බෙංගාල බොක්ක යළිත් කැළඹෙයි... තද සුළං සහ මිලි මීටර 100 ඉක්මවූ තද වැසි...
බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.
LSN Sri Lanka ·

උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කෙහි පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් (Depression) දක්වා වර්ධනය වී ඇති බව ශ්රී ලංකා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සහ ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව (IMD) තහවුරු කරයි.

ඊයේ (ඔක්තෝබර් 24) රාත්රී 11.30 වන විට , මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0°ආසන්නයේ කේන්ද්රගතව පැවතිණි. ඉන්දීය කාලගුන විද්යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එය ශ්රී විජය පුරම් (අන්දමන් දූපත්) සිට කිලෝමීටර් 470ක් පමණ උතුරු-උතුරු-බස්නාහිර දෙසින්, විශාඛාපට්නම් සිට කිලෝමීටර් 860ක් පමණ නැගෙනහිර-ගිනිකොන දෙසින් පිහිටා තිබුණි.

ඉදිරි ගමන් මාර්ගය සහ තීව්රතාව

අද (ඔක්තෝබර් 25): පද්ධතිය නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක හරහා ගමන් කරමින් ගැඹුරු පීඩන අවපාතයක් (Deep Depression) බවට වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.

හෙට (ඔක්තෝබර් 26) උදෑසන: බටහිර-වයඹ දෙසට ගමන් කරමින් සුළි කුණාටුවක් (Cyclonic Storm) බවට පත්වීමට ඉහළ සම්භාවිතාවක් ඇත.

ඔක්තෝබර් 27 උදෑසන: බටහිර-මධ්යම බෙංගාල බොක්කෙහි ප්රබල සුළි කුණාටුවක් (Severe Cyclonic Storm) දක්වා තීව්ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

ඉන්දිය කාලගුණ විද්යා ජාතික බුලටින් අනුව, ඉන්පසු මෙම පද්ධතිය තවදුරටත් තීව්ර වී ඉතා ප්රබල සුළි කුණාටුවක් (Very Severe Cyclonic Storm) බවට පත්ව, ඔක්තෝබර් 28 උදෑසන වන විට ආන්ද්ර ප්රදේශයේ බපට්ලා සහ විශාඛාපට්නම් අතර වෙරළ තීරය හරහා (යානම් ඇතුළුව) ගොඩබිමට ඇතුළු වීමට ඉහළ සම්භාවිතාවක් පවතී. ගොඩබිමට ඇතුළු වන අවස්ථාවේ උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 115–125 (ගස්ට් 140 දක්වා) අතර පැවතිය හැකි බව අනාවැකි පළ කර ඇත.

ශ්රී ලංකාවට බලපෑම

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නැත. නමුත් එයට ආශ්රිත සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වැසි අනාවැකිය (අද සඳහා):

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සුළං:

මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50 පමණ තද සුළං ඇති විය හැකිය.

මුහුදු අනතුරු ඇඟවීම්

නාවික සහ ධීවර ප්රජාවට උතුරු අක්ෂාංශ 10°–20° සහ නැගෙනහිර දේශාංශ 80°–95° අතර ගැඹුරු මුහුදු ප්රදේශවලට යාත්රා නොකරන ලෙසත්, එම ප්රදේශවල සිටින අය ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසත් දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. දිවයින වටා ඇතැම් මුහුදු ප්රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකි අතර මුහුද රළු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.