LSN News › Sri Lanka

කුසලානයටත් දේශපාලනය රැගෙන විත් කවුුරු වැළලුනත් අපට කමක් නැත... වේදනාව මේ ටික ටික මරා දමන්නේ ක්‍රිකට් ක්‍රිඩාවේ ආත්මය වීමය...

ශිෂ්ටසම්පන්න බව මැන බැලෙන්නේ මිතුරන් හමුවේ නොව, තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන ප්‍රතිවාදියා හමුවේය. ක්‍රිකට් පිටියටත් යුද්ධයේ තර්කනයම ගෙන එන්නේ නම්, අවසානයේ ඔවුන්ගෙන් කවුරු වැළලී ගියත් අපට ගැටලුවක් නැත. අපට ඇති බරපතලම වේදනාව පරාජය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වීමය. මේ මරා ටික ටික මරා දමමින් ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය වීමය.

LSN Sri Lanka · 14 September 2026

කුසලානයටත් දේශපාලනය රැගෙන විත් කවුුරු වැළලුනත් අපට කමක් නැත...  වේදනාව මේ ටික ටික මරා දමන්නේ ක්‍රිකට් ක්‍රිඩාවේ ආත්මය වීමය...

ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ අභිධානයක් තිබිණි.

“මහත්වරුන්ගේ ක්‍රීඩාව” (Gentlemen's Game)...එය හැඳින්වූයේ එසේය.

ක්‍රිකට් සම්බන්ධව වූ අතීත සම්ප්‍රදායන් පිළිබඳ කෙතරම් මතභේද පැවතියද, එම අභිධානය පිටුපස වූ එක් ප්‍රධාන සදාචාරාත්මක පදනමක් තිබිණි. එනම්, ජය-පරාජයෙන් ඔබ්බට ගිය උසස් ක්‍රීඩාශීලීත්වයක් සහ ගෞරවනීය චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියක් මෙන්ම උසස් සමාජ මානුෂීය පදනමක් සහතික කරන ලෝක පැවැත්මක් ක්‍රිකට් ක්‍රීඩාව විසින් අපේක්ෂා කළේය. කලෙක වර්ණභේදවාදය පැවති දකුණු අප්‍රිකාවට ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාව තහනම් විය. එම රට සමග ක්‍රීඩා කරන ජාත්‍යාන්තර ක්‍රීඩකයින්ට ක්‍රීඩා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඉන් ප්‍රකාශ වූයේ අශිෂ්ඨ සම්ප්‍රදායන්ට මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ඉඩක් නොමැති බවය.

එහෙත් මේ වනවිට අප දකිමින් ඉන්නේ ලෝකයේ ඉහළම මට්ටමේ ක්‍රිකට් වෙලෙඳපළ හසුරුවන, ලෝක ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධානම ධනෝත්පාදන පදනම නිර්මාණය කරන ඉන්දියාව විසින් ඉන්දියාවේ නැහැදිච්ච ක්‍රමයට ක්‍රිකට් සම්ප්‍රදාය හැඩගැස්වීමට යෑම තුළ මහත්වරුන්ගේ ක්‍රීඩාව හෙළිකොට්ටෙන් ඇවිද්දමින් ඇති ආකාරය ය.

මෙතෙක් සිදුවන නොසන්ඩාලකම සම්බන්දව එකෙක් කට අරින්නේ නැත. ඒ ලෝකයේ හැටිය. මේ වනවිට ඉන්දියාව නොමැතිව ක්‍රිකට්වලට පැවැත්මක් නැති තැනක ක්‍රිකට් ඇත්තේය. ඒ නිසාම ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව එකම දේ එකම ආකාරයට යළි යළිත් සිද්ධ වෙන්නේය. මින් පෙර ආසියානු කුසලාන පිරිමි තරගයේ සිදුවූවාක් සේ ඩුබායිහි පැවති කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයෙන් පසු ආසියානු කාන්තා ශූරියන් වූ ඉන්දියාව කුසලානය ප්‍රතිෂේප කර ඇත්තේය.

ඉන්දියාවේ තීරණය වී ඇත්තේ ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියාවන පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති මොහ්සින් නක්වී අතින් සම්මානය නොගැනීමය.

කවුද මේ මොහේසින් නක්වි.

මේ වනවිට ඔහු පකිස්ථානයේ පමණක් නොව ලෝක දේශපාලනයේ ද සැලකිය යුතු චරිතයයකි. ඉරාන ඇමරිකා යුද්ධය සමථයකට පත් කිරීම වෙනුවෙන් කැපවන පකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ප්‍රමුඛයෙකි. පකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු ඇමති ඔහුය. එමෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මොහ්සින් නක්විය.

ඉන්දියාව ප්‍රතික්ෂේප කරන්නේ පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වූ නක්වි අතින් සම්මානය ලබා ගැනීමය. නමුත් නක්වි මේ අවස්ථාවේ දී නියෝජනය කරන්නේ ස්වකීය දේශපාලනය හෝ ජාතික අනන්‍යතාවය නොව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ භූමිකාවය. පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති ඉන්දියාවට සම්මාන දෙන්න එන්නේ නැත. එහෙත් ඔවුන් නක්වි හරහා දේශපාලන විරෝධයක් උත්පාදනය කරග ගනී.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින්නේ සාමාන්‍ය අසල්වැසි සබඳතාවක් නොවන අනවරත ගැටුමක් බව සැබෑය. දශක ගණනාවක් පුරා දිවෙන යුදමය ආතතිය, ත්‍රස්තවාදී ප්‍රහාර, කාශ්මීර අර්බුදය සහ දේශසීමා ගැටුම් ඒ අතර වේ. 2025 පහල්ගාම් ප්‍රහාරයෙන් පසු නිර්මාණය වූ හමුදාමය උණුසුම හමුවේ මේ දේශපාලන ආතතිය තවත් තීව්‍ර විය.

එම ආතතීන් එසේ තිබුණා විය හැකිය. මෙහිදී මතුවන මූලික ගැටලුව වන්නේ, රාජ්‍යයන් දෙකක් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සතුරුකම්, ක්‍රීඩාවේ නිල සම්ප්‍රදායන් හා ආයතනික චාරිත්‍රවලට ගිල ගැනීමට ඉඩ දිය යුතු ද යන්නය.

තරග කළ හැකි නම් කුසලානය භාරගැනීමට නොහැකි මන්ද?

මෙහි ඇති විශාලම ප්‍රතිපත්තිමය පරස්පරය වන්නේද එයයි. ඉන්දීය රජයේ නිල රාජ්‍යතාන්ත්‍රික තීරණයට අනුව පාකිස්තානය සමඟ ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග පැවැත්වීමෙන් ඉන්දියාව වළකී. එහෙත් ආසියානු කුසලානය හෝ ලෝක කුසලානය වැනි බහුජාතික තරගාවලිවලදී පාකිස්තානය සමඟ එකම පිටියක තරග කිරීමට ඉන්දියාව කිසිදු පැකිළීමක් නොදක්වයි. එමෙන්ම ඔවුන් නක්විගේ නායකත්වය යටතේ ආසියානු ක්‍රිකට් සම්මේලනය පිළි ගනී. ඊට අනුගතව තරග කරයි.

එමෙන්ම ක්‍රීඩා පිටිය තුළ පකිස්ථානය සමග තරග කිරීමට බාධාවක් නැත. තරගයෙන් ලැබෙන සජීවී ප්‍රේක්ෂක අවධානය ඉන්දියාව පිළි ගනී. ඉන් ලැබෙන අධික රූපවාහිනී විකාශන ආදායම සහ වාණිජමය වටිනාකම් අත්නොහැර භුක්ති විඳියි. නමුත් මෙම තරගාවලිය සංවිධානය කරන ආයතනයේ නිල ප්‍රධානියා පකිස්ථාන ඇමතිවරයෙක් වීම හේතුවෙන් ඔහුගෙන් කුසලානය ගැනීමට ප්‍රතික්ෂේප කරයි. මේ අප්‍රභංශය තේරුම් ගත යුතු ආකාරය සම්බන්ධව අපි තවමත් කල්පනා කරමු.

ක්‍රීඩාවේ නිල චාරිත්‍රයක් දේශපාලන විරෝධතාවක වේදිකාවක් බවට පත්කිරීම මඟින් ඉන්දියාව අලජ්ජී ලෙස ක්‍රීඩාව සහ දේශපාලනය අතර ඇති සීමාරේඛාව සම්පූර්ණයෙන්ම මකා දැමමින් හිඳීම ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ගේම වේදනාවට හේතු වී තිබේ.

