LSN News › Sri Lanka

වන අලි ප්‍රහාරයකින් බුත්තල - කතරගම පාරේ බස් රථයක් පෙරළෙයි: 10කට තුවාල

හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණ, අනතුරුව ආපසු බුත්තල දෙසට ගමන් කරමින් තිබූ ND 9105 දරන පෞද්ගලික බස් රථයට මාර්ගයේ සිටි වන අලියෙකු මෙලෙස පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

LSN Sri Lanka · 3 September 2026

වන අලි ප්‍රහාරයකින් බුත්තල - කතරගම පාරේ බස් රථයක් පෙරළෙයි: 10කට තුවාල

බුත්තල – කතරගම මාර්ගයේදී වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම අනතුර අද (03) පෙරවරු 11.00ට පමණ බුත්තල – කතරගම මාර්ගයේදී සිදුව ඇත.

හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණ, අනතුරුව ආපසු බුත්තල දෙසට ගමන් කරමින් තිබූ ND 9105 දරන පෞද්ගලික බස් රථයට මාර්ගයේ සිටි වන අලියෙකු මෙලෙස පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

වන අලියාගේ ප්‍රහාරයත් සමග රියදුරුට බස් රථයේ පාලනය ගිලිහී ගොස් ඇති අතර, ඒ හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ පුද්ගලයන් 45 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ 10 දෙනෙකු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එකතුව ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.