LSN News › Sri Lanka

නේවාසිකාගාර දෙවන මහලෙන් වැටී පේරාදෙණි සරසවි සිසුවෙකුට බරපතළයි!

නේවාසිකාගාරයෙන් පහළට ඇද වැටුණු සිසුවා අසල සිටි අන් සිසුන් පිරිසක් විසින් වහාම පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

LSN Sri Lanka · 13 September 2026

නේවාසිකාගාර දෙවන මහලෙන් වැටී පේරාදෙණි සරසවි සිසුවෙකුට බරපතළයි!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුවෙකු ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ දෙවන මහලෙන් පහළට ඇද වැටීමෙන් බරපතළ තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පසුගිය 10 වැනිදා පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර, නේවාසිකාගාරයෙන් පහළට ඇද වැටුණු සිසුවා අසල සිටි අන් සිසුන් පිරිසක් විසින් වහාම පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

අදාළ සිසුවා තවත් සිසුන් පිරිසක් සමඟ විශ්වවිද්‍යාලයෙන් පිටත ස්ථානයක පැවැති සාදයකට සහභාගි වී ආපසු පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ඒ අනුව සිදුවීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.