අකුරණදී සිමෙන්ති මිශ්ර කරන දැවැන් ට්රක් රථයක් වාහන 10ක ගැටී බිහිසුණු අනතුරක් – 4ක් මරුට... 20ක් පමණ රෝහලට!
සිමෙන්ති මිශ්ර කරන යන්ත්රය සවි කර තිබූ ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ඇදී ගොස් මාර්ගයේ ගමන් කළ වාහන කිහිපයක ගැටෙමින් මාර්ගය හරහා පෙරළී ඇති බව පොලීසිය පවසයි.
LSN Sri Lanka ·

අකුරණ - 7 කණුව, කුරුගොඩ ප්රදේශයේදී සිමෙන්ති මිශ්ර කරන යන්ත්රයක් සහිත ලොරි රථයක් තවත් වාහන 10ක ගැටීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ බරපතළ තුවාල ලබා තිබේ.

අද (19) දහවල් කාලයේදී මෙම අනතුර සිදුව ඇත.

සිමෙන්ති මිශ්ර කරන යන්ත්රය සවි කර තිබූ ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ඇදී ගොස් මාර්ගයේ ගමන් කළ වාහන කිහිපයක ගැටෙමින් මාර්ගය හරහා පෙරළී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් වාහන තුළ සිරවී සිටි පිරිස් සහ මහමග ගමන් කරමින් සිටි පදිකයින් ඇතුළු 20 කට වැඩි පිරිසක් තුවාල ලබා වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

පොලිස් වාර්තාව දැක්වෙන්නේ මේ වනවිට සිවු දෙනෙක් මිය ගොස් ඇති බවය. තවත් පිරිසක් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ගනිමින් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.