LSN News › Sri Lanka

සිරගෙවල් පෙන්වා අපේ ගමන නතර කරන්න බෑ... හැකිනම් මර්දනය කර පෙන්වන්න – රිමාන්ඩ් එකේ සිට පාර්ලිමේන්තු පැමිණ නාමල්ගෙන් ආණ්ඩුවට සද්දයක් !

සිරගෙවල් හා බන්ධනාගාර පෙන්වමින් විපක්ෂයේ හඬ සහ ජනතාවගේ නැගිටීම නතර කිරීමට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුවට වැරදී ඇති බවත්, මර්දනය හමුවේ පසුබට නොවී සැලසුම් කළ පරිදි අනුරාධපුර ජන රැස්වීම පවත්වන බවත් ඔහු සඳහන් කළේය.

LSN Sri Lanka · 10 September 2026

සිරගෙවල් පෙන්වා අපේ ගමන නතර කරන්න බෑ... හැකිනම් මර්දනය කර පෙන්වන්න – රිමාන්ඩ් එකේ සිට පාර්ලිමේන්තු පැමිණ නාමල්ගෙන් ආණ්ඩුවට සද්දයක්  !

රක්ෂිත බන්ධනාගාරගතව සිට පාර්ලිමේන්තු වාරය සඳහා සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආණ්ඩුව දූෂිත සහ මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්,මර්ධනය දියත් කර හැකිනම් සිය දේශපාලන ගමන නතර කර පෙන්වන ලෙසත් ආණ්ඩුවට අභියෝග කළේය. ඒ අද (10) පාර්ලිමේන්තුව අමතමිනි.

සිරගෙවල් හා බන්ධනාගාර පෙන්වමින් විපක්ෂයේ හඬ සහ ජනතාවගේ නැගිටීම නතර කිරීමට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුවට වැරදී ඇති බවත්, මර්දනය හමුවේ පසුබට නොවී සැලසුම් කළ පරිදි අනුරාධපුර ජන රැස්වීම පවත්වන බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය:

"අපි ආණ්ඩුවට කියන්නේ, අපි අනුරාධපුර රැස්වීම කරනවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මේ ආණ්ඩුවේ බොරුව, මේ ආණ්ඩුවේ වංචාවල්, මේ ආණ්ඩුවේ හොරකම්වලට විරුද්ධව අද අනුරාධපුරයට මේ රටේ පක්ෂ භේදයකින් තොරව දහස් ගණනක පිරිසක් එකතු වෙනවා. ඒ ජන සටන අතාරින්නේ නෑ අපි මේ මර්දනයට බය වෙලා."

විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා නිසි පහසුකම් ලබා නොදීම පිළිබඳව ද මෙහිදී ඔහු දැඩි ලෙස චෝදනා කළේය.

"ආණ්ඩුව හිතනවා නම් විපක්ෂය මර්දනය කරලා, ආණ්ඩුවේ සුපුරුදු දේශපාලන න්‍යායපත්‍රය දාලා, අධිකරණය පෙන්නලා, උසාවිය පෙන්නලා, බන්ධනාගාර පෙන්නලා... ග්‍රවුන්ඩ් එකක්වත් දුන්නේ නෑනේ අපිට! ග්‍රවුන්ඩ් එකක්වත් දුන්නේ නෑනේ! අපි ඉල්ලපු ග්‍රවුන්ඩ් එක දෙන්නේ නෑ. ඉතින් ඔබතුමාලා හිතනවා නම් ඔය මර්දනයෙන් මේ ජන සටන නවත්වන්න පුළුවන් කියලා, ජනතාවගේ නැගිටීම නවත්වන්න පුළුවන් කියලා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආණ්ඩුවටත් වැරදිලා."