LSN News › Sri Lanka

පාඨලී චම්පිකට එරෙහි රිය අනතුරු නඩුව ලබන 10 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට!

අනතුර සිදුකළ ජීප් රථය සරණ පාර දෙසට හරවා ගමන් කර බොරැල්ල දෙසට යන විට පාර හරස් කර නැවැත්වීමට තමන්ට හැකි වූ බවත්, ජීප් රථයේ රියදුරු අසුනේ සිටි තැනැත්තා "ගහන්න එපා, මම ඇමැති චම්පික රණවක" යැයි පැවසූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් අධිකරණය හමුවේ අනාවරණය කර සිටියේය.

LSN Sri Lanka · 4 November 2026

පාඨලී චම්පිකට එරෙහි රිය අනතුරු නඩුව ලබන 10 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට!

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සහ එහි සාක්ෂි වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති අපරාධ නඩුව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මහාධිකරණ විනිසුරු රශ්මි සිංහප්පුලි විසින් ලබන මස 10 වැනිදා මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට දින නියම කරන ලදී. විත්තිකාර පාඨලී චම්පික රණවක ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ජනාධිපති විද්‍යාලය අසලදී අපරික්ෂාකාරිව පැදවූ WP KT 7545 දරන සුඛෝපභෝගී ජීප් රථය සංදීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයා පදවාගෙන ගිය යතුරුපැදියේ ගැටී බරපතල තුවාල සිදුකිරීම, අනතුරෙන් පසු වාහනය නොනවත්වා ධාවනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි සෑදීම ඇතුළු අධිචෝදනා දහයක් යටතේ මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව යටතේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව ප්‍රධාන චෝදනා තුනක් ගොනුකර ඇති අතර, එහි පළමු චෝදනාව එල්ල කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 329 වගන්තිය සහ මෝටර් රථ ආඥා පනතේ 151 වගන්තිය ප්‍රකාරව බරපතල රිය අනතුරක් සිදුකර ඒ පිළිබඳව පොලීසියට වාර්තා නොකිරීම සහ තුවාලකරු රෝහල් ගත කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙනි.

පසුගිය නඩු වාරයේදී මෙම නඩුවේ පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකරු වන සිද්ධික් මොහොමඩ් සුබයිස් ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංහප්පුලි හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

අනතුර සිදුවන අවස්ථාවේ තමන් ගමන් කළේ අනතුරට ලක්වූ සංදීප් සම්පත් ගමන් ගත් යතුරුපැදියට මීටර් 50ක් පමණ පිටුපසින් බවත්, කළු පැහැති ජීප් රථයේ ගැටීමෙන් පසු ඔහු එතැනම බිම වැටුණු බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

තවද, අනතුර සිදුකළ ජීප් රථය සරණ පාර දෙසට හරවා ගමන් කර බොරැල්ල දෙසට යන විට පාර හරස් කර නැවැත්වීමට තමන්ට හැකි වූ බවත්, ජීප් රථයේ රියදුරු අසුනේ සිටි තැනැත්තා "ගහන්න එපා, මම ඇමැති චම්පික රණවක" යැයි පැවසූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් අධිකරණය හමුවේ අනාවරණය කර සිටියේය.