LSN News › Sri Lanka

උතුරේ යුද්ධයෙන් ජීවිතය බේරාගෙන නෝර්වේට පලා ගොස් නෝර්වේ ප්‍රවාහන අමාත්‍යවරිය වූ යාපනයේ ගැහැණිය... කම්සි ගුණරත්නම් ගේ කතාව!

යාපනයේ ඉපදුන කම්සි ගුණරත්නම් සිය දෙමව්පියන් සමග නෝර්වේ රාජ්‍යය වෙත යන්නේ තුන් හැවිරිදි දැරියක ලෙසය. ඒ 1991 වසරේ දීය. ඒ වනවිට කම්සි තුන් හැවිරිදි දැරියකි. ඇය සිය දේශපාලන ගමන ආරම්භ කරන්නේ 19 හැවිරිදි තරුණියක ලෙසය. ඒ ඔස්ලෝ නගර සභාවේ සභිකයෙකු ලෙසය.

LSN Sri Lanka · 16 September 2026

උතුරේ යුද්ධයෙන් ජීවිතය බේරාගෙන නෝර්වේට පලා ගොස් නෝර්වේ ප්‍රවාහන අමාත්‍යවරිය වූ යාපනයේ ගැහැණිය...  කම්සි ගුණරත්නම් ගේ කතාව!

කම්සි ගුණරත්නම් නෝර්වේ රජයේ නව ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස පත් වී සිටින්නීය. ඇය යාපනයේ ඉපදුන කාන්තාවකි. යාපනයේ සිට නෝර්වේ කැබිනට් මණ්ඩලය දක්වා ඇය ගෙන ගිය දේශපාලන ගමන පහසු එකක් වුයේ නැත.

නෝර්වේ රජය සැප්තැම්බර් 11 වැනිදා ගුණරත්නම් ප්‍රවාහන අමාත්‍ය ධුරයට නිල වශයෙන් පත් කළේය. ඇය එම තනතුරට පත් වන්නී ජොන්-ඉවාර් නිගාර්ඩ් වෙනුවටය. ප්‍රධාන අමාත්‍ය ජෝනාස් ගාර් ස්ටෙරේගේ රජයේ කැබිනට් වෙනස්කම්වල කොටසක් ලෙස මෙම පත්වීම සිදුවිය.

ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස ඇයට පැවරෙන්නේ මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහනයට අදාළ ප්‍රතිපත්ති මෙන්ම තැපැල් සේවා සම්බන්ධ වගකීම්ය. නෝර්වේ ප්‍රවාහන අමාත්‍යාංශය මහාමාර්ග, දුම්රිය, සිවිල් ගුවන් සේවා, මහජන ප්‍රවාහනය සහ තැපැල් සේවා යන ක්ෂේත්‍ර ආවරණය කරන අතිශය වගකීම් සහිත අමාත්‍ය ධූරයකි.

යාපනයේ සිට ඔස්ලෝ දක්වා

කම්සි ගුණරත්නම් උපන්නේ 1988 මාර්තු 27 වැනිදා යාපනයේය. ඇගේ මුල් නම ඛම්ෂජිනී ගුණරත්නම්ය. ළමා වියේදී පවුල සමඟ නෝර්වේට සංක්‍රමණය වූ ඇය පසුව නෝර්වේ කම්කරු පක්ෂය හරහා දේශපාලනයට පිවිසියාය. ඇය නෝර්වේ වෙත පැමිණෙන්නේ 1991දී තුන් හැවිරිදි දරුවකු ලෙසය. ඒ වකවානුව උතුරේ යුද්ධය බිහිසුනු ලෙස ඇවිලෙමින් පැවති වකවානුවකි. පවුල මුලින් උතුරු නෝර්වේහි හැමර්ෆෙස්ට්හි පදිංචි වී පසුව ඔස්ලෝ වෙත ගියහ.

2007දී වයස අවුරුදු 19දී ඇය ඔස්ලෝ නගර සභාවට තේරී පත් වූවාය. 2015 සිට 2021 දක්වා ඔස්ලෝ නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස කටයුතු කළාය. 2021දී නෝර්වේ පාර්ලිමේන්තුව වන ස්ටෝර්ටිංට තේරී පත් වූ ඇය 2025-2029 කාලය සඳහා ද නැවත තේරී පත් විය. ඇය ඔස්ලෝ මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නීය. ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත්වීමට පෙර පාර්ලිමේන්තුවේ ප්‍රවාහන හා සන්නිවේදන කමිටුවේ පළමු උප සභාපතිනිය ලෙසද ඇය කටයුතු කළාය.

උටෝයා ඝාතනයෙන් බේරුණු ජීවිතයක්

ගුණරත්නම් 2011 උටෝයා සමූලඝාතනයෙන් බේරී ජීවත් වූ අයෙකි. එවකට කම්කරු පක්ෂයේ තරුණ කඳවුරකට පහර දුන් තුවක්කුකරුවකු විසින් සිදු කළ එම ප්‍රහාරයේදී 69 දෙනෙකු මිය ගියහ. ඇය එම දූපතෙන් ජලයට පැන පීනා බේරුණු බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ගැන පාර්ලිමේන්තුවේ කතා කළ අවස්ථාව

නෝර්වේ දේශපාලනයේ සිටියදීත් ඇය ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳ උනන්දුවක් දැක්වූවාය.

2026 පෙබරවාරියේ නෝර්වේ පාර්ලිමේන්තුවේ විවාදයකදී ඇය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉස්මතු කළාය. 1988දී යුද්ධයෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවේ තමා උපන් බව සිහිපත් කරමින් ඇය කතා කළාය. යාපනයේ චෙම්මනියේ මිනිස් ඇටසැකිලි සොයා ගැනීම ගැනත් ඇය විශේෂයෙන් සඳහන් කළාය. ගැටුම් කාලයේ අතුරුදන් වූවන් පිළිබඳ තවමත් නොවිසඳුණු ප්‍රශ්න ගැනත් ඇය අවධානය යොමු කළාය.

ප්‍රධාන අමාත්‍ය ස්ටෙරේ පැවසුවේ ගුණරත්නම් සිය දේශපාලන ජිවිතයේ වගකිම් නිසි ලෙස දැරූ බවත්, අනූන දේශපාලන කුසලතාවයකින් යුතු බවත්ය. දැන් රට එකට බැඳ තබන මාර්ග, දුම්රිය, මහජන ප්‍රවාහනය, ගුවන් සේවා සහ මුහුදු ප්‍රවාහනය පිළිබඳ වගකීම ඇයට පැවරෙන බව හෙතෙම කිවේය. ඇය උතුරු හා දකුණු නෝර්වේ යන දෙකෙහිම වැඩී ඇති බැවින් මුළු රටටම සේවය කරනු ඇති බවද ඔහු පැවසීය.

යාපනයේ උපන් දමිල පවුලක දරුවකු ලෙස යුද්ධයෙන් පලා ගොස් නෝර්වේහි වැඩුණු ගුණරත්නම් අද යුරෝපීය රාජ්‍යයක කැබිනට් අමාත්‍යවරියකි. ඇයගේ මෙම පත්වීම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දේශපාලනඥයකු විදේශ රාජ්‍යයක ඉහළම විධායක තලයට ළඟා වූ අවස්ථාවක් ලෙසද සැලකේ.