දෙහිවල අලුයම් අත්බෝම්බය: දරුවන් දෙදෙනෙකු මරුට – පියා තුවාලකරු.. එකක් පසුපස එකක් පත්තුවන අත් බෝම්බ අලුත් තත්ත්වයක් ද?
පැය කිහිපයක් ඇතුළත එකම ප්‍රදේශයේ අත්බෝම්බ ප්‍රහාර දෙකක් වාර්තා වීම නිසා පොලීසිය සහ ප්‍රාදේශීය වැසියන් අතර ආරක්ෂක අවධානය ඉහළ ගොස් ඇත.
LSN Sri Lanka ·

දෙහිවල පොලිස් වසමේ කව්ඩාන, සිරිසඟබෝ මාවත (Sirisangabo Road) ප්‍රදේශයේ නිවසකට අද (සැප්තැම්බර් 11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එහි ගොදුරු වන්නේ අහිංසක පිරිමි දරුවන් දෙදෙනෙකි. ඔවුන් මිය ගොස් ඇත.

පොලීසිය සඳහන් කළේ ප්‍රහාරය අලුයම එල්ල වූ බවය. පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දරුවන් දෙදෙනා කළුබෝවිල (කොළඹ දකුණු) ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මිය ගිය බව පොලීසිය තහවුරු කරයි. මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිංහල මාධ්‍ය වාර්තා අනුව මියගිය අය දෙහිවල පදිංචි අවුරුදු 11 සහ 17 වයස්වල පිරිමි දරුවන් දෙදෙනෙකි. තුවාල ලබා ඇත්තේ ඔවුන්ගේ 55 හැවිරිදි පියා ය.
ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැත. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ. මූලික විමර්ශනවලදී මෙම ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් සමඟ සම්බන්ධ විය හැකි බව පොලීසිය සැක කරයි.

ඊයේ රාත්‍රියේද තවත් අත්බෝම්බයක්

මෙම සිදුවීමට පෙර දිනයේ, සැප්තැම්බර් 09 රාත්‍රී 11.45ට පමණ කළුබෝවිල–දෙහිවල ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු නිවකට අත්බෝම්බයක් ගසා පලා ගොස් තිබිණි. එම පිපිරීමෙන් ඉදිරිපස කවුළු සහ වීදුරු බිඳී ඇතත් ජීවිත හානියක් සිදු වූයේ නැත. එවිට නිවසේ සිටියේ 56 හැවිරිදි කාන්තාවක පමණි. විමර්ශනවලදී එම නිවස විශාල පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීප සහචරයෙකුට අයත් බව හෙළි වී තිබිණි. සිද්ධිය සම්බන්ධව කොහුවල පොලීසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවේය.

පැය කිහිපයක් ඇතුළත එකම ප්‍රදේශයේ අත්බෝම්බ ප්‍රහාර දෙකක් වාර්තා වීම නිසා පොලීසිය සහ ප්‍රාදේශීය වැසියන් අතර ආරක්ෂක අවධානය ඉහළ ගොස් ඇත.

නව තත්ත්වයක් ද?

කොළඹ තදාසන්න ප්‍රදේශවල නිවාස ඉලක්ක කරගත් අත්බෝම්බ ප්‍රහාර මෑතකදී නැවත නැවතත් වාර්තා වේ. මෙවැනි ප්‍රහාර බොහෝ විට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල අතර පළිගැනීම් සමඟ සම්බන්ධ වන බව පොලිස් මූලාශ්‍ර පෙන්වා දෙයි. අද උදෑසන සිදුවීමේදී ඉලක්කය කවුදැයි තවමත් පැහැදිලි නැතත්, මිය ගියේ නිදොස් දරුවන් දෙදෙනෙකු වීම නිසා සිදුවීමේ බරපතළකම ඉහළ යයි.