වැලිගම කප්පරතොට වෙරළේ සිට කිලෝග්රෑම් 100කට අධික හෙරොයින් තොගයක් අල්ලයි!
මෙම මත්ත්ද්රව්ය තොගය ගෝනි 06ක් තුල තැන්පත් කර තිබී ඇත. මෙම හෙරොයින් තොගය පැකට් 120ක් ලෙස ගෝනි හය තුළ අසුරා තිබී ඇත. . වැටලීම කළ ස්ථානයෙන් ස්ථානයෙන් චන්ද්රිකා දුරකථන දෙකක් සහ Starlink පද්ධතියක්ද සොයා ගෙන තිබේ.
LSN Sri Lanka ·

මාතර දිස්ත්රික්කයේ වැලිගම කප්පරතොට වෙරළ තීරයෙන් කිලෝග්රෑම් 120කට අධික බරකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙක් සහ ධීවර බෝට්ටුවක් අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය (STF), ශ්රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්රව්ය කාර්යාංශය (PNB) සහ වෙරළාරක්ෂක බලකාය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු සමත් වී තිබේ.
</p>
<p>
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සහ පොලිස් මාධ්ය ප්රකාශකවරයා විසින් තහවුරු කළේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්රව්ය තොගයක් බවය.
</p>
<p>
මෙම මත්ත්ද්රව්ය තොගය ගෝනි 06ක් තුල තැන්පත් කර තිබී ඇත. මෙම හෙරොයින් තොගය පැකට් 120ක් ලෙස ගෝනි හය තුළ අසුරා තිබී ඇත. සැකකරුවන් සන්තකයේ තීබී චන්ද්රිකා දුරකථන දෙකක් සහ ස්ටාර්ලින්ක් පද්ධතියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
</p>
<p>
දකුණු වෙරළ තීරය (වැලිගම, මිදිගම, මාතර ආශ්රිත ප්රදේශ) මෑත කාලයේ මත්ද්රව්ය ගෙන ඒමේ සහ බෙදාහැරීමේ මධ්යස්ථානයක් ලෙස හඳුනාගෙන තිබිණි.
</p>
<p>
ඉදිරි විමර්ශන තවමත් සිදුවෙමින් පවතී.