LSN News › Sri Lanka

අද රාත්‍රියේ සිට දින තුනක් තද වැසි – මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලට මි.මී. 100-150 අතර වර්ෂාපතනයක අපේක්ෂාවක්!

හෙට සිට පැය 168ක (දින හතක) කාලයක් මෙම කාලගුණික වෙනස්වීම්වල බලපෑම ඇතිවිය හැකි බැවින්, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර හදිසි සහන සේවා සඳහා සූදානම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

LSN Sri Lanka · 12 October 2026

අද රාත්‍රියේ සිට දින තුනක් තද වැසි – මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලට මි.මී. 100-150 අතර වර්ෂාපතනයක අපේක්ෂාවක්!

අද (ඔක්තෝබර් 12) රාත්‍රියේ සිට ඉදිරි දින තුනක කාලයක් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි තත්ත්වය වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වත්මන් කාලගුණ තත්ත්වය සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජයමාන්න පැවසුවේ, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට (ඔක්. 13) සිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇති බවය.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙම බලපෑම විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට බලපානු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

පීඩන අවපාතයක් දක්වා වර්ධනය නොවේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි, මෙම අඩු පීඩන කලාපය විශාල පීඩන අවපාතයක් හෝ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා නොකරයි. කෙසේ වෙතත්, අඩු පීඩනය වර්ධනය වුවහොත් ගොඩබිම මෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවලද වැසි තත්ත්වය ඉහළ යා හැකිය.

ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම මහජනතාව ඉදිරියේදී වරින්වර නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

ආපදා කළමනාකරණ සූදානම

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ පෙන්වා දුන්නේ, දෙවන අන්තර් මෝසම් තත්ත්වය, එල් නිනෝ තත්ත්වය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතනයේ තීව්‍රතාව වෙනස් විය හැකි බවය.

හෙට සිට පැය 168ක (දින හතක) කාලයක් මෙම කාලගුණික වෙනස්වීම්වල බලපෑම ඇතිවිය හැකි බැවින්, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර හදිසි සහන සේවා සඳහා සූදානම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

ගංගා ජල මට්ටම් සහ ගංවතුර අවදානම

ඉකුත් දින කිහිපයේ ලැබුණු වර්ෂාපතනය සහ අද දින පුරෝකථන අනුව තෙත් කලාපය “වැඩිම අවදානම් සහිත ප්‍රදේශය” ලෙස හඳුනාගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර පැවසීය.

නිල්වලා, ගිං, කළු සහ කැලණි යන ප්‍රධාන ගංගාවල මෙන්ම අත්තනගලු ඔය, මහ ඔය ඇතුළු අනෙකුත් කුඩා ගංගා ද්‍රෝණිවල ඇතැම් ස්ථානවල ජල මට්ටම් මේ වනවිටත් ඉහළ ගොස් අවදානම් මට්ටමට ආසන්නව පවතී.

අද සිට ලැබෙන වර්ෂාපතනය අනුව මෙම ගංගාවල ජල මට්ටම් තවදුරටත් වැඩිවීමේ හැකියාවක් ඇති බැවින් අදාළ ප්‍රදේශවල ජනතාව ඉතා සැලකිලිමත් විය යුතු බව ඔහු ඉල්ලා සිටියේය.

මධ්‍යම පළාතේ සිට වියළි කලාපයට ගලා යන ගංගාවල ජල මට්ටම්ද වැඩිවිය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී ක්ෂණිකව ජල මට්ටම් ඉහළ යාමේ හැකියාවක් ද පවතී. වර්ෂාවේ අධිතීව්‍රතාව හේතුවෙන් ගංගාවක් නැතත් පහත් බිම් සහ නාගරික ප්‍රදේශ ක්ෂණිකව ජලයෙන් යටවීමේ (flash flood) අවදානමක් ඇත. විශේෂයෙන් මාර්ග සහ අධිවේගී මාර්ග භාවිත කරන අය අතිශය සැලකිලිමත් විය යුතු බව ඉංජිනේරුවරයා අනතුරු ඇඟවීය.

ජලාශවල තත්ත්වය

ජල කළමනාකරණ ලේකම් කාර්යාලයෙන් කළමනාකරණය කරන ජලාශවල මේ වනවිට පමණ 64%ක ජල ධාරිතාවක් පවතින බව මහවැලි අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිලන්ත ධනපාල පැවසීය.

ඒ අනුව කොත්මලේ 79%, වික්ටෝරියා 84%, රන්දෙනිගල 72%, උඩවලවේ 83%, මොරගහකන්ද 82%, සමනලවැව 42%, කාසල්රී 93% සහ මවුස්සාකැලේ 87%ක් ජල ධාරිතාවක් පවතී. කලා වැවේ ධාරිතාව 59%ක් පමණ වන අතර, පහළ ප්‍රදේශවල ජලාශවල ජලාශවල ධාරිතාව සාපේක්ෂව අඩුය.

පවතින වර්ෂාපතන රටාව අනුව කොත්මලේ ජලාශය නොවැම්බර් 4 වන දා පමණ වන විටත්, වික්ටෝරියා ජලාශය ඔක්තෝබර් 27 වන දා පමණ වන විටත් වාන් මට්ටමට පැමිණෙනු ඇතැයි ගණනය කර ඇත. ජල මට්ටම් පාලනය සඳහා ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදුකරන බැවින්, ආසන්න කාලයේ දී විශාල වාන් දැමීමක් සිදු නොවන බව ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය.

නාය යාම් අවදානම

පවතින කාලගුණ තත්ත්වය හමුවේ මාතලේ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට 1 වන සහ 2 වන මට්ටමේ නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යාම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසීය.

“දැනටත් පොළොව ජලයෙන් සංතෘප්ත වී ඇති නිසා ඉදිරි දිනවල මිලිමීටර් 150ක් පමණ වැස්සක් ලැබුණහොත් නාය යාම් ඇතිවීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමකට පැමිණෙනු ඇත,” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය.

මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල නාය යාම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ අධිඅවදානම් කලාපවල සිටින ජනතාව හදිසි අවස්ථාවකදී ඉවත්වීමට සූදානමින් සිටින ලෙස ඔහු ඉල්ලා සිටියේය. මධ්‍යම කඳුකරය ආශ්‍රිත මාර්ග භාවිතය අත්‍යවශ්‍ය අවස්ථාවලට පමණක් සීමා කරන ලෙසද උපදෙස් දෙන ලදී.

එල් නිනෝ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම

පවතින එල් නිනෝ තත්ත්වය ජනතාව වරදවා අවබෝධ කරගෙන ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජයමාන්න පැවසීය. එල් නිනෝ තත්ත්වයකදී බොහෝ විට වියළි කාලගුණයක් අපේක්ෂා කළද, එය සම්පූර්ණයෙන්ම එසේ නොවේ.

“එල් නිනෝ තත්ත්වයකදී නිරිතදිග මෝසමේ වැස්ස තරමක් අඩු වෙනවා. නමුත් දෙවන අන්තර් මෝසම, ඒ කියන්නේ ඔක්තෝබර්-නොවැම්බර් වැස්ස වැඩි වෙනවා,” ඔහු පැහැදිලි කළේය.

මේ වනවිට අප ප්‍රබල එල් නිනෝ තත්ත්වයක සිටින පසුබිමක ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුළ තද වැසි අපේක්ෂා කරන අතර, ඉතා කෙටි කාලයකදී තීව්‍ර වැසි ඇදහැලීමේ ඉඩ පවතී. එමගින් ක්ෂණික ගංවතුර (flash floods) ඇතිවීමට ඉඩකඩක් ඇත.

තවද එල් නිනෝ තත්ත්වය හේතුවෙන් මාස කිහිපයක් රටේ කොටසකට පැවති නියඟය මේ වනවිටත් මුලුමනින්ම පහව ගොස් නොමැත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඔක්තෝබර් 11 වන දින වාර්තාව අනුව දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 156,756කට (පවුල් 47,583ක්) නියඟයෙන් පීඩා පවතින අතර, ඔවුන්ගෙන් 128,977කට පමණ පානීය ජලය බෙදාහැරීම තවමත් සිදු කෙරේ.

වියළි කලාපයේ ජලාශ, කුඩා වැව් සහ භූගත ජල මට්ටම් සම්පූර්ණයෙන් ප්‍රකෘති වී නොමැති බැවින්, ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයෙන් සහනයක් ලැබුණද ජල කළමනාකරණය සහ පානීය ජල සැපයුම පිළිබඳව අඛණ්ඩ අවධානය යොමු කළ යුතු බව බලධාරීහු පෙන්වා දෙති.