LSN News › Sri Lanka

රියාද් ගුවන් තොටුපොළට තවත් ප්‍රහාරයක්.. එක් අයෙක් මිය යයි: 11 කට තුවාලයි!

එකම සතියක් තුළ රියාද් ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් එල්ල වූ අවම වශයෙන් තුන්වන ප්‍රහාරය මෙයය. මෙම ප්‍රහාර මාලාව ඉරානය සම්බන්ධවන පුළුල් ගැටුම වඩාත් සංකීර්ණ කර තිබේ. මේ වනවිට රියාද් පවතිනේ යුද්ධයෙන් තිගැස්වුන තත්ත්වයකය. සාමාන්‍ය කටයුතු අඩාල වී තිබේ.

LSN Sri Lanka · 12 October 2026

රියාද් ගුවන් තොටුපොළට තවත්  ප්‍රහාරයක්..  එක් අයෙක් මිය යයි: 11 කට තුවාලයි!

සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (King Khalid International Airport) වෙත ඊයේ (11) දිනයේ එල්ල වූ තවත් ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි බලධාරීහු ප්‍රකාශ කරති.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යේමනයේ ඉරාන හිතවාදී හවුති කැරලිකරුවන් විසින් වගකීම භාරගන්නා ලද, පුද්ගලයින් 13 දෙනෙකුට ජීවිත අහිමි කරමින් 300 කට වැඩි පිරිසකට තුවාල සිදු කළ මාරාන්තික ප්‍රහාරයෙන් පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙනි.

යේමනයේ ක්‍රියාත්මක සවුදි නායකත්වයෙන් යුතු මිත්‍ර පාක්ෂික බලකායන් සඳහන් කළේ හඳුනානොගත් ප්‍රහාරයකින් ගුවන් තොටුපොළේ 4 වන පර්යන්තයේ (Terminal 4) ගිනිගැනීමක් හටගත් බවයි.

මෙයට අමතරව ගුවන් තොටුපොළ ආසන්නයේ දී කෲස් මිසයිලයක් (Cruise missile) විනාශ කිරීමට සවුදි ගුවන් ආරක්ෂක පද්ධති සමත් වී ඇති බවද වාර්තා වේ. එමෙන්ම රටේ නැගෙනහිර පළාතේ දී ඩ්‍රෝන යානයක් විනාශ කළ බවත්, ඛමීස් මුෂායිට් (Khamis Mushait) දෙසට එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් ද ගුවනේදීම වටලා විනාශ කළ බවත් සෞදි බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරිදා දින එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ සවුදි අරාබියේ පදිංචිව සිටි පාකිස්ථාන ජාතිකයෙකු බව සවුදි අරාබියේ සිවිල් ගුවන් සේවා ජෙනරාල් අධිකාරිය (GACA) තහවුරු කළේය. තුවාල ලැබූ 11 දෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර, ගුවන් තොටුපොළට සිදුව ඇති අලාභහානි පිළිබඳව බලධාරීන් තවදුරටත් පරීක්ෂා කරමින් සිටී.

සෙනසුරාදා ප්‍රහාරය

දශකයකට වැඩි කාලයකින් සවුදි අරාබියට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස සටහන් වූ සෙනසුරාදා ප්‍රහාරයෙන් පසුව ගුවන් තොටුපොළේ කටයුතු අත්හිටුවා තිබුණි. සෙනසුරාදා දින ප්‍රහාරය එල්ල වූයේ දේශීය ගුවන් ගමන් සඳහා භාවිත කරන මගී පර්යන්ත ප්‍රදේශයටය.

එම ප්‍රහාරයෙන් මියගිය අය අතරට සවුදි ජාතිකයින් සිව්දෙනෙකු ඇතුළුව බංග්ලාදේශය, ඇමරිකා එක්සත් ජනපදය, ඊජිප්තුව, ජෝර්දානය, පලස්තීනය, සිරියාව, සුඩානය සහ ඉන්දියාව යන රටවල වැසියන් ඇතුළත් විය. තුවාල ලැබූ 300 කට අධික පිරිසගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල විය. සෙනසුරාදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් ඉන්දීය ජාතිකයෙකු පසුව මියගිය බව ඉන්දීය තනාපති කාර්යාලය ප්‍රකාශ කිරීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගියේය.

හවුති හමුදා ප්‍රකාශක යහියා සරී (Yahya Saree) සෙනසුරාදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් කියා සිටියේ දම්මාම් (Dammam) හි පිහිටි ගුවන් තොටුපොළ සහ සවුදි ඇරම්කෝ (Saudi Aramco) තෙල් පහසුකම් මධ්‍යස්ථාන දෙකක් ද තම කණ්ඩායමේ ඉලක්ක බවට පත් වූ බවය. නැවත ප්‍රහාර එල්ල විය හැකි බැවින් සවුදි ගුවන් තොටුපොළවල් සහ ගුවන් සීමාව භාවිත කිරීමෙන් වළකින ලෙස හවුති සංවිධානය ගුවන් සමාගම්වලින් සහ මගීන්ගෙන් ඉල්ලා සිටියේය

එකම සතියක් තුළ රියාද් ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් එල්ල වූ අවම වශයෙන් තුන්වන ප්‍රහාරය මෙයය. මෙම ප්‍රහාර මාලාව ඉරානය සම්බන්ධවන පුළුල් ගැටුම වඩාත් සංකීර්ණ කර තිබේ. මේ වනවිට රියාද් පවතිනේ යුද්ධයෙන් තිගැස්වුන තත්ත්වයකය. සාමාන්‍ය කටයුතු අඩාල වී තිබේ.

සෞදි අරාබියේ සේවය කරන සහ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 180,000කට ආසන්නය. දෙවනුව වැඩිම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් වෙසෙන මැදපෙරදිග රට සෞදි අරාබිය ය. ඔවුන් ප්‍රධාන වශයෙන් රියාද් (Riyadh), ජෙඩා (Jeddah), සහ දම්මාම් (Dammam / Eastern Province) යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් පදිංචිව සිටිති.

මේ වනවිට ආරක්ෂිත පියවරක් ලෙස රියාද් නුවර පාසල් මාර්ගගත (remote learning) අධ්‍යාපන ක්‍රමයට යොමු කර තිබේ. බලධාරීන් අලාභහානි තක්සේරු කරමින් ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් සිටින බැවින් ප්‍රදේශයේ ආරක්ෂිත තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත මට්ටමක පවතී.