LSN News › Sri Lanka

නිරිතදිග කලාපයට අනෝරා වැසි වැටෙද්දී දිස්ත්‍රික්ක 10 ක පුද්ගලයින් 169,071 දෙනෙකු නියඟයෙන් පීඩාවට!

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නවතම දත්තවලට අනුව, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක පවුල් 51,959 කට අයත් පුද්ගලයින් 169,071 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. මෙයින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයයි.

LSN Sri Lanka · 26 September 2026

නිරිතදිග කලාපයට අනෝරා වැසි වැටෙද්දී  දිස්ත්‍රික්ක 10 ක  පුද්ගලයින් 169,071 දෙනෙකු නියඟයෙන් පීඩාවට!

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, බේරුවල සිට මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැක. එමෙන්ම ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මුහුදේ තත්ත්වය පිළිබඳ ඇම්බර් වර්ණයේ අවවාදාත්මක නිවේදනයක්

මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා 'ඇම්බර්' වර්ණයෙන් යුතු විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (26) පෙ.ව. 09.00 සිට හෙට (27) පෙ.ව. 09.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නිවේදනය වලංගු වේ.

එම නිවේදනයට අනුව, හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 3.0 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව මෙන්ම, අදාළ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාව ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සූදානමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

නියඟය සහ ජලාශවල ජල මට්ටම පිළිබඳ නවතම යාවත්කාලීන තොරතුරු

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නවතම දත්තවලට අනුව, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක පවුල් 51,959 කට අයත් පුද්ගලයින් 169,071 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. මෙයින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයයි. මේ අතර ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464 න් 1,897 ක් වියළි කාලගුණය නිසා අවදානමට ලක්ව ඇති අතර දිස්ත්‍රික්ක 8 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 ක පවුල් 40,945 කට පානීය ජල හිඟයක් මතුව තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව මේ වන විට 34% - 47% දක්වා පහත වැටී ඇති අතර, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල ජල මට්ටම 20% ක පමණ පහළ අගයක පවතී. අධික රශ්මිය නිසා ජලය වාෂ්පීකරණය වීම ඉහළ ගොස් ඇති බැවින් ජලය අඩුවෙන් හා සුපරික්ෂාකාරීව භාවිත කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.