LSN News › Sri Lanka

ප්‍රධාන වැව්වල සංරක්ෂිත සීමා මායිම් ලකුණු කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට!

ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවූ අදාළ ව්‍යාපෘති යෝජනාවට අයත් සමස්ත වැව් 48න් වැඩ ආරම්භ නොකළ ඉතිරි කොටස් ඉදිරි වර්ෂවලදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

LSN Sri Lanka · 15 September 2026

ප්‍රධාන වැව්වල සංරක්ෂිත සීමා මායිම් ලකුණු කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට!

තෝරා ගන්නා ලද ප්‍රධාන වැව්වලට අයත් සීමාවන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වර්තමාන ඉඩම් පරිහරණ රටාවන් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ජල මූලාශ්‍ර සංරක්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස, වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව්වල සීමාවන් එම දෙපාර්තමේන්තුවේ මායිම් කණු යොදා නිශ්චිත ලෙස භූමියේ සලකුණු කිරීමට නියමිතය.

'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025 ජූනි 16 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි.

ඒ අනුව, විවිධ බලපෑම්වලට ලක්වෙමින් පැවැති තෝරාගත් වැව් 21ක කටයුතු ආරම්භ කර ඇති අතර, නුවර වැව, කන්තලේ වැව සහ තිස්ස වැව යන වැව් 03හි සීමා සලකුණු කර මායිම් කණු යෙදීමේ කටයුතු එම වසරේදීම අවසන් කර ඇත.

ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවූ අදාළ ව්‍යාපෘති යෝජනාවට අයත් සමස්ත වැව් 48න් වැඩ ආරම්භ නොකළ ඉතිරි කොටස් ඉදිරි වර්ෂවලදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඉතිරි වැව්වල මැනුම් කටයුතු සිදු කිරීම, මායිම් ගල් සැකසීම සහ සවි කිරීම මෙන්ම රුක් රෝපණය ඇතුළුව 2025-2028 කාලසීමාව සඳහා මුළු ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත කර ඇති පිරිවැය රුපියල් මිලියන 400කි.

මෙම ව්‍යාපෘතිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.