LSN News › Sri Lanka

හම්බෙගමුවේ රුපියල් කෝටි 10ක ගංජා හේන් 9ක් වටලයි - සැකකරුවන් 7ක් අත්අඩංගුවට

සැකකරුවන් විසින් ප්‍රදේශයේ විවිධ ස්ථානවල කුඩා ප්‍රමාණයේ බිම් කොටස් ලෙස ඉතා සූක්ෂම අයුරින් මෙම ගංජා වගාකර තිබී ඇත.

LSN Sri Lanka · 10 September 2026

හම්බෙගමුවේ රුපියල් කෝටි 10ක ගංජා හේන් 9ක් වටලයි - සැකකරුවන් 7ක් අත්අඩංගුවට

හම්බෙගමුව, ලගිරිගල සහ ගල්ඉරාමන්කඩ ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීමකදී අක්කර තුනහමාරක භූමි ප්‍රමාණයක වගා කර තිබූ රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් ගංජා හේන් 09ක් සමඟ සැකකරුවන් හත්දෙනෙකු හම්බෙගමුව පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර ගල්ඉරාමන්කඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 සහ 55 වයස්වල පසුවන්නන් දෙදෙනෙකු, අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 32 සහ 50 වියැති පුද්ගලයන් දෙදෙනෙකු, ඇඹිළිපිටිය ප්‍රදේශයේ පදිංචි 33 සහ 35 වයස්වල පසුවන්නන් දෙදෙනෙකු මෙන්ම හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු ද වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් ප්‍රදේශයේ විවිධ ස්ථානවල කුඩා ප්‍රමාණයේ බිම් කොටස් ලෙස ඉතා සූක්ෂම අයුරින් මෙම ගංජා වගාකර තිබී ඇත. එහිදී අක්කරය, අක්කර තුන්කාල සහ අක්කර භාගය ආදී ප්‍රමාණවලින් සකස් කර තිබූ වගාවන්හි පැවති විවිධ උස ප්‍රමාණවලින් යුත් ගංජා ගස් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් ගලවා ගිනි තබා විනාශ කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.