LSN News › Sri Lanka

පාස්කු ප්‍රහාරය ගැන සලේ ඇතුළු පිරිසකගේ සම්බන්ධය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් නිතිපති දෙපාර්තමේන්තුවෙන්....

වවුනතිව් ඝාතනය සිදු වූ සැනින්ම ඒ පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත්, හමුදා නිලධාරීන් එම බුද්ධි තොරතුරු විමර්ශකයින් සමඟ බෙදා ගැනීමට කටයුතු කර නැත. මෙම තත්ත්වය හමුවේ සන්නද්ධ හමුදා බුද්ධි නිලධාරීන් පාස්කු ප්‍රහාරය සිදු කිරීමට කුමන්ත්‍රණයක් සිදු කර ඇති බවට ප්‍රබල සැකයක් මතුවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

LSN Sri Lanka · 15 September 2026

පාස්කු ප්‍රහාරය ගැන සලේ ඇතුළු පිරිසකගේ  සම්බන්ධය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් නිතිපති දෙපාර්තමේන්තුවෙන්....

පුද්ගලයින් 278 දෙනෙකුට මරු කැඳවමින් සහ 500කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත් කරමින් එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සුරේෂ් සලේ ඇතුළු පිරිසගේ ඇති සබඳතා පිළිබඳව සුවිශේෂී සාක්ෂි දෙකක් අධිකරණය හමුවට ඉදිරිපත් වී තිබේ.

එවකට යුද හමුදා බුද්ධි අංශයේ කටයුතු කළ තොරතුරුකරුවෙකු විසින් ලබා දෙන ලද එක් සාක්ෂියක් ඇසුරින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ප්‍රහාරය සිදු කිරීමට සන්නද්ධ හමුදා බුද්ධි නිලධාරීන් කුමන්ත්‍රණයක් සිදු කර ඇති බවට දැඩි සැකයක් මතුවන බවය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ පළමු වන සහ තුන්වන බලකායන් දෙකෙහිම තොරතුරුකරුවන් කටයුතු කළ බවය. ඒ අතුරින් 'තම්බි' නමැති එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි බලකායේ සිට පසුව ඉන්දියානු බුද්ධි සේවයේ කටයුතු කර ලංකාවට පැමිණි තොරතුරුකරුවෙකු, 2018 වසරේ සිටම සහරාන් හසීම් සම්බන්ධයෙන් පළමු සන්නද්ධ බුද්ධි බලකායට තොරතුරු ලබා දී තිබූ බව හෙළි විය.

එම තොරතුරුකරු හසුරුවන ලද්දේ සුරංග නැමැති හමුදා නිලධාරියා විසිනි. සුරංග විසින් ලබාගන්නා ලද තොරතුරු කර්නල් රණවීර වෙත ලබා දී ඇති අතර, කර්නල් රණවීර විසින් එම තොරතුරු එවකට හමුදා බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු වෙත ලබා දිය යුතුව තිබුණි.

නමුත් මෙම වැදගත් බුද්ධි තොරතුරු සන්නද්ධ බුද්ධි හමුදාව සතුව තිබියදීත්, ඔවුන් දැන දැනම සහ හිතාමතාම පාස්කු ප්‍රහාරය එල්ල වන තෙක් එම තොරතුරු හෙළි නොකර සිට ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

තවද, වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීම සහරාන් ඇතුළු පිරිස විසින් සිදු කරන ලද්දක් බවට අදාළ තොරතුරුකරු විසින් සිද්ධිය වූ දිනට පසුදිනම බුද්ධි අංශ වෙත තොරතුරු ලබා දී තිබුණි. එසේ තිබියදීත්, එම ඝාතනය සහරාන් ඇතුළු පිරිස කළ එකක් නොවන බවත්, එය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කළ බවත් පෙන්වීමට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන අජන්තන් නමැත්තා කොටු කිරීමට සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන් දිගින් දිගටම උත්සාහ දරා ඇත.

පසුව තුන්වෙනි බුද්ධි බලකායේ භාරකරුව ලෙස කටයුතු කළ කර්නල් මද්දුමගේ නමැති නිලධාරියා, පාස්කු ප්‍රහාරයට දින 9ක් වැනි කෙටි කාලයක් තිබියදී වවුනතිව් සිදුවීමට සහරාන් ඇතුළු පිරිස වගකිව යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.