109 වසරකට පසු භාර ආඥාපනත සංශෝධනය වෙයි: සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි!
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් යෝජනා කරන ලද සංශෝධන සහ මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ කාර්යසාධක බලකායේ නිරීක්ෂණ පදනම් කරගනිමින් 2024 දෙසැම්බර් 18 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙයට අනුමැතිය ලබා දී තිබුණි.
LSN Sri Lanka ·

වසර 109ක් පැරණි 1917 අංක 9 දරන භාර ආඥාපනත (Trusts Ordinance, Chapter 87) සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත, ඊට පෙර ඔක්තෝබර් 14 වැනි දින ගැසට් පත්‍රයේ පළ කර තිබුණි (Bill No. 88).

කාරක සභා අනුමැතිය හිමිවීම

පාර්ලිමේන්තුවේ නිල වාර්තාවලට අනුව, පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection) නොවැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දිකගේ ප්‍රධානත්වයෙන් රැස් වී මෙම පනත් කෙටුම්පත දීර්ඝ ලෙස සාකච්ඡා කර අනුමැතිය ලබා දී තිබිණි.

එහිදී නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පනත් කෙටුම්පතේ අඩංගු විධිවිධාන පිළිබඳව කාරක සභාවට පැහැදිලි කිරීමක් සිදු කළ අතර, එම අනුමැතිය ලැබීමෙන් පසුව පනත් කෙටුම්පත අද දින දෙවැනිවර කියවීමේ විවාදය සඳහා නියමිත විය.

ප්‍රධාන අරමුණ සහ නව විධිවිධාන

මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන්නේ මුදල් විශුද්ධිකරණය (Money Laundering) සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහාවන ජාත්‍යන්තර ප්රමිතීන් (FATF නිර්දේශ) සමඟ ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ භාර (Trusts) පිළිබඳ විනිවිදභාවය ඉහළ නැංවීමය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් යෝජනා කරන ලද සංශෝධන සහ මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ කාර්යසාධක බලකායේ නිරීක්ෂණ පදනම් කරගනිමින් 2024 දෙසැම්බර් 18 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙයට අනුමැතිය ලබා දී තිබුණි.

නව පනත් සංශෝධනය මඟින් ඇතුළත් කර ඇති ප්‍රධාන විධිවිධාන මෙසේය:

• ලියාපදිංචිය අනිවාර්ය කිරීම: භාර නිර්මාණය වන ලේඛන (instrument of trust) සැකසීමෙන් මාසයක් ඇතුළත රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

• විදේශීය භාර ලියාපදිංචිය: විදේශීය නීතිය යටතේ නිර්මාණය කරන ලද භාර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ නම්, මාස තුනක් ඇතුළත ලියාපදිංචි විය යුතුය

• පවතින භාර සඳහා කාලය: දැනට පවතින භාර ලියාපදිංචි කිරීම සඳහා මාස හයක කාලයක් ලබා දී ඇත.

• තොරතුරු සත්‍යාපනය: භාරකරුවන් (trustees) විසින් භාරය නිර්මාණය කරන්නා (settlor), භාරකරුවන් (trustees), ප්‍රතිලාභීන් (beneficiaries) සහ භාරයේ සැබෑ පාලනය (effective control) සහිත පුද්ගලයින්ගේ අනන්‍යතා තොරතුරු නිවැරදිව තබා ගැනීම, යාවත්කාලීන කිරීම සහ සත්‍යාපනය කිරීම සිදු කළ යුතුය.

• ආයතන අතර තොරතුරු හුවමාරුව: මූල්‍ය බුද්ධි ඒකකය (FIU), නීතිපති, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ නීතිය බලගන්වන අධිකාරීන් ඇතුළු අදාළ රාජ්‍ය ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම පහසු කර ඇත.

• ලියාපදිංචි සහතිකයේ වලංගු කාලය: ලියාපදිංචි සහතිකය වසර 5ක් සඳහා වලංගු වන අතර කාලය අවසානයේ අලුත් කළ හැකිය.

• දඩ සහ පරිපාලනමය පියවර: පනතේ විධිවිධාන අනුගමනය නොකරන පිරිස් සඳහා දඩ සහ පරිපාලන දඩ පැනවීමට විධිවිධාන සලසා ඇත.

මෙම නව විධිවිධාන හරහා භාර නීතිමය ආවරණ යටතේ සැඟවුණු වත්කම් හඳුනා ගැනීමටත්, එහි සැබෑ ප්රතිලාභ ලබන පුද්ගලයින් (ultimate beneficial owners) නීත්‍යනුකූලව හඳුනා ගැනීමටත් මහෝපකාරී වනු ඇත.

පාරදෘශ්‍යතාව වෙනුවෙන් ගත් පියවරක්

පළමුවන කියවීමෙන් පසුව කාරක සභා අනුමැතිය හිමි වූ මෙම පනත් කෙටුම්පත, අද පැවැති දෙවැනිවර කියවීමේ විවාදයේදී සංශෝධන රහිතව සම්මත විය.
මෙය වසර 109ක් තරම් පැරණි නීතියක් යාවත්කාලීන කරමින් මෙරට මූල්‍ය පාරදෘශ්‍යතාව සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම උදෙසා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ.