රෝහල්ගතව ඉන්නතාක් විමර්ශන කරන්න බෑ... විමර්ශන අවසන්වන තුරු සලේ ගේ රැඳවුම් කාලයත් වැඩිවේවි! කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි...
රෝහල්ගව සිටීමෙන් පසු නිසි පරිදි විමර්ශන කටයුතු කරගැනීමට කාලය මදි වුවහොත් සලේ ගේ රැඳවුම් කාලය දීර්ඝ විය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකරවරයා කීවේය.
LSN Sri Lanka ·
හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ සලේ තවදුරටත් රෝහල්ගතව සිටිය යුතුද නැද්ද යන්න සම්බන්ධව පූර්ණ පරික්ෂාවක් කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් නම් කර ඇති බවත් මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ අයහපත් ස්වරූපයක් නිරීක්ෂණය නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
</p>
<p>
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ විමර්ශන කටයුතු නිසි අයුරින් කරගෙන යෑමට රෝහල්ගතව සිටිය දී නොහැකි බවය. වෛද්‍ය ප්‍රතිකාර හැමදාම අවශ්‍ය නොවන බව කී ඔහු සුරේෂ් සලේ ප්‍රකාශ කළ රෝගී තත්ත්වයන් මෙන්ම ප්‍රකාශ නොකළ රෝගී තත්ත්වයන් ද හඳුනාගෙන අවශ්‍ය සියලුම ප්‍රතිකාර සිදුකර ඇති බව කිවේය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍ය වාර්තා මත සනාථ කර රෝහලෙන් ටිකට් කැපූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ අදාල විමර්ශනය සිදුවන බව අවධාරණය කළේය.
</p>
<p>
රෝහල්ගව සිටීමෙන් පසු නිසි පරිදි විමර්ශන කටයුතු කරගැනීමට කාලය මදි වුවහොත් සලේ ගේ රැඳවුම් කාලය දීර්ඝ විය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකරවරයා කීවේය.
</p>
<p>
මේ වනවිට සලේ තවදුරටත් රඳවාගෙන ප්‍රතිකාර ලබා දිය යුතු ද යන්න පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් අධිකරණයට ලබා දෙන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් දන්වා ඇත.