පාස්කු ප්‍රහාරයට සලේ ගේ සම්බන්ධය ගැන පාර්ලිමේන්තුවේ කථා කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට CIDයට නීතිපති අනුමැතිය!
මෙම මන්ත්‍රීවරුන් අදාළ ප්‍රකාශ සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුව තුළදී බැවින්, ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වේ. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා ඕනෑම ප්‍රකාශයක් ඔවුන්ගේ ස්වේච්ඡා එකඟතාවය සහ පූර්ණ සහයෝගය ඇතිව ලබා දිය යුතුව ඇත.
LSN Sri Lanka ·
හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තීරණය කර ඇත්තේ, ඔවුන් කළ ප්‍රකාශයන් සනාථ කිරීම සඳහා විශ්වාසදායක තොරතුරු ඔවුන් සතුව තිබිය හැකි බවට වන විශ්වාසය මත බවය.

ඒ අනුව, ඔවුන් මෙම චෝදනා ඉදිරිපත් කිරීමට පදනම් කරගත් තොරතුරු මූලාශ්‍ර මොනවාද යන්න පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන්ගෙන් විමසීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන් අදාළ ප්‍රකාශ සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුව තුළදී බැවින්, ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වේ. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා ඕනෑම ප්‍රකාශයක් ඔවුන්ගේ ස්වේච්ඡා එකඟතාවය සහ පූර්ණ සහයෝගය ඇතිව ලබා දිය යුතුව ඇත.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ලබා ගනු ලබන්නේ ස්වේච්ඡාවෙන් පමණක් බවත්, තමන් සතුව ඇති ඕනෑම තොරතුරක් ලබා දෙමින් පරීක්ෂණවලට සහාය වන ලෙස පමණක් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දෙනු ඇත.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ප්‍රකාශවල පිටපත් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලින් ලබාගෙන, ඒවා විශ්ලේෂණය කර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසය.

සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තවදුරටත් රඳවාගෙන සිටින අතර, ඔහු දින 100 කට ආසන්න කාලයක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමකට අනුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට සැප්තැම්බර් 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. ඒ, සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තවදුරටත් නේවාසිකව රෝහල් ගත කර ප්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේද යන්න සඳහන් කරමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ නියෝගය ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටින විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබන අඟහරුවාදා (22) දින නියම කර ඇත.

නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ මෙම නඩුවේ අවසන් ලිඛිත දේශන පැමිණිල්ල සහ විත්තිය විසින් මේ වන විටත් ඉදිරිපත් කර අවසන්ය.

මෙම නඩු විභාගය පැවැති මුළු කාලය පුරාම කොළඹ අලුත්කඩේ පිහිටි එම්.එම්.සී. ගොඩනැගිල්ලේ පිහිටි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබිණි.