LSN News › Sri Lanka

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසගේ මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11 යළි කැඳවීමට නියෝග !

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව අද දින මෙම නඩුව සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කර නොතිබූ බැවින්, ඔහුව අද දින විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කරනු නොලැබීය.

LSN Sri Lanka · 29 October 2026

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසගේ මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11 යළි කැඳවීමට නියෝග !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 11 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් 'NR Consultancy' නැමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස නාමල් රාජපක්ෂට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ යන පිරිස නම් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ මෙම නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සැකකරුවන්ට අදාළව ගතයුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි.

එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බැවින් නඩුව යළි කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, පෙබරවාරි 11 වනදා නඩුව යළි කැඳවීමට නියම කළේය.