගේ දත්ත පද්ධතියක් සහ ජාතික අවයව බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා වකුගඩු රෝග විශේෂඥයින්ගේ සංගමය විසින් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී සංවිධානය කර තිබූ "NephCON 2026" හත්වන වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.