තනි සිදුවීමක් නොවූ පූර්වාදර්ශය

මෙම තත්ත්වය වඩාත් බරපතළ වන්නේ එය දෙවැනි වරටත් සංවිධානාත්මකව සිදුවීම හේතුවෙනි. 2025 පිරිමි ආසියානු කුසලාන අවසන් තරගයේදීද ඉන්දියාව ශූරතාව දිනූ අතර, එහිදීද නක්විගෙන් කුසලානය ලබාගැනීම ඉන්දීය පිල ප්‍රතික්ෂේප කළේය. එදා එය හදිසි චිත්තවේගීය ප්‍රතිචාරයක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ තිබුණද, දෙවැනි වරටත් එයම සිදුවීමෙන් තහවුරු වන්නේ මෙය අහඹු ක්‍රියාවක් නොව ආයතනිකමය වශයෙන් සැලසුම්සහගතව ගත් ස්ථාවරයක් බවය.

ඉන්දීය කාන්තා කණ්ඩායමේ පුහුණුකරු අමෝල් මුසුම්දාර්ද තහවුරු කළේ කුසලානය භාර නොගැනීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) තීරණයක් බවය. එම නිසා මේ විවේචනයේ චෝදනාව ක්‍රීඩිකාවන් මත පැටවීම සාධාරණ නැත. මූලික වරද පවතින්නේ ක්‍රීඩාව මෙහෙයවන ඉහළ පාලනාධිකාරිය තුළය.

ක්‍රීඩකයා ජාතිකවාදී දේශපාලනයේ නියෝජිතයෙකු වූ විට

නූතන ඉන්දියාව තුළ ක්‍රිකට් යනු හුදු ක්‍රීඩාවක් පමණක් නොවේ. එය දැවැන්ත ආර්ථික වෙළෙඳපොළකි; ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන පැවැත්මකි; එමෙන්ම ජාතිකවාදී හැඟීම් උත්තේජනය කරන බලවත්ම සංකේතයකි. මේ නිසා ඉන්දීය කණ්ඩායමේ සෑම අභිනයකටම ක්‍රීඩාව ඉක්මවා ගිය දේශපාලනික සහ සංකේතාත්මක බරක් හිමිවේ.

ක්‍රීඩා ලෝලියාගේ ක්‍රීඩාව කෙරෙහි ඇති ආශාව සහ දේශප්‍රේමය, රාජ්‍යතාන්ත්‍රික ජාතිකවාදය සමඟ බද්ධ වූ විට ක්‍රීඩකයා ස්වයංක්‍රීයවම දේශපාලනික පණිවුඩ වාහකයෙකු බවට පත්වේ. ඔහුට ස්වකීය ස්වාධීන චින්තන ප්‍රකාශනය කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් සඟවා ගන්නට සිදුවේ. එහි අන්තිම කෙළවරට ගොස් ආණ්ඩුවෙන් ලකුණු දමා ගැනීමට ගිය විට සිදුවන දේ එදා ඉන්දීය කණ්ඩායමේ නායක සූර්ය කුමාර් යාදේව්ගෙන් ප්‍රකාශ විය.

ඔහු 2025 ආසියානු කුසලාන ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට කැප කළේය.

අනෙක් අතින් මෙය ඉන්දියාවට පමණක් සීමා වූ තත්ත්වයක්ද නොවේ. පාකිස්තානය තුළද ක්‍රිකට් සහ දේශපාලන ජාතිකවාදය අතර ඇත්තේ එකිනෙක පැටලුණු දිගු ඉතිහාසයකි. මොහ්සින් නක්විම එකවර පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා සහ ACC සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන්ම පෙනී යන්නේ රාජ්‍ය දේශපාලනය සහ ක්‍රීඩා පාලනය අතර ඇති සීමාව කෙතරම් නාමික එකක්ද යන්නයි.

ක්‍රීඩාව යනු යුද්ධයේ තවත් මානයක් නොවේ

ජාත්‍යන්තර ක්‍රීඩාව දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම විමුක්ත කළ හැකිය යන්න යථාර්ථවාදී තර්කයක් නොවේ. ඔලිම්පික් ඉතිහාසයේ සිට පාපන්දු ලෝක කුසලානය දක්වාම දේශපාලන බලපෑම් පැවතිණි. එහෙත් ක්‍රීඩාවේ සැබෑ අගය සහ ශිෂ්ටසම්පන්න බව මතුවන්නේ මෙවැනි දැඩි දේශපාලන අර්බුද හමුවේ පවා ක්‍රීඩා පිටිය ස්වාධීන අවකාශයක් ලෙස රැකගැනීමට දක්වන සමර්ථතාව මතය.

රටවල් දෙකක් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳවැටී ඇති මොහොතක පවා, එම රටවල ක්‍රීඩකයන්ට එකම පිටියකදී හමු වී, තරග කොට, නීතිගරුකව ජය පරාජය විඳදරා ගනිමින් ගෞරවය හුවමාරු කර ගැනීමට හැකි නම්, එය යුද්ධයට එරෙහිව මානව ශිෂ්ටාචාරය තබන කුඩා හෝ සොඳුරු පියවරකි. දේශපාලන සතුරා ක්‍රීඩා පිටියේදීත් වෛරී සතුරෙකු විය යුතු නම්, අතට අත දීම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස අර්ථ ගැන්වේ නම්, ක්‍රීඩාවට ඉතිරිවන ස්වාධීන ආචාරධර්මය කුමක්ද?

ජයග්‍රහණයේ අයිතියත් දේශපාලනයට බිලිවීම

මෙහි ඇති වඩාත්ම කනගාටුදායක පාර්ශවය වන්නේ පරිපාලකයන්ගේ දේශපාලන තීරණ හමුවේ ක්‍රීඩකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට තම ජයග්‍රාහී මොහොත අහිමි වීමය. වසර ගණනාවක කැපවීමෙන් ආසියානු ශූරියන් වූ ඉන්දීය ක්‍රීඩිකාවන්ට තම ජයග්‍රහණය සාමාන්‍ය පරිදි සැමරීමට ඉඩ ලැබුණේ නැත. පිටියේ ප්‍රදර්ශනය කළ විශිෂ්ට ක්‍රීඩාව අභිබවා ත්‍යාග ප්‍රදානෝත්සවයේ දේශපාලන නාඩගම ලෝක ප්‍රවෘත්තිය බවට පත්විය.

මේ වගකීමෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයටද (ACC) මිදිය නොහැක. මෙවැනි අර්බුදකාරී පසුබිමක් පෙර සිටම පැවති බැවින්, රාජ්‍යතාන්ත්‍රික නොගැලපීම් මඟහැරෙන පරිදි විකල්ප ත්‍යාග ප්‍රදාන ක්‍රමවේදයක් සකස් කිරීමට පරිපාලනයට ඉඩ තිබිණි. එසේම BCCIයටද තම රාජ්‍යයේ දේශපාලන ස්ථාවරය රකිමින්ම, ක්‍රීඩිකාවන්ගේ ශූරතාව දේශපාලන මෙවලමක් බවට පත්වීම වැළැක්වීමේ අවස්ථාව තිබිණි. එහෙත් කිසිදු පාර්ශවයක් ක්‍රීඩාවේ ගෞරවය උදෙසා පෙනී සිටියේ නැත.

අවසාන නිරීක්ෂණය

"ක්‍රීඩාශීලීත්වය" යනු කිසිදා කල්ඉකුත් නොවන පරමාදර්ශයකි. ප්‍රතිවාදියාට ගෞරව කිරීම දුර්වලකමක් නොවේ; අතට අත දීම යටත්වීමක්ද නොවේ. තරගාවලියේ නිලධාරියෙකුගෙන් කුසලානය ලබාගැනීම යනු ඔහුගේ රටේ දේශපාලනය අනුමත කිරීමක්ද නොවේ. ඒ සිහින් වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වන තැන, ක්‍රීඩාව අවසන් වී එතැන් සිට දේශපාලන විගඩමක් ඇරඹේ.

ලෝක ක්‍රිකට් බලවතා ලෙස ඉන්දියාවට මෙහිදී විශේෂ වගකීමක් පැවරේ. බලය වැඩි වන තරමටම ඔවුන් ලබාදෙන ආදර්ශයේ බරද වැඩිවේ. පාකිස්තානය සමඟ ඉන්දියාවට ඇති ආරක්ෂක සහ දේශපාලන ගැටලුව සැබෑය. ඒවා නොසලකා හරින ලෙස කිසිවෙකුටත් බලකළ නොහැක.

එහෙත් ශිෂ්ටසම්පන්න බව මැන බැලෙන්නේ මිතුරන් හමුවේ නොව, තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන ප්‍රතිවාදියා හමුවේය.

ක්‍රිකට් පිටියටත් යුද්ධයේ තර්කනයම ගෙන එන්නේ නම්, අවසානයේ ඔවුන්ගෙන් කවුරු වැළලී ගියත් අපට ගැටලුවක් නැත. අපට ඇති බරපතලම වේදනාව පරාජය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වීමය. මේ මරා ටික ටික මරා දමමින් ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය වීමය.