LSN News › Sri Lanka

කළුබෝවිල අවිෂ්කගේ දේශීය මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන සැකකරු අයිස් කිලෝ දෙකක් හා හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට!

LSN Sri Lanka · 15 September 2026

කළුබෝවිල අවිෂ්කගේ දේශීය මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන සැකකරු අයිස් කිලෝ දෙකක් හා හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට!

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන “කළුබෝවිල අවිෂ්ක” ගේ දේශීය මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන පුද්ගලයෙකු කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) හා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

</p>

<p>

විශේෂ කාර්ය බලකායේ (STF) සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

</p>

<p>

සැකකරු සතුව තිබී අයිස් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 504ක්, ඉලෙක්ට්‍රොනික බර කිරීමේ යන්ත්‍රයක්, රබර් මුද්‍රා දෙකක් හා ජංගම දුරකථන දෙකක් සොයාගෙන තිබේ.

</p>

<p>

සැකකරු හා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදී ඇති බව විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කර තිබේ.

</p>

<p>

මෙම සැකකරු විදෙස්ගතව සිටින “කළුබෝවිල අවිෂ්ක” ගේ දේශීය ජාලයේ මෙහෙයුම්කරුවෙකු ලෙස කටයුතු කළ බවට පොලිසිය මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලැබේ.