LSN News › Sri Lanka

ඩබල් කැබ් 1000ක් ගන්න රජයෙන් අලුත් ලංසු කැඳවීමක්: පසුගිය වසරේ ආන්දෝලනාත්මක වූ කොන්දේසි රැසක් ලිහිල් කෙරේ!

මෙම සමස්ත වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය අතුරින් විශාලතම ලංසු කැඳවීම වන්නේ ඩබල් කැබ් රථ 1,000 මිලදී ගැනීමේ ව්‍යාපෘතියයි. පසුගිය වසරේදී ඉදිරිපත් කෙරුණු, දැඩි ආන්දෝලනයකට ලක්වූ වාහන 1,775ක ලංසු කැඳවීමට සසඳන විට, මෙවර නිකුත් කර ඇති නව ලංසු කැඳවීම මඟින් තාක්ෂණික සහ සුදුසුකම් සපිරීමේ කොන්දේසි රැසක් සැලකිය යුතු ලෙස ලිහිල් කර තිබීම විශේෂත්වයක් බව සන්ඩේ ටයිම්ස් පෙන්වා දෙයි.

LSN Sri Lanka · 4 October 2026

ඩබල් කැබ් 1000ක් ගන්න රජයෙන් අලුත් ලංසු කැඳවීමක්: පසුගිය වසරේ ආන්දෝලනාත්මක වූ කොන්දේසි රැසක් ලිහිල් කෙරේ!

රජය විසින් සම්පූර්ණයෙන්ම අලුත්, ස්වයංක්‍රීය ගියර් සහිත (Automatic), 4WD ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීම සඳහා නැවත වරක් ලංසු කැඳවා තිබේ.

සැප්තැම්බර් 29 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම ලංසු කැඳවීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2026 ඔක්තෝබර් 22 ලෙස දක්වා ඇත. මෙම මිලදී ගැනීමේ කටයුතු සිදුකරනු ලබන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟිනි. මීට අමතරව ට්‍රැක්ටර් 175ක්, බැකෝ ලෝඩර් 100ක්, ගලි බවුසර (Gully Emptiers) 100ක් සහ ටිපර් රථ 160ක් මිලදී ගැනීම සඳහා ද එම අමාත්‍යාංශය විසින් වෙන වෙනම ලංසු කැඳවා ඇත.

මෙම සමස්ත වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය අතුරින් විශාලතම ලංසු කැඳවීම වන්නේ ඩබල් කැබ් රථ 1,000 මිලදී ගැනීමේ ව්‍යාපෘතියයි. පසුගිය වසරේදී ඉදිරිපත් කෙරුණු, දැඩි ආන්දෝලනයකට ලක්වූ වාහන 1,775ක ලංසු කැඳවීමට සසඳන විට, මෙවර නිකුත් කර ඇති නව ලංසු කැඳවීම මඟින් තාක්ෂණික සහ සුදුසුකම් සපිරීමේ කොන්දේසි රැසක් සැලකිය යුතු ලෙස ලිහිල් කර තිබීම විශේෂත්වයක් බව සන්ඩේ ටයිම්ස් පෙන්වා දෙයි.

2025 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් අලුත්ම 4WD Automatic ඩීසල් ඩබල් කැබ් රථ 1,775ක් සඳහා ලංසු කැඳවූ අතර, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබුණේ දින 12ක් (වැඩ කරන දින 7ක්) වැනි ඉතා කෙටි කාලයකි. එහිදී දක්වා තිබූ ලංසු පිරිවිතරයන් (Specifications) අනුව එක් වාහන සැපයුම්කරුවෙකුට පමණක් විශේෂ වාසි සැලසෙන බවට දැඩි ලෙස චෝදනා එල්ල වූ අතර, පසුව එම මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යනු ලැබුවේ නැත.

කෙසේ වෙතත්, 2026 අලුත් නිර්ණායක යටතේ රජය විසින් පහත සඳහන් පරිදි කොන්දේසි ලිහිල් කර ඇත:

එන්ජින් ධාරිතාව: පසුගිය වසරේ පැවති අවම එන්ජින් ධාරිතාව වූ CC 2,500 සීමාව මෙවර CC 2,400 දක්වා අඩු කර ඇති අතර, කුඩා එන්ජින් සහිත වාහනවලට ද මීට ඉදිරිපත් විය හැක.

එන්ජින් බලය: පසුගිය වසරේ ලංසු කැඳවීමට සසඳන විට අවම එන්ජින් බල අවශ්‍යතාව (Minimum Engine Power) සියයට 7කින් පහත හෙලා තිබේ.

මුළු ඇදීමේ බලය (Torque): බර පැටවීම සහ දුෂ්කර මාර්ගවල ගමන් කිරීම සඳහා වාහනයකට අත්‍යවශ්‍ය වන ඇදීමේ බලය (Torque) පිළිබඳ කොන්දේසිය සියයට 12.5කින් පහත හෙලා ඇත.

පොළවේ සිට උස (Ground Clearance): 2025 ලංසු කැඳවීමේදී පොළවේ සිට උස මිලිමීටර් 300කට වඩා වැඩි විය යුතු බවට ඉතා ඉහළ සීමාවක් පනවා තිබුණද, මෙවර එය මිලිමීටර් 220ට වඩා වැඩි විය යුතු ලෙස සංශෝධනය කර ඇත. මෙම වෙනස නිසා තවත් වාහන මාදිලි රැසකට තරඟ කිරීමට අවස්ථාව හිමිවේ.

මේ අනුව, පසුගිය වසරේ පිරිවිතරයන්ට සසඳන විට මෙවර අලුත් ලංසු කැඳවීම මඟින් කුඩා එන්ජින් සහිත, බලයෙන් අඩු සහ ඇදීමේ හැකියාව තූලනාත්මකව අඩු ඩබල් කැබ් රථ සඳහා ද ඉඩකඩ සැලසී ඇත.

පසුගිය වසරේදී යම් එක් සැපයුම්කරුවෙකුට පමණක් වාසි වන පරිදි සකස් කර තිබූ බවට චෝදනා එල්ල වූ අනෙකුත් කොන්දේසි ද මෙවර වෙනස් කර තිබේ:

සේවා මධ්‍යස්ථාන: ලංසුකරුවන්ට ප්‍රදේශික සේවා මධ්‍යස්ථාන 10ක් තිබිය යුතු වුවද, මින් පෙර මෙන් ඒ සියල්ලම තමන්ගේම සේවා මධ්‍යස්ථාන විය යුතු නැත. මෙවර තමන්ගේම සේවා මධ්‍යස්ථාන 5ක් තිබීම ප්‍රමාණවත් වන අතර, ඉතිරි 5 සඳහා නියෝජිත/ෆ්‍රැන්චයිස් (Franchise/Dealerships) සේවා මධ්‍යස්ථාන භාවිතා කිරීමට අවසර දී ඇත. (පසුගිය වසරේදී සේවා මධ්‍යස්ථාන 10ම තමන්ගේම විය යුතු වූ අතර, මින් 5ක් බස්නාහිර පළාතෙන් පිටත පිහිටිය යුතුව තිබුණි).

පූර්ව අලෙවි පළපුරුද්ද: ඉදිරිපත් කරන වාහන මාදිලියෙන් මීට පෙර අලෙවි කර තිබිය යුතු වාහන සංඛ්‍යාව ඒකක 1,000 සිට 500 දක්වා පහත හෙලා ඇත.

වාර්ෂික පිරිවැටුම: සමාගමක තිබිය යුතු සාමාන්‍ය වාර්ෂික පිරිවැටුම (Turnover) රුපියල් බිලියන 10 සිට රුපියල් බිලියන 8 දක්වා අඩු කර තිබේ.

ලංසු ඇපකරය (Bid Security): කෙසේ වෙතත්, මෙවර ලංසු ඇපකරය රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 250 දක්වා පස්ගුණයකින් ඉහළ දමා ඇත.

මූල්‍ය ශක්තිය: මීට අමතරව ණය පහසුකම් හෝ ද්‍රවශීල වත්කම් ලෙස රුපියල් බිලියන 5ක මූල්‍ය සම්පත් පවත්වාගෙන යාම ද නව ලංසු කැඳවීමේ අනිවාර්ය කොන්දේසියකි. ( සන්ඩේ ටයිම්ස් - නාමිනී විජේදාස)