LSN News › Sri Lanka

වසර විස්සකට පසුත් නිම නොවූ මිග් ගනුදෙනුව — රොෂාන් ගුණතිලක යළි විමර්ශකයන් ඉදිරියට පැමිණීම අපට පෙනෙන හැටි!

අද රොෂාන් ගුණතිලකගෙන් ප්‍රකාශයක් ලබාගැනීම තවත් එක් සිදුවිමක් නොවේ. වළ දමන්නට ගිය ඉතිහාසයක් යළි සමාලෝචනය කිරිමකි.

LSN Sri Lanka · 10 September 2026

වසර විස්සකට පසුත් නිම නොවූ මිග් ගනුදෙනුව — රොෂාන් ගුණතිලක යළි විමර්ශකයන් ඉදිරියට පැමිණීම අපට පෙනෙන හැටි!

වසර විස්සකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ගනුදෙනු ඉතිහාසය පසුපස හඹා ආ මිග් යානා ගනුදෙනුව යළි විමර්ශන මේසය මතට පැමිණ තිබේ.

එහි අලුත්ම සිදුවීම වන්නේ හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක අද (10) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවීමය. මිග් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කැඳවා තිබූ බව වාර්තා විය.

රොෂාන් ගුණතිලක යනු මේ ගනුදෙනුවට අදාළ කාල වකවානුවේ සිටි සාමාන්‍ය නිලධාරියකු නොවේ. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 12 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස 2006 ජූනි 11 වැනිදා වැඩ භාරගත්තේය. 2011 පෙබරවාරි 27 දක්වා ඔහු එම ධුරයේ සිටියේය. එම කාලය ශ්‍රී ලංකාවේ යුද්ධය තීරණාත්මක අවධියට ඇතුළු වූ සමයයි. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වන විටත් ගුවන් හමුදාව මෙහෙයවූයේ ඔහුය.

ඒ නිසා 2006 මිග් ගනුදෙනුව පිළිබඳ කතාව කියන විට රොෂාන් ගුණතිලකගේ නම මඟහැර යා නොහැක.

ගනුදෙනුව ආරම්භ වූයේ කෙසේ ද?

2006 ජූලි 26 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මිග්-27 ප්‍රහාරක යානා හතරක් ලබාගැනීම සහ දැනට තිබූ මිග් යානා කිහිපයක් හා පුහුණු යානයක් අලුත්වැඩියා කිරීම සම්බන්ධ ගිවිසුමක් අත්සන් කර තිබිණි. එය එවකට හඳුන්වා දෙනු ලැබුවේ යුක්රේනය සමඟ සිදුකරන “රජයෙන් රජයට” ගනුදෙනුවක් ලෙසය.

එහෙත් ගනුදෙනුව පිළිබඳ මුල්ම බරපතළ ප්‍රශ්නයත් එතැනම උපන්නේය.

රජයෙන් රජයට සිදුවන ගනුදෙනුවක් ලෙස හඳුන්වා තිබුණද, ගිවිසුමේ මුදල් ලබන පාර්ශ්වයක් ලෙස Bellimissa Holdings Limited නම් තෙවන පාර්ශ්වයක් ඇතුළත්ව තිබිණි. එයට ලන්ඩනයේ ලිපිනයක් සඳහන් කර තිබුණද පසුව සිදුකළ විමර්ශනවලදී එම ලිපිනයට එවැනි සමාගමක් නොතිබූ බව වාර්තා විය.

එය මිග් ගනුදෙනුව වටා ඇති ප්‍රධානතම ප්‍රශ්නය බවට පත් විය.

• රජයෙන් රජයට ගනුදෙනුවක් නම් මේ අතරමැදි සමාගම පැමිණියේ කෙසේ ද?

• මුදල් එම සමාගමට යැවීමට තීරණය කළේ කවුද?

• එම සමාගමේ සැබෑ හිමිකරුවන් කවුද?

• එහි භූමිකාව කුමක්ද?

වසර විස්සකට ආසන්න කාලයක් ගතවීත් මේ ප්‍රශ්නවලින් බොහොමයකට අධිකරණමය අවසාන පිළිතුරක් ලැබී නැත.

ඩොලර් මිලියන ගණනක වෙනස

2006 ගනුදෙනුව යටතේ ලබාගත් මිග්-27 යානා හතරක මිල එක් යානයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.462ක් ලෙස සඳහන් වී තිබූ බව පසුව හෙළි වූ ලේඛන පෙන්වා දුන්නේය.

මේ යානා නිෂ්පාදනය කර තිබුණේ 1980 සහ 1983 අතර කාලයේදීය.

එයට පෙර 2000 වසරේ ශ්‍රී ලංකාව මිග්-27 යානා මිලදීගෙන තිබුණේ එක් යානයකට ඩොලර් මිලියන 1.6 සිට 1.75 අතර මිලකටය. එහෙත් වසර හයකට පසුව මිලදීගත් පැරණි නිෂ්පාදන වර්ෂවල යානාවල මිල ඊට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීමද ඒ අවස්ථාවේ ප්‍රශ්නයට ලක් විය.

තවත් බරපතළ කරුණක් ඉදිරිපත් වූයේ පසුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ පරීක්ෂණවලදීය. විමර්ශන ලේඛන උපුටා දක්වමින් පළ වූ වාර්තා අනුව ශ්‍රී ලංකාවෙන් පිටතට ගිය මුදල් සියල්ල යුක්රේන සැපයුම්කරු වෙත ලැබී නොතිබූ බවට විමර්ශකයන් සැක කර තිබිණි. මුදල් කොටස් විවිධ විදේශීය ගිණුම් හරහා ගමන් කළ බවටද තොරතුරු හෙළිවී තිබිණි. මේ තවමත් විමර්ෂණයන්ට විෂයවන කරුණුය.

උදයංග වීරතුංගගේ නම

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ වැඩිම අවධානයට ලක්වූ පුද්ගලයා වූයේ එවකට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංගය.

විමර්ශනවලදී ඔහු ගනුදෙනුවට අසාමාන්‍ය ලෙස මැදිහත් වී තිබූ බවට චෝදනා ඉදිරිපත් විය.

2024 දෙසැම්බරයේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද උදයංග වීරතුංගට එරෙහිව සීමා පැනවීය. ඔහු මිග් ගනුදෙනුවට අදාළ දූෂණ ක්‍රියාවලියකින් ප්‍රතිලාභ ලැබූ බවට ඇමෙරිකානු රජය චෝදනා කළේය. වීරතුංග දිගින් දිගටම එවැනි චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

රොෂාන් ගුණතිලකගේ ස්ථානය

මෙහිදී අද විමර්ශකයන් ඉදිරියට පැමිණි රොෂාන් ගුණතිලකගේ භූමිකාව වැදගත් වන්නේ තවත් හේතුවක් නිසාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කලින් ලබාගත් ලේඛන මත පදනම් වූ Sunday Times වාර්තාවකට අනුව, ගුණතිලක මිග් යානා මිලදී ගැනීම සඳහා පත් කළ සය දෙනකුගෙන් යුත් ඇගයීම් කමිටුවේ ප්‍රධානියා ලෙසත් යුක්රේනයට ගිය මිලදී ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර තිබිණි. එම වාර්තාවම ගිවිසුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ඔහුගේ නමින් අත්සන් කර ඇති ආකාරයද විස්තර කළේය.

මේ පසුබිමේ දී ගනුදෙනුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය, තාක්ෂණික ඇගයීම, මිල ගණන්, අතරමැදි සමාගමේ භූමිකාව සහ ගෙවීම් ක්‍රමය සම්බන්ධයෙන් ඔහු දැන සිටියේ කුමක්ද යන්න විමර්ශකයන්ට වැදගත් වීම තේරුම්ගත හැකිය. එයද අධිකරණය ඉදිරියේ සලකුණු විය යුතු කාරණයකි.

මෙය රොෂාන් ගුණතිලකගෙන් මිග් ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්න කළ පළමු අවස්ථාවද නොවේ. 2015 මාර්තු මාසයේදී එවකට ක්‍රියාත්මක වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයද ඔහුගෙන් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

යුද්ධය ජයගත් යානා සහ ගනුදෙනුවේ සෙවණැල්ල

මෙහි ඇති සංකීර්ණත්වය එයයි. මිග්-27 යානා යුද්ධයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තියේ කොටසක් විය. එම යුද්ධයේ තීරණාත්මක අවධියේ ගුවන් හමුදාව මෙහෙයවූ රොෂාන් ගුණතිලක පසුව මෙරට ඉහළම ගුවන් හමුදා ගෞරව නාමයටද පත් කෙරිණි.

එහෙත් යුද්ධයකදී ආයුධයක තිබූ හමුදා වැදගත්කම සහ එය මිලදීගත් ආකාරයේ නීත්‍යනුකූලභාවය යනු කරුණු දෙකකි.

යානය යුද්ධයට අවශ්‍ය වූවාද යන්න එක් ප්‍රශ්නයකි. එය මිලදීගත්තේ නිසි ක්‍රමයටද යන්න තවත් ප්‍රශ්නයකි. ඒ දෙක එකිනෙකට පටලවාගත යුතු නැත.

වසර විස්සකට ආසන්න කාලයක් ගතවී තිබේ. මිග් ගනුදෙනුව පිළිබඳ ශ්‍රී ලංකාවට තවත් දේශපාලන කතා අවශ්‍ය වන්නේ නැත. දැන් අවශ්‍ය වන්නේ මේ ජාතික ධනය ඇදී ගියේ කොතැනට ද, ගනුදෙනුව සැලසුම් කළේ කවුද, අනුමත කළේ කවුද, අතරමැදියකු ඇතුළත් කළේ ඇයි, සහ රජයට කිසියම් අලාභයක් සිදුවූයේද යන්න ලේඛන සහ සාක්ෂි මත නිශ්චිතව තීරණය කිරීමය. අද රොෂාන් ගුණතිලක විමර්ශකයන් ඉදිරියට කැඳවා තිබීම වැදගත් වන්නේ ඒ නිසාය.

වසර විස්සකට පෙර අහසට නැගුණු මිග් යානා බොහොමයක් අද පියාසර කරන්නේ නැත. එහෙත් ඒවා මිලදීගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න තවමත් ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ඉතිහාසය තුළ පියාසර කරමින් තිබේ.

ලේඛන කියන මිග් කතාව — 2000 සිට 2006 දක්වා කෙටි කාලරේඛාව

මිග් ගනුදෙනුව තේරුම් ගැනීමට නම් 2006 වසරෙන් පමණක් කතාව ආරම්භ කළ නොහැක. ඒ සඳහා අවම වශයෙන් 2000 වසර දක්වා ආපසු යා යුතුය.

• 2000 — පළමු මිග්-27 මිලදී ගැනීම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2000 වසරේදී මිග්-27 ප්‍රහාරක යානා මිලදී ගත්තේ යුද්ධය දැඩි වෙමින් තිබූ පසුබිමකය. පසුව විමර්ශන ලේඛන පදනම් කරගෙන පළ වූ වාර්තා අනුව එම මිලදී ගැනීම්වල එක් යානයක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ත් 1.75ත් අතර විය.

• 2006 — තවත් මිග් යානා අවශ්‍ය බව තීරණය වෙයි

2006 වනවිට යුද්ධය නැවත තීරණාත්මක අවධියකට පැමිණ තිබිණි. ගුවන් හමුදාවේ ප්‍රහාරක හැකියාව වැඩි කිරීම සඳහා තවත් මිග්-27 යානා හතරක් ලබාගැනීම සහ දැනට තිබූ මිග් යානා අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ඉදිරිපත් විය.

එම වසරේ ජූනි 11 වැනිදා රොෂාන් ගුණතිලක ගුවන් හමුදාපති ධුරයට පත්විය.

• 2006 ජූලි 26 — තීරණාත්මක ගිවිසුම

2006 ජූලි 26 දින මිග්-27 යානා හතරක් මිලදී ගැනීම සහ තවත් යානා අලුත්වැඩියා කිරීම සම්බන්ධ ගිවිසුම අත්සන් කෙරිණි.

පසුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ලේඛන උපුටා දක්වමින් පළ වූ වාර්තා අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් එවකට ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ගිවිසුමට අත්සන් තබා තිබිණි. යුක්රේනයේ රාජ්‍ය ආයතනයක් වූ Ukrinmash වෙනුවෙන් එහි අධ්‍යක්ෂ D.A. Peregudov අත්සන් කළ බවද එම ලේඛනවල සඳහන් වේ.

නමුත් ගිවිසුමේ තවත් නමක් තිබිණි. ඒ Bellimissa Holdings Limited ය. මිග් ගනුදෙනුවේ වසර විස්සක් තිස්සේ නොවිසඳුණු ප්‍රධාන ප්‍රශ්නයක් උපදින්නේ එතැනිනි.

• මිල — ඩොලර් මිලියන 2.462ක්

2006දී ලබාගත් මිග්-27 යානා හතර සඳහා එක් යානයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.462ක මිලක් සඳහන් වූ බව විමර්ශන ලේඛන පදනම් කරගත් වාර්තාවල දැක්වේ.

එය 2000 මිලදී ගැනීම්වල සඳහන් ඩොලර් මිලියන 1.6–1.75 පරාසයට වඩා ඉහළ අගයකි.

එහෙත් මෙහිදී වැදගත් සීමාවක් තිබේ. වසර දෙකේ ගනුදෙනුවල යානාවල තත්ත්වය, අලුත්වැඩියා මට්ටම, උපකරණ, අමතර කොටස් සහ ගිවිසුම් කොන්දේසි සම්පූර්ණයෙන් සමාන බව තහවුරු නොකර මිල වෙනස පමණක් දූෂණයක සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ නොහැක.

එසේ වුවද, 2006දී පැරණි නිෂ්පාදන වර්ෂවල මිග් යානා සඳහා ගෙවූ ඉහළ මිල විමර්ශනයට ලක්වූ වැදගත් කරුණකි.

• Bellimissa — මුදල් ගියේ කොහේද?

ගනුදෙනුව රජයෙන් රජයට සිදුවූවක් ලෙස ඉදිරිපත් කර තිබුණද, ගෙවීම් ක්‍රියාවලියේදී Bellimissa Holdings Limited නම් සමාගම මතුවීම විමර්ශනයේ තීරණාත්මක කරුණක් විය.

විමර්ශන ලේඛන පදනම් කරගත් මාධ්‍ය වාර්තා අනුව, ශ්‍රී ලංකාවෙන් ගෙවන ලද මුදල් Bellimissa සම්බන්ධ විදේශීය බැංකු ගිණුම් වෙත යොමු කර තිබූ අතර, එතැනින් මුදල් කොටස් යුක්රේන පාර්ශ්වයට සහ වෙනත් ගිණුම් වෙත ගමන් කළ ආකාරයක් විමර්ශකයන් විසින් සොයාගෙන තිබිණි.

ශ්‍රී ලංකා රජය යුක්රේන රාජ්‍ය ආයතනයකින් යානා මිලදී ගත්තේ නම්, ශ්‍රී ලංකාවේ මුදල් Bellimissa නම් තෙවන පාර්ශ්වයක් හරහා ගමන් කළේ ඇයි?

Bellimissa සමාගමේ සැබෑ හිමිකාරිත්වය කාටද, එය තෝරාගත්තේ කවුද, එම සමාගමට ගෙවීම් කිරීමට උපදෙස් දුන්නේ කවුද සහ මුදල්වල අවසාන ප්‍රතිලාභීන් කවුද යන්න පසුව විමර්ශනයේ කේන්ද්‍රීය ප්‍රශ්න බවට පත්විය.

• උදයංග වීරතුංග පැමිණෙන්නේ කොතැනින්ද?

2006 මිග් ගනුදෙනුව සිදුවන විට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූයේ උදයංග වීරතුංගය. ඔහුගේ නිල රාජ්‍යතාන්ත්‍රික වගකීම සහ මිග් මිලදී ගැනීමේ ක්‍රියාවලිය අතර තිබූ සම්බන්ධය පසුව විමර්ශකයන්ගේ විශේෂ අවධානයට ලක්විය.

මූල්‍ය අපරාධ විමර්ශනවලදී ඔහු ගනුදෙනුවට මැදිහත් වූ ආකාරය, සැපයුම්කරුවන් සමඟ පැවති සම්බන්ධතා සහ මුදල් ගමන් කළ ආකාරය පිළිබඳ විමර්ශනය කෙරිණි. ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද ආරම්භ විය.

2024 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උදයංග වීරතුංගට එරෙහිව සීමා පැනවූ අතර, මිග් ගනුදෙනුව සම්බන්ධ දූෂිත ක්‍රියාවලියකින් ඔහු ප්‍රතිලාභ ලැබූ බවට ඇමෙරිකානු රජය චෝදනා කළේය.

එහෙත් උදයංග වීරතුංග මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. ඇමෙරිකානු රජයේ එම පියවර ශ්‍රී ලංකා අධිකරණයකින් ඔහු වරදකරු කළ තීන්දුවකට සමාන නොවන බවද මෙහිදී පැහැදිලිව සඳහන් කළ යුතුය.

•මිග් ගනුදෙනුවේ සෙවණැල්ල සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වය

මිග් ගනුදෙනුව ගැන කතා කරන විට අමතක කළ නොහැකි තවත් අඳුරු පරිච්ඡේදයක් තිබේ.

ඒ 2006 සිට 2009 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ඝාතන, පැහැරගැනීම්, පහරදීම් සහ තර්ජන මාලාවය. මිග් ගනුදෙනුව පිළිබඳ විමර්ශනාත්මක හෙළිදරව් කළ The Sunday Leader කර්තෘ ලසන්ත වික්‍රමතුංගට සිදුවූ දේ නිසා මිග් ගනුදෙනුව සහ එම යුගයේ මාධ්‍ය මර්දනය අතර සම්බන්ධයක් තිබුණේද යන ප්‍රශ්නය සමාජය තුළ ප්‍රබල ලෙස මතු විය.

ලසන්තගේ Sunday Leader පුවත්පත 2006 මිග් ගනුදෙනුවේ අක්‍රමිකතා ඇතැයි චෝදනා කරමින් ලිපි පළ කළේය. එම ලිපිවලට එරෙහිව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංගට සහ පුවත්පතට එරෙහිව සිවිල් අපහාස නඩුවක්ද ගොනු කළේය. එම නඩුව පවතින අතරතුර, 2009 ජනවාරි 8 වැනිදා උදෑසන අත්තිඩිය ප්‍රදේශයේදී ලසන්තට මාරාන්තික ප්‍රහාරයක් එල්ල විය. ඔහු පසුව රෝහලේදී මිය ගියේය. මිග් ගනුදෙනුව පිළිබඳ ඔහුගේ වාර්තාකරණය ඝාතනයට හේතුවක් වූයේද යන සැකය එතැන් සිට විමර්ශනවල සහ පොදු සංවාදයේ දිගින් දිගටම මතු විය. තවමත් ලසන්ත ඝාතනය නොවිසඳුන බිහිසුණු ඝාතනයක් ලෙස අප ඉදිරියේ තිබේ.

එතැනින් නොනැවතී 2008 මැයි 22 වැනිදා The Nation පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ආරක්ෂක කටයුතු පිළිබඳ ලේඛක කීත් නොයාර් පැහැරගෙන ගොස් දරුණු ලෙස පහර දී තිබිණි. ඔහුගේ ප්‍රහාරයට පෙර ඔහු ආරක්ෂක සහ හමුදා කටයුතු පිළිබඳ විවේචනාත්මක ලිපි ලියා තිබූ අතර, මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ දැඩි භීතියක් ඇති කළේය.

ලසන්ත ඝාතනයෙන් සති දෙකකට පසුව, 2009 ජනවාරි 23 වැනිදා රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන් සහ ඔහුගේ බිරිඳටද පහර දෙන ලදී. එම වසරේ ජූනි 1 වැනිදා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී මාර්ගයක් අසල දමා ගොස් තිබිණි. ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන එම කාලය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට දැඩි අනතුරුදායක වාතාවරණයක් පැවති සමයක් ලෙස වාර්තා කළේය.

මේ සිදුවීම් සියල්ල එකම නූලකින් බැඳී තිබූ බව ප්‍රකාශ කිරීම සාක්ෂි ඉක්මවා යාමක් විය හැකිය. එහෙත් මානව සහජය තුළ උපදින ඉවක් තිබේ. සාක්ෂිවලින් තහවුරු නොවූ බොහෝ දේ මානව සන්තානය තුළ තහවුරු කෙරෙනුයේ ජීවිත යථාර්ථයෙන් ලබා ගන්නා තාර්කික පිරිසඳීමකිනි.

මේ කොටසේ සමස්ථ සාරාංශය මෙසේය. මිග් ගනුදෙනුව පිළිබඳ ප්‍රබල හෙළිදරව් කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය විය. එම කාලය තුළ ආරක්ෂක හා රාජ්‍ය කටයුතු විවේචනය කළ තවත් මාධ්‍යවේදීන් පැහැරගැනීම්, පහරදීම් සහ තර්ජනවලට ලක් වූහ. ඇතැම් මාධ්‍යවේදීන් රට හැර ගියහ. මාධ්‍ය සංවිධාන සහ ජාත්‍යන්තර ආයතන එවකට පැවති භීතිය හා දණ්ඩමුක්තිය පිළිබඳ දිගින් දිගටම අනතුරු ඇඟවූහ. වසර විස්සකට පසු මිග් ගනුදෙනුවේ ලේඛන විවෘතවීම හුදු මූල්‍ය ගනුදෙනුවක විමර්ශනය කාර්යයක් නොවන්නේ එබැවිනි. ඉතිහාසයෙන් ඉල්ලා සිටින්නේ ඒ ගනුදෙනුව වටා ඇති වු මානව ඛේදවාචකයක් පිළිබඳ මෙතෙක් නොලැබුන යුක්තිය ය.

ඒ සන්ර්භය තුළ අද රොෂාන් ගුණතිලකගෙන් ප්‍රකාශයක් ලබාගැනීම තවත් එක් සිදුවිමක් නොවේ. වළ දමන්නට ගිය ඉතිහාසයක් යළි සමාලෝචනය කිරිමකි.