LSN News › Sri Lanka

නේපාලයේ භෝටේකෝශී ගංවතුරෙන් දින 10කට පසු මඩෙන් යට වූ නිවසකින් පණ පිටින් හමුවූ වියපත් ගැහැණියගේ කතාව!

චන්ද්‍රකා ශ්‍රේෂ්ඨ ජීවත් වූ සිවු මහල් නිවසත් ගැලවී මීටර් 100ක් පමණ ගසාගෙන ගොස් තිබිණ. මඩ වැලි සහ ගල් අතර ගිලි ගිය මේ නිවසේ මහල් තුනහමාරක්ම තද මඩෙන් යටවී තිබිණි. උඩට පෙනී ගොස් තිබුණේ සිව් වැනි මහලේ කොටසක් පමණි.

LSN Sri Lanka · 6 September 2026

නේපාලයේ භෝටේකෝශී ගංවතුරෙන් දින 10කට පසු මඩෙන් යට වූ නිවසකින් පණ පිටින් හමුවූ වියපත් ගැහැණියගේ කතාව!

තවමත් ඒ මාරාන්තික විනාශයේ තරම සිතා ගැනීමට පවා නොහැකිය. නේපාල - ටිබෙට් දේශ සීමාව මුළුමනින්ම සූරා දැමූ බිහිසුණු භෝටේකෝශී ගංවතුරින් දහස් ගණනක් අතුරුදහන්ව සිටිති. මරණයේ සෙවනැලි සෑම තැනකම තැවරී තිබියදී, ඛේදවාචකයෙන් දින දහයකට පසුවත් මඩ යටින් හුස්ම වැටෙන මිනිසුන් මතුවීම මුළු මහත් ලෝකයම කම්පනයට මෙන්ම පුදුමයටද පත්කරන පුවතක් බවට පත්ව තිබේ.

නුවාකොට් දිස්ත්‍රික්කයේ බෙත්‍රාවතී ප්‍රදේශයෙන් වාර්තා වන මෙම සිදුවීම ආශ්චර්යයකට නොදෙවෙනිය. ගංවතුරින් ඉදිරි ගසාගෙන ගිය බෙත්‍රාවතීහි පිහිටි සිව් මහල් නිවසක සුන්බුන් අතර දින 10කට වැඩි කාලයක් තිස්සේ ඇය ජීවත් වී සිටියාය. ඇය 64 හැවිරිදි චන්දිකා කුමාරි ශ්‍රේෂ්ඨය. බිඳුර් නගරසභාවේ 10 බෙත්‍රාවතීහි පාලම අසල ඇගේ නිවස පිහිටා තිබිණි. මේ ප්‍රදේශයම ගංවතුරේ බිහිසුණු ගොදුරු බවට පත් වූයේය. බෙත්‍රාවතී ප්‍රදේශයේ තිබූ නිවාස 300කට ආසන්න සංඛ්‍යාවෙන් ඉතිරිව තිබුණේ නිවාස 5ක් වැනි සුළු සංඛ්‍යාවක් පමණි.

ගංවතුරට හසු වී චන්ද්‍රකා ශ්‍රේෂ්ඨ ජීවත් වූ සිවු මහල් නිවසත් ගැලවී මීටර් 100ක් පමණ ගසාගෙන ගොස් තිබිණ. මඩ වැලි සහ ගල් අතර ගිලි ගිය මේ නිවසේ මහල් තුනහමාරක්ම තද මඩෙන් යටවී තිබිණි. උඩට පෙනී ගොස් තිබුණේ සිව් වැනි මහලේ කොටසක් පමණි. චන්ද්‍රිකා ශ්‍රේෂ්ඨ හමුවන්නේ ඒ මඩේ ගිලුණු නිවසේ සිවැනි තට්ටුවේ පහළ කොටසේ සැදි තිබුණු වාතය සහිත අවකාශයකිනි. මේ ඇයගේ සිටි සිවුමහල් නිවස පස් මඩ සහ වැලි අතර ගිලි ගොස් ඉහළම තට්ටුව පමණක් දර්ශනය වන ආකාරයයි.

</p

නේපාල පොලිසියේ සැප්තැම්බර් 06 වන දා යාවත්කාලීන කිරීම්වලට අනුව, මේ වන විට තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 1,344 කි. අතුරුදහන් වූවන් සංඛ්‍යාව 4,000 - 5,000ත් අතර වේ. මෙම මහා ආපදාවෙන් පසු චන්දිකා ශ්‍රේෂ්ඨ මුදාගත් පුවත, දැනටමත් අතුරුදහන් වූවන් සොයමින් සිටින දහස් සංඛ්‍යාත පවුල්වල හදවත් තුළ අලුත් බලාපොරොත්තුවක ආලෝකය දල්වා ඇත.

මරණයේ අඳුර අතරින් ආ දුර්වල කෙඳිරිය

සන්නද්ධ පොලිස් බලකායේ පොලිස් පරීක්ෂක සුමන් කුමාර් බික්ගේ නායකත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් මාර්ග කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අපූරු මෙහෙයුම ආරම්භ විය. මීට පෙරද සෝදිසි කර තිබූ මෙම ස්ථානයෙන් මුල් අවස්ථාවේදී කිසිදු ශබ්දයක් ඇසී තිබුණේ නැත. නමුත් හදිසියේම මඩ තට්ටු අතරින් තමන් බේරා ගන්නා ලෙස ආයාචනා කරන ඉතා දුර්වල හඬක් ගලවා ගැනිමේ නිලධාරින්ට ශ්‍රවනය වී ඇත..

වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන්, මඩ තට්ටු අතින් ඉවත් කර නිවසේ කවුළුවක් බිඳ ඇතුළු වී තිබේ. එහිදී ඔවුන් දැක ඇත්තේ සිරුරින් අඩක් මඩින් වැසී, අර්ධ සිහිසුන් තත්ත්වයෙන් පසුවූ වියපත් කාන්තාවකි. හාත්පස මඩ සහ පස්වලින් වැසී තිබූ තෙත් සහිත අඳුරු භූමියේ, වාතය ඉතිරි වී තිබූ කුඩා ඉඩකඩක් ප්‍රයෝජනයට ගනිමින් ඇය සිය ජීවිතය රැකගෙන තිබුණි.

මිනිත්තු 45ක සටන සහ අවමංගල්‍ය චාරිත්‍ර

මිනිත්තු 40ත් 45ත් අතර කාලයක් පුරා ක්‍රියාත්මක වූ බිහිසුණු මෙහෙයුමකින් පසු ඇයව බේරාගැනීමට නිලධාරීන් සමත් වූහ. සිරවී සිටි ඇයට වහාම ජලය ලබාදීමෙන් පසු ඇයට කතා කිරීමේ හැකියාව ලැබිණි. ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව, හෙලිකොප්ටර් යානයක් මගින් ඇයව කත්මණ්ඩුවේ බිරේන්ද්‍ර හමුදා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

චන්දිකාගේ පවුලේ අය සිතා සිටියේ ඇය මියගොස් ඇති බවයි. අගෝස්තු 26 වන දා පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු සමඟ අතුරුදහන් වූ ඇය වෙනුවෙන්, කුශ තණවලින් මූර්තියක් සාදා අවමංගල්‍ය චාරිත්‍ර පවා ආරම්භ කර තිබුණි. ඇගේ පුත් ආශිෂ් ශ්‍රේෂ්ඨ පැවසුවේ සිය මව හමුවුවද, පියා වන ආනන්ද්ලාල් ශ්‍රේෂ්ඨ තවමත් අතුරුදහන්ව සිටින බවයි.

සාමාන්‍යයෙන් මෙවැනි ස්වාභාවික ආපදාවකදී පැය 72කට පසු ජීවිත බේරාගැනීමේ සම්භාවිතාව ඉතා අවම අගයක් ගනී. එවන් වටපිටාවක දින 10කට පසු චන්දිකා ශ්‍රේෂ්ඨ මෙසේ පණපිටින් හමුවීම අතිශය දුර්ලභ සිදුවීමකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් අගමැති බාලේන්ද්‍ර ෂා ප්‍රකාශ කළේ, මෙම අද්භූත ගැලවීම "සමස්ත ජාතියටම ලැබුණු මහා බලාපොරොත්තුවක්" බවයි. මඩ සහ කොන්ක්‍රීට් තැන්පතු අතර සිරවී තිබූ ජීවිතයක් නැවත මතුවීම ඉතිහාසයේ ලියැවෙන අසිරියක් බව සිතමු